ශාරුක්ගේ ජුලියට්

දෙසැම්බර් 7, 2018

බොලිවුඩයේ කිං ඛාන්, ශාරුක් මේ දිනවල නවතම චිත්‍රපටය සීරෝ හි වැඩකටයුතුවලට තමයි වැඩි කාලයක් වෙන් කරලා තිබෙන්නේ. ඒ නමුත් සිය දරුවන්ගේ වැඩකටයුතු වලටත් පූර්ණ අවධානය යොමු කරන්න තාත්තා කෙනෙක් විදියට අමතක කරන්නේ නැහැ.

පසුගිය දවසක ලන්ඩනයේ ඉගෙනුම ලබන දියණිය සුහානා වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. ගහේ කටු උල් කරන්න වුවමනා නැහැනේ. තාත්තාගේ රංගන කුසලතාව දියණියටත් පිහිටලා වගෙයි.

සුහානා ඛාන් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ රෝමියෝ ජුලියට් නාට්‍යයේ ජුලියට්ගේ චරිතයට යි. ශාරුක් දියණියගේ රංගනය දැකලා හරිම සතුටින් සිටින්නේ. ඔහු දියණිය සමඟ ගත් ඡායාරූපයක් ට්විටර්හි පළ කළේ සුබ පැතුම් සමඟින් මගේ ජුලියට් ලෙස සටහන් කරමින්.

18 හැවිරිදි සුහානා බොලිවුඩයට පැමිණෙනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියත් මේ දක්වා කිසිම ඉඟියක් පළ වුණේ නැහැ. "සුහානාට නිළියක් වීමේ ආසාව තියෙනවා. මම ඇය තුළ ඒ වෙනුවෙන් උද්යෝගයක් දකිනවා.

වේදිකාව මත ඇයගේ රංගනය අතිශයින්ම හොඳයි, මම ඇයගේ දක්ෂතා දැක්කා" දියණියගේ රංගනය ගැන ශාරුක් පවසන්නේ, මෙවැන්නක්. ඇය නුදුරු අනාගතයේදී බොලිවුඩයට පැමිණෙනු ඇති බවට මේ පුවත කදිම සාක්ෂියක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.