කුමාරයන්ගේ ඉල්ලන් කෑම

දෙසැම්බර් 7, 2018

අප රංගන ක්ෂේත්‍රයේ කුමාරලා කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ කියන්න හදන්නේ ඒ අතරින් තෝරා ගත් කුමාරලා දෙන්නෙකුගේ කතාවක්. මේ ඩබලට සිද්ධ වුණු අලකලංචිය වුණේ එකම තැන එකම වෙලාවේ. ඒකත් වැදගත්නෙ. ඊට කලින් කියන්නම් මේ කුමාරලා දෙන්නා කවුද කියලා. එක් කෙනෙක් තමයි කුමාර රණපුර. අනෙක් කෙනා කුමාර වඳුරැස්ස. ඔවුන් ඉකුත් දවසකදී ප්‍රමිලා සුරංගනී නමැති නව පරපුරේ රංගන ශිල්පිණියගේ උපන් දින උත්සවයට සහභාගී වුණා. උපන් දින කේක් එක කපලා ප්‍රමිලා එතැන සිටි හැමෝටම කැව්වා. ඒත් ඇයට සිදුවුණු අත් වැරැද්දකින් කුමාර රණපුරටයි කුමාර වඳුරැස්සටයි කේක් කවන්න බැරි වුණා. කුමාරලට ටිකක් අප්සට්. එතැන සිටිය අයට කේක් කැව්වට පස්සේ කුමාරලා දෙන්නා ප්‍රමිලා ගාවට දුවලා ගියාලු. ඊට පස්සේ කවන්න අපිටත් කියලා බලෙන්ම කේක් කවා ගත්තලු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.