ද නිවුස්පේපර් ගැන අනුරපුරේ කතිකාවක්

අගෝස්තු 6, 2020

ද නිවුස් පේපර් සිනමාපටයේ විශේෂ දැක්මක් ඉකුත්දා අනුරාධපුර විල්මැක්ස් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ සඳහා ආරාධිතයෝ සියයක් පමණ සහසභාගී වූ අතර සිනමාපටයේ ශිල්පීහු ද එක්ව සිටියහ. මෙම සිනමා දැක්ම අතුරතුරදී මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ බුද්ධදාස ගලප්පත්ති සිනමා කතිකාවක් ද පවත්වන ලදී. අනුරාධපුර කලාකරුවෝ සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කොට තිබිණ.