නානාගේ තැන රානාට

නොවැම්බර් 10, 2018
ඉන්දීය නිරූපිකාවක සහ නිළියක වන තනූශ්‍රී දත්තා ප්‍රවීන නළු නානා පටේකර් Hork Ok Please දර්ශන තලයේදී තමාට අතවර කළ බවට ප්‍රකාශ කරමින් ලිංගික අපචාර චෝදනා එල්ල කළා. මේ සමඟින් ලිංගික අතවර කිරීම් සම්බන්ධ චූදිතයන් හෙළිකිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වන 'මී ටු' ඔස්සේ බොලිවුඩයේ ජනප්‍රිය නිර්මාණකරුවන් රංගන ශිල්පීන් චෝදනා ලබන විටදී සිනමා කර්මාන්තයේ කටයුතු ද අඩාල කෙරුණා.
 
නානා පටේකර් ලද චෝදනාව සමඟින් ඔහු චරිත නිරූපණයට නියමිතව තිබූ Housefull 4  චිත්‍රපටයේ නිර්මාණ කටයුතු තාවකාලිකව අත්හිටුවන්ට සිදු වුණා. එපමණක් නොව එහි අධ්‍යක්ෂවරයා සජීඩ් ඛාන් ද මී ටූ චෝදනාවට ලක් වූයෙන් Housefull 4  චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඔහු ඉවත් කර Housefull 3 අධ්‍යක්ෂණය කළ ෆර්හාඩ් සම්ජි වෙත භාර කෙරුණා. 
 
ප්‍රධාන නළු අක්ෂේ කුමාර් ද මෙම සියලු ප්‍රශ්න නිරාකරණය කෙරෙන තෙක් රූගත කිරීම්වලට දායක නොවන බව ප්‍රකාශ කළා. එහි නානා පටේකර් විසින් නිරූපණය කළ චරිතයට රානා දන්ගුභාති යොදා මේ වන විට එහි රූගත කිරීම් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව ආරංචියි. තෙළිඟු, දෙමළ සහ හින්දි සිනමා නිර්මාණ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී ඇති 33 හැවිරිදි රානා දන්ගුභාතිගේ රංගනය Baahubali චිත්‍රපටයේදී කැපි පෙනුණා. 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.