අංකුර කලාකරුවන්ට කැපිලි වැඩියි

An anatomist තනා කාන්ස් ගිය වින්ද්‍යා හාරිස්පත්තුව
අගෝස්තු 20, 2020

අධ්‍යක්ෂවරු ඇතිතරම් සිටිති. එහෙත් අධ්‍යක්ෂවරියන් ඇත්තේ   අතළොස්සකි. ඒ නාම ලැයිස්තුවට එකතු වූ නවතම තැනැත්තිය අපි සරසවියට කැඳවූයෙමු. නමින් ඇය වින්ද්‍යා හාරිස්පත්තුව වේ. ඇය කෙටි චිත්‍රපටයක් රැගෙන කාන්ස් සිනමා උලෙළෙට ගිය නිර්මාණයකාරියකි. ඒ පිළිබඳ විශේෂයෙන් මෙහෙදී කතාබස් කිරීමට නියමිතය.

වින්ද්‍යා, ඔබේ කෙටි චිත්‍රපටයේ නම සඳහන් කළොත්?

ඒද චදචබධථඪඵබ. ඒකෙ සිංහල තේරුම මිනී එම්බාම්කරන්නා. මේක මගේ පිටපතක්. චිත්‍රපටයේ දින එක මිනිත්තු පහළොවයි. මම මේක කළේ කාන්ස් චිත්‍රපට උලෙළ සඳහාම තමයි. රිචඩ් මානමුදලි   නිෂ්පාදනය රෙක්ස් ක්‍රිස්ටි ප්‍රනාන්දු, ප්‍රියානි දිසානායක මෙහි රංගනයෙන් දායක වුණා.

ඇයි ඔබ උලෙළක් නියෝජනය කරමින්ම නිර්මාණයක් කළේ?

මම ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරමින් සිටින විට මගෙ නිර්මාණ, මගෙ පිටපත් ගැන අගය කිරීම් ලැබුණා. ඒකත් එක්ක මට හිතුණා මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් කරන්න. අනික අපිට චිත්‍රපට ඉගෙන ගන්න තැනක් නැහැ. අපිම තමා ප්‍රායෝගිකව හදාරලා නිර්මාණ කරගෙන යන්න ඕනේ. මේ ෂෝට් ෆිල්ම් එකත් ඒ වගේ ප්‍රායෝගික හැදෑරීමක්. සම්මාන නෙවෙයි,කාන්ස් වගේ චිත්‍රපට උලෙළකට සහභාගී වීමම වටිනවානේ. මේ දිරිමත් වීම් නිසා මම මගේ ඊළඟ කෙටි චිත්‍රපටය පටන් ගන්නවා දෙසැම්බර් වල. ඒකත් අන්තර්ජාතික උලෙළ සඳහා ඇතුළත් කරන්න මම හිතාගෙන ඉන්නවා.

ඔබ වෘතාන්ත චිත්‍රපටයක් තනමින් නේද සිටින්නේ?

ඔව්. ඒකෙ නම ලවු ඉන් පැරිස්. ඒකේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා ඇතුළු ජනප්‍රිය නළුනිළියන් රඟපානවා. මේ දවස්වල චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුතු කරමිනුයි සිටින්නේ. සින්දුවල වැඩ ඉවරයි. තව ටික දවසකින් රූපගත කිරීම් ආරම්භ කරනවා. ප්‍රංශයේ පැරිස් නුවර තමා ලොකේශන් විදිහට අපි ගන්නේ.

කාන්තාවක් අධ්‍යක්ෂණයට පිවිසීම විරල කාරණයක්. තරුණියක් අධ්‍යක්ෂ පුටුවේ වාඩිවීම එක්තරා අතකින් අභියෝගයක් කියල සමහරු කියනවා?

ඒක අපි හදාගත්තු දෙයක් කියලයි මට හිතෙන්නේ. ඇයි අපිට බැරි. වෛද්‍ය වෘත්තියේ කාන්තාවෝ ඉන්නවානම්, පොලිස් වෘත්තීයේ කාන්තාවො ඉන්නවානම් ඇයි ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරියන් ඉන්න බැරි. මටනම් කිසිදු අභියෝගයක් නැහැ මේක ඇතුළේ. ඒත් යම් යම් කැපිලි කෙටිලිනම් තියෙනවා.

ඒ කිව්වේ?

අපි තවම අංකුර කලාකරුවොනේ. එහෙම අයට මතුවෙන්න දෙන්නේ නැහැ සමහරු. ලද ඇසිල්ලෙන් නැතිකරලා දාන්න හදන්නේ. ඒවාට ශක්තිමත්ව මුහුණ දෙනවා. මොනදේ වුණත් මගේ ගමන මම යනවා. ආත්ම විශ්වාසය ඇත්නම් ඕනම දෙයක් කරන්න පුළුවන්.

ඔබ ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අන්දම මතක් කරමු?

මම එන්නේ මාධ්‍යවේදිනියක්,ලේඛිකාවක් විදිහට. ගීත කිහිපයක් එහෙමත් ලිව්වා. මගේ මූවි එකේ සින්දුත් මම ලිව්වේ. ඉස්කෝලේ කාලේ රඟත් පෑවා. පසුව තමයි අධ්‍යක්ෂණට පිවිසුනේය.

දැනුත් රඟපාන්න කතා කරනවා ඇති?

ඔව්. ආරධනා ලැබෙනවා. ඒ විෂයට වඩා මම ප්‍රියයි නිර්මාණකාරිනියක් විදිහට ජීවිතේ දකින්න.

ඔබේ ගම කොහෙද?

මං නුවර.

ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

මම ඉස්කෝල දෙකකට ගියා. නුවර ගෝතමී සහ ශාන්ත අන්තෝනි තමයි ඒ පාසල්.

ලංකාවේ සිනමාව ඔබ දකින්නේ කොහොමද?

අපේ වැඩිවශයෙන් තියෙන්නේ කොපි පේස්ට් සිස්ටම් එකනේ. සමහරු දකුණු ඉන්දියාවේ ඒවා එහෙම්මම කොපි කරනවා. එහෙම නෙවේ අලුත් දෙයක් කරන්න. එතකොට තමා පැවැත්ම තියෙන්නේ.