තණමල්විලෙන් ඔබ්බට අන්තර්ජාල සංවාදයක්

ජූලි 30, 2020

තණමල්විලෙන් ඔබ්බට මැයෙන් සංවාදයක් එළඹෙන අගෝස්තු මස 02 වැනිදා සවස 3 ට අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙනු ඇත. අනෝමා රාජකරුණා, බූපති නලින්, කෞශල්‍යා කුමාරසිංහ, අතුල සමරකෝන්, ලහිරු ප්‍රියංකර සමඟ රොෂාන් රවීන්ද්‍ර ප්‍රමුඛ තණමල්විල කොල්ලෙක් නිර්මාණ කණ්ඩායම මෙයට සහභාගී වනු ඇත. ප්‍රියන්ත ෆොන්සේකා සංවාද මණ්ඩපය මෙහෙයවනු ලබයි. මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශයේ සංවිධානයකි.