අපොන්සු ගැන අලුත් ආරංචියක්

නොවැම්බර් 8, 2018

ජයසේකර අපොන්සු ඊයේ පෙරේදා දිනෙක හිස බූ ගෑවා. ප්‍රීතිරාජ් වීරරත්නගේ නවතම සිනමාපටය වෙනුවෙන් තමයි ඔහු මෙහෙම තට්ටෙ ගා ගත්තේ. අපොන්සු ගැන පුංචි පුංචි ආරංචි ගොඩක් තියෙනවා. කරවල බිස්නස් එකක් නිසා ඔහු ගැන මුළු රටම කතා කරන්නට පටන් ගත්තනෙ. සමහරු ඔහුට තැන් තැන්වල බැන්නා. අපොන්සු කියන විදිහට මුහුණට නම් මුකුත් කියලා නැහැ. ඒ අපේ අයගේ හැටිනෙ. කලාකරුවකු කරවල බිස්නස් එකක් කරන නිසා තමයි මේ දෝෂාරෝපණය. මේ අලකලංචි මැද අපොන්සුගේ ජීවිතයේ වෙනසක් වෙන්න යනවා කියලා ආරංචියි. ඔහුගේ ජීවිතයට අලුත් තැනැත්තියක් එකතු වෙන්න යනවලු. ඒ ගැන වැඩි විස්තර අපොන්සු කාටවත් වැඩිය කියන්නේ නැහැ. ඉදිරියේදී අප ඒ විස්තර ගෙන එන්නම්. මේ දෙන්නා මේ දිනවල සතුටින් කල් ගෙවන බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.