ගින්දරී 3 කැන්ගරු දේශයේ ප්‍රවේශපත්‍ර සියල්ල අවසන්

දෙසැම්බර් 17, 2020

උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 සිනමාපටයේ ප්‍රථම අන්තර්ජාතික ප්‍රදර්ශනය මෙම මස විසි වැනිදා සවස හතට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර mill park සහ narre warren යන ශාලාවන්හී සිදුවේ. මෙම දර්ශනවාරයන්හී සියලු ටිකට් ඔන්ලයින් ක්‍රමය බෙදාහරින ලද අතර මේ වනවිට ඒ සියල්ල විකිණි අවසන් බව අධ්‍යක්ෂක උදයකාන්ත සරසවියට දැනුම් දෙයි.

පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා රොඩ්නි වර්ණකුල ඇතුළු නළු නිළියන් රැසක් චරිත රංගනයේ යෙදෙන ගින්දරී 3 සිනමා පටය අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.