ආචාර්ය ජයලත් මනෝරත්න විශිෂ්ට රංගනයක යෙදුණු මිස් ජෙනිස් 25 දා

සැප්තැම්බර් 10, 2020

නැසීගිය විශිෂ්ට රංගධර ආචාර්ය ජයලත් මනෝරත්න කාන්තාවක සේ රංගනයේ යෙදෙමින් ජනතා  අවධානයට පාත්‍ර වූ මිස් ජෙනිස් සිනමාපටය මෙම මස 25 වැනිදා   සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිතය. ඉසුරුයෝගය, එකට ගැටුම, මනෝකාය, ඉසුරුභවන ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක් නිරමාණය කළ සුසිරන් ද සිල්වා මිස් ජෙනිස් සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. මෙය ඔහුගේ  කුලුඳුල්  සිනමාපටයයි. වෝල්ටර් අබේසුන්දර නිෂ්පාදනය කළ මිස් ජෙනිස් සිනමාපටයේ මනෝරත්න සමඟ ජයලාල් රෝහණ,  දුලීකා  මාරපන, ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, රොෂාන් රණවන, උදාරි පෙරේරා, ඇන්ජලෝ බාන්ස්,  ඕෂධී හිමාෂා සහ මාධනී මල්වත්ත රංගනයෙන්  දායක වෙති.