ඉර්ෆාන් Hindi Medium 2 සමඟින්

නොවැම්බර් 13, 2018
 
ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගන්නා දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයක් තම සෞඛ්‍යයට හානි කරමින් සිටින බව ඉර්ෆාන් ඛාන් මීට මාස කිහිපයකට පෙර මාධ්‍යයට හෙළි කළා. පසුගිය ජූලි මාසයේදී ඔහු ලන්ඩනය කරා ගියේ ඒ වෙනුවෙන් වන ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. අසනීප තත්ත්වය නිසා ඉර්ෆාන්හට Blackmail චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු වෙනුවෙන්ද  දායක වීමට අවස්ථාව ලැබුණේ නැහැ. මීළඟට ඔහුගේ රංගනය දකින්න ලැබුණේ අගෝස්තු මස තිරගත කෙරුණු Karwaan චිත්‍රපටයෙන්. 
 
අලුත්ම ආරංචිය නම් ඉර්ෆාන් මේ වන විට බොලිවුඩ් වෙත පැමිණීමට සූදානමින් සිටින පුවතයි. එය වැඩිකල් නොගොස් ඉටුවනු ඇති බවත් වාර්තා වෙනවා. ඉහළ ආදායම් වාර්තා මෙන්ම සම්මානයන්ට පාත්‍ර වූ Hindi Medium චිත්‍රපටයේ දෙවැන්න සමඟින් ඉර්ෆාන් නැවතත් බොලිවුඩ් රිදී තිරයට එක්වන බව එම පුවතින් ගෙන එනවා. මුල් කතාවෙන් වසර 10කට පසු සිදුවීම් පෙළක් සමඟින් ලබන දෙසැම්බර් මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ කරන්නට නියමිතයි. මාපිය යුවලක් තම දියණිය ජනප්‍රිය පාසලකට ඇතුලත් කිරීමට ගන්නා වූ වෙහෙස Hindi Medium චිත්‍රපටයේ දැක්වුණා.
 

Add new comment