තිරගත කළ චිත්‍රපට

ජනවාරි 7, 2021

2020 වසරේදී චිත්‍රපට 12 ක් තිරගත වූ අතර නවක සිනමා අධ්‍යක්ෂවරු අට දෙනෙකු කලඑළියට පැමිණියෝය. සුජීව ප්‍රියාල්, චින්තන ධර්මදාස, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, කුෂාන් වීරරත්න, චන්දන එදිරිසිංහ, පූජිත ගුණතිලක, සුසිරන් ද සිල්වා එකී අධ්‍යක්ෂවරුන්ය. එමෙන්ම ලාංකේය සිනමා ඉතිහාසය ඉතා දිගු කාලයක් චිත්‍රපටශාලා වසා තිබුණේ ඉකුත් වසරේදීය. දින 183ක් නිළ වශයෙන් චිත්‍රපටශාලා වසා තිබුණේ කොරෝනා වසංගතයේ හේතුවෙනි.2020 තිරගත වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට නාමාවලිය මෙසේය..

 

(1). ජනවාරි 16 - EAP: සුනාමි - සෝමරත්න දිසානායක

(2). පෙබරවාරි 07 - CEL: ද හෝර්න් - සමීර වක්වැල්ල

(3). පෙබරවාරි 14 - RITHMA: සුපර්ණා - සුජීව ප්‍රියාල්

(4). පෙබරවාරි 20 - LFD: සේද මාවතේ - හර්ෂ උඩකන්ද

(5). මාර්තු 05 - MPI: ඊතලය - නාලක විතානගේ

(6). මාර්තු 13 - CEL: ඇවිලෙන සුළුයි - චින්තන ධර්මදාස

(7). ජූලි 2 - EAP: ද නිව්ස්පේපර් - සරත් කොතලාවල, කුමාර තිරිමාදුර

(8). ජූලි 17 - CEL: සූස්ති - කුෂාන් වීරරත්න

(9). අගෝස්තු 21 - RITHMA: පාංශු - විසාකේස චන්ද්‍රසේකරන්

(10). අගෝස්තු 21 - LFD: ෂෙලීනා - චන්දන එදිරිසිංහ, පූජිත ගුණතිලක

(11). සැප්තැම්බර් 24 - EAP: රූකඩ පැංචි - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ

(12). සැප්තැම්බර් 25 - RITHMA: මිස් ජෙනිස් - සුසිරන් ද සිල්වා