සෙවණැල්ලෙන් වැසෙන අබිරහස

පෙබරවාරි 18, 2021

 

මේඝ

 

සේනක විජේසිංහගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය

ගමක් කියා කට පුරා කිව හැකි සුන්දර ගමකි. සාමකාමීව දිවි ගෙවූ ගැමියෝ ගොවිතැනක් බතක් කොට බඩවියත සරි කොට ගත්තෝය. මෙලෙස කාලය ගතවෙද්දී තව නොබෝ දිනකින් මේ ගම භීතියේ අඳුරු සෙවනැලිවලින් වැසී යන බව කිසිවෙකුත් දැන සිටියේ නැත. ගමේ තරුණියන් අතුරුදන් වන්නට පටන් ගත්තෝය. ඔවුන්ගේ මළසිරුරු තැන තැනින් හමුවිය. කිසිවෙකුටත් කිසිම සාක්ෂියක් ඉතිරි නොවන පරිදි සූක්ෂ්මව මේ අපරාධය දිගින් දිගටම සිදුවිය. මේ ගමට අයත් දේශපලානඥයෙකි. ඔහු නමින් නිමල් රන්තිලකය. මතුපිටින් බොහොම සැදැහැවත් චරිතයක් වූ හෙතෙම ගම්මුන්ගේ ගැටලුවලදී නිතැතින්ම මැදිහත් විය. ගමේ මිනී මැරුම් වැඩි වෙද්දී මේ ප්‍රදේශය බාරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණෙයි. ඔහු සූරියයි. මේ පිළිබඳ දිගින් දිගටම සොයාබලන ඔහුට දැනගන්නට ලැබෙන්නේ සියලු අකටයුතුකම් පිටුපස සිටින්නේ නිමල් රන්තිලක බවය. සූරිය ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වන්නට පටන්ගනියි. ඔය අතර ගමේ වෙසෙනා වාමාංශික අදහස් දරන අයෙකු වූ ලසන්ත සූරියට උදවු කරන්නට ඉදිරිපත් වේ. එහෙත් කෙටි කලකින් ලසන්තද ඝාතනයට ලක්වේ. සූරිය තමන්ගේ විමර්ශන දැඩි කරයි. නිමල්ද අඩියක් හෝ පස්සට ගත්තේ නැත. සූරියට එරෙහිව පෙත්සම්ද ගැසුවේය අවසනදී සූරිය පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිස් නිලධාරියෙකු පැමිණෙන්නේය. ඔහු ධනුෂ්කය. කඩවසම් තරුණයෙකු වූ ධනුෂ්ක සූරියට සමීප වන්නේ තවත් හේතුවක් මතය. ඒ සූරියගේ නංගි, මල්ශාට හිතවත් වීමටය. සුරූපී තරුණියක් වූ ඇය පෙම්වතිය කරගැනීමට ධනුෂ්ක මහත්වූ බලාපොරොත්තු තබා සිටියි. මේ අතර ධනුෂ්ක කොළඹට වාර්තාවක් යවයි. ඒ සූරියා රාජකාරිය අකුරට ඉටු කරන නිලධාරියෙකු කියාය. එහෙත් එලෙස කියනුයේ මල්ශා නිසා බව තවත් පිරිසකට වැටහෙයි.. මේඝ සිනමා සිතුවමේ කතා සාරංශයයි ඒ. නළුවෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සේනක විජේසිංහ නිර්මාණය කළ එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

 

 

මේඝ සිනමාපටයේ නළුනිළියන්.

සේනක විජේසිංහ, සචිනි අයේන්ද්‍රා, සම්පත් ජයවීර, බුද්ධික ජයරත්න, අනූජ් රණසිංහ, දුෂේනි මියුරංගි, නිරෝශන් ඉලේපෙරුම, කුමාර වඳුරැස්ස, සරත් දික්කුඹුර, උපුල් ගුණවර්ධන.

(ගරු රංගනය) අමරසිරි කලංසූරිය, චින්තක කුලතුංග

 

කැමරා අධ්‍යක්ෂණය - විශ්ව බාලසූරිය

සහාය අධ්‍යක්ෂණය සහ තිර රචනය - සුදත් දෙව් පතිනායක

සංස්කරණය -අනුර බණ්ඩාර

අංගරචනය - වසන්ත ගුණසේකර

සංගීතය - ලස්සන ජයසේකර

කලා අධ්‍යක්ෂණය - ශ්‍රියන්ත

නිෂ්පාදන කලමනාකරණය - මංජුල තිලකානන්ද

ගායනය - උරේශා රවිහාරි, අමිලා නදීශානි, පවන් මල්ලවාරච්චි, සේනක විජේසිංහ

නිෂ්පාදනය - ප්‍රියදර්ශනී දැඩිගම