රහස් පරික්ෂක කතාවක් SHELEENA

අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක
අගෝස්තු 20, 2020

ෂෙලීනා හෙට එනම් 21 වැනිදා සිට තවත් සිනමාපටයක් තිරගතවීමට සූදානමිනි. ඒ ෂෙලීනාය. මෙම සිනමාපටය විසින් කොට තිබේ. චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක එකී නිර්මාණකරුවන්‍ ය. ඒය මොවුන්ගේ කුළුඳුල් සිනමාපටය දෙදෙනෙකු විසින් අධ්‍යක්ෂනය කරන ලද්දකි.මෙහි අධ්‍යක්ෂවරු දෙදෙනාගෙන් පූජිත සිනමාපටයේ බර පැන දරා තිබේ. එනම් ඔහු ෂෙලීනා නිෂ්පාදකවරයාය.

පූජිත, සිනමාශාලා කීයක ෂෙලීනා තිරගත වනවද?

මේක එන්නේ එල්.එෆ්.ඩී. මණ්ඩලයේ සිනමාශාලාවල. ඊට අමතරව තවත් මණ්ඩලවල ශාලා ලැබුණා. එහෙම බලනකොට ශාලා පනහකට අධික සංඛ්‍යාවක ශෙලීනා තිරගත වෙනවා.

ෂෙලීනා, දමිල භාෂිත පිටපතක්ද තිරගත කරන්න ඔබලා සැලසුම් කරලා තියෙනවා නේද?

ඔව්. ඒක තමා මෙහි තියන විශේෂත්වය. රූබි මාළිගාවත්ත, සමන්තා දෙමටගොඩ, කොන්කෝර්ඩ් දෙහිවල වගේ මේ ඒරියා එකේ තියන ශාලා කිහිපයකත්, යාපනයේ එම් සී එකෙත් ෂෙලීනා දමිල හඬකවපු කොපි එක තිරගත වෙනවා.

ෂෙලීනා චිත්‍රපටයේ පිටපතත් ඔබේ?

මේක සී.අයි.ඩී. කතාවක්. වසර පහළොවක් තිස්සේ මේ කතාව මගෙ මනසෙ තිබුණා. වාණිජ චිත්‍රපට හරි අඩුයි තැනෙනවා ලංකාවේ. ඉතින් මට ඕනේ වුණේ මිනිස්සුන්ට රසවිඳීන්න චිත්‍රපටයක් හදන්න.

ඔබ නිෂ්පාදනය කරන චිත්‍රපටයට තවත් අධ්‍යක්ෂවරයෙකු හවුල් කරගත්තෙ ඇයි?

මට හිතුණා තවත් කෙනෙක් සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න. චන්දන කියන්නේ අපේ ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් ඇති අයෙක්. එවන් කෙනෙකුගේ දායකත්වය ලබාගෙන මමත් අත්දැකීම් ගන්න තමා මේ නිර්මාණය කළේ.

ඔබ ක්ෂේත්‍රයට ආගන්තුකයි?

 

නැහැ. මගේ ගුරුවරයා තිස්ස අබේසේකර මහත්මයා. මම කලක් සහය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදන කලමනාකරුවෙකු විදිහට කලක් වැඩ කළා. පස්සේ මම වසර ගනනාවක් ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා. එහෙම හිටියේ නිෂ්පාදකවරයෙකු විදිහට එන්න ඕනේ නිසා. පසුගිය කාලේ මාව දකින්නට නැතුව හිටිය නිසා තමයි මාව අලුත් කෙනෙකු හැටියට දකින්නේ. ඒත් මම දිගු කාලයක් ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්.

ෂෙලීනා, නළුනිළියන් සහ නිෂ්පාදන පිරිවර මතක් කළොත්?

දිගු කාලෙකට පස්සේ ජීවන් කුමාරතුංගගේ රඟපෑම් දකින්න පුළුවන්. ඔහු සමඟ දිනෙත් ද සිල්වා, අමන්දා සිල්වා, අනූජ් රණසිංහ, වීනා ජයකොඩි, රොහාන් විජේතුංග, මනෝහාරි විමලතුංග, රෝහිත ඩයස්, දයාසිරි හෙට්ටිආරච්චි, සංජුල දිවාරත්න ඇතුළු පිරිස මෙහි රඟපානවා. නිරංග සංජීව කැමරා ඩිරෙක්ටර්, තාරක අධිකාරි අංගරචනයෙන් එකතු වුණා. ජනක ප්‍රදීප් කුමාරෙගේ කලා අධ්‍යක්ෂණයක්. රමෝද් මාලක නැටුම් අධ්‍යක්ෂවරයා. සුමුදු අමල්ක සටන් අධ්‍යක්ෂණයෙන් එකතු වුණා. සංස්කරණය ශබ්ද පරිපාලනය සහ වර්ණ සංයෝජනය දිලාන් ගුණවර්ධනගේ. ලසන්ත වීරසූරිය සංගීත නිර්මාණකරුවා. රූනි, රංග ප්‍රසාද්, රෙසන්ජනී තමෝද්‍යා එදිරිසිංහ ගායනයෙන් එකතු වුණා.