සරසවිය ස්කෝප් සිනමා සොම්නස සමාරම්භක උලෙළ

සැප්තැම්බර් 10, 2020

සරසවිය - ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට දැක්මෙහි සමාරම්භය පසුගියදා (04) සන්ධ්‍යාවේදී කොල්ලුපිටිය ලිබර්ටි ස්කෝප් සිනමාහලේදී පැවැත්විය. 

 ලේක්හවුස් ආයතනයේ සභාපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, ස්කෝප් සිනමා සමූහයේ සභාපති නවීඩ් කාදර්, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් මීමනගේ, අලෙවි හා නිෂ්පාදන කළමනාකරු ජයරන්ත ගලගෙදර යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා එක්වූහ. 

සරසවිය - ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට දැක්මෙහි තිරගත වන චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් වන ජයන්ත චන්ද්‍රසිරි (මිදුණු විශ්වය), ගිරිරාජ් කෞෂල්‍ය (කතුරු මිතුරු), චන්න පෙරේරා (යුගාත්‍රා), සුසිරන් ද සිල්වා (මිස් ජෙනිස්), උදයකාන්ත වර්ණසූරිය (ගින්දරී 3) යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. 

එදින තිරගත වුණු “මිදුණු විශ්වය” සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න ඇතුළු චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් ද මෙම සිනමා සැදෑව සඳහා සහභාගී වුණු අතර රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ පසුව ඔහු රංගනයෙන් දායක වී තිරගත වන පළමු චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි. 

කොරෝනා සමයෙන් පසුව ප්‍රථමවරට චිත්‍රපටියක් සඳහා ඩධභඵඥටභත පුවරුව මෙම චිත්‍රපටය සඳහා නිරූපණය කිරීමට ලැබීම තමා ලද භාග්‍යයක් බවත් ලාංකේය සිනමා කර්මාන්තයම ඉදිරි කාලයේදී ඩධභඵඥටභත වනු දැකීම තම අභිලාෂය බවත් මෙහිදී අදහස් දක්වමින් මිදුණු විශ්වය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

සැප්තැම්බර් 4,5,6,7,8 යන දිනවලදී සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපටි දැක්ම පැවැත්වුණි උලෙළේ නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දෙරණ මධ්‍ය ජාලය විසින් ලබාදුනි.

මෙහි තවත් ඡායාරූප ලබන සතියේ පළ වේ.