Avatar චිත්‍රපට පෙළක්

නොවැම්බර් 9, 2018

ජේම්ස් කැමරන් විසින් 2009 වසරේදී Avatar චිත්‍රපටය නිර්මාණ කළේ සජීවීකරණ තාක්ෂණය හා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග භාවිතයේද නව පිටුවක් පෙරළමින්. අමෙරිකානු ඩොලර් මිලියන 237ක පිරිවැයකින් නිර්මාණය වූ Avatar චිත්‍රපටය අමෙරිකානු ඩොලර් බිලියන 2.788ක ආදායමක් වාර්තා කළේ ලොව වැඩිම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ අංක එකට පැමිණෙමින්. චිත්‍රපටය ලද ආදායම් වාර්තා සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර එහි දෙවැන්නක් පිළිබඳ බලාපොරොත්තු ඇති කළා.එය යථාර්ථයක් බවට පත් කරමින් 2017 වසරේ අගෝස්තු මසදී Avatar 2 හි රූගත කිරීම් ආරම්භ කෙරුණා. Avatar: The Way of Water ලෙසින් නම් කර ඇති එය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත කරන්න සූදානම් බව නිවේදනය කළා. එපමණක් නොව එහි තවත් චිත්‍රපට තුනක් නිර්මාණය කිරීමට නියමිත බව හොලිවුඩ් පුවත් ගෙන එනවා. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් මේ පිළිබඳව වැඩි යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින අතර එම චිත්‍රපට Avatar: The Seed Bearer, Avatar: The Tulkun Rider,Avatar: The Quest for Eywa ලෙසින් නම් වනු ඇති බවත් වාර්තා වෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.