“මන්කිමෑන්” රූගත කිරීම් අවසන්

ජූලි 30, 2020

තරිඳු දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය "මන්කිමෑන්"හී රූගත කිරීම් කටයුතු අවසන් කර ඇත. එහි පසු සංස්කරණ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතියි. 

කොළඹ නාගරික පරිසරයේ ආර්ථික අපහසුතා සමඟ ජීවත් වන තරුණයෙකි. ආර්ථික අපහසුතාවල අන්තයටම පැමිණි පසු ඔහු මනුස්සයෙක් ලෙස ජීවත් වනවාට වඩා වඳුරෙකු ලෙස සොරකම් කර ජීවත් වීම වඩා හොඳ යැයි තීරණය කරයි. එසේ ජීවත් වන අතරතුර ජීවිතය සොයා යන තවත් වයස්ගත පුද්ගලයෙකු ඔහුට මුණගැහෙයි. ඔවුන් ජීවිතය සොයා යයිද? ඔවුන්ට හමුවන ජීවිතය කෙබඳුද? මන්කිමෑන් චිත්‍රපටිය නැරඹුවහොත් ඔබට එය පසක් වේ.

මන්කිමෑන්හී නිෂ්පාදන කර්තව්‍යය නිෂ්පාදන මඩුල්ලක් විසින් සිදු කර ඇති අතර එහි පිටපත තරිඳු දේශප්‍රිය සහ කලණ ගුණසේකර රචනා කර ඇත. කලණ ගුණසේකර, ලක්ෂ්මන් මෙන්ඩිස්, ලසන්ත ප්‍රමුදිත සිල්වා, තරිඳු ගමගේ යන රංගන ශිල්පීන් මන්කිමෑන්හි රංගනයෙන් දායක වේ.