වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
මවක වෙසින්

ගයාන්ගෙත් චතුරිකාගේත් එක ගෙයි කුරුල්ලන් රූගත වෙයි. ඔවුන් දෙදෙනාට මවක් පියෙක් ලෙසට ඔවදන් දෙමින් මවකගෙන් විය යුතු වගකීම් හා ආශිර්වාද ලබාදීමට නෙතලි නානායක්කාර අමතක නොකළාය. එහි පැමිණ සිටි සියලු දෙනාම මේ සුන්දර අවස්ථාව සමරු සටහන් මුහුණු පොතට එක් කර ගත්හ.
නව වසරට සෙල්ෆියක්
රොහානිත්, නුවන්ගිත්, ගයනාත්, දිනූෂාත් 2019 වසර ලබන මොහොතේ පසුගිය වසරේ මතක සැමරුමක් ඉතිරි කරගන්නට අමතක නොකළහ. ඒ තම සෙලියුලර් දුරකතනයෙන් සෙල්ෆියක් ගෙන මුහුණු පොතට යැවීමටය.
ප්‍රවීණයන් එකම තැනක
ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියත් පසුගිය දා රීගල් සිනමා ශාලාවේදී හමු වී මේ කතබහක යෙදුනේ රංගනයක් ගැනද? විචාරයක් ගැනද මේ සංවාදයේ යෙදෙන්නේද? නිෂ්පාදන කළමණාකරු නිහාල් සංජය ඇස් පියාගෙන කතාවට කන් දුන්නාද? නැද්ද?
සමාලෝචනය සුන්දරයි
වී. සිවදාසන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘දෙවැනි යුද්ධය’ පසුගිය දින වැඩ නිම විය. එහි රංගනයෙන් දායක වන පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, දමිතා අබේරත්න මේ අලුත් සිනමාපටයට එකිනෙකට වෙනස් චරිත තුනක් ඔස්සේ දායක වේ. .
අපි එකම රෑනේ කුරුල්ලෝ
පසුගිය දින තරංගනී සිනමා ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගියා. ඒ අනුරුද්ධ ජයසිංහයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ගින්නෙන් උපන් සීතල’ නැරැඹීමටයි. එහි පැමිණි සිනමා අධ්යක්ෂවරුන් අති බහුතරයකි. ඒ අතර එකම පෙලකට අසුන්ගෙන සිටි ප්‍රසන්න ජයකොඩි, සුදත් මහදිවුල්වැව, විමුක්ති ජයසුන්දර, සෙනෙෂ් දිසානායක, ශාන්ත බංඩාර, ප්‍රියන්ත කලුආරච්චි, අශෝක හඳගම, හෙක්ටර් කුමාරසිරි සහ ප්‍රවීණ සිනමා විචාරක මහාචාර්ය පැට්රික් රත්නායකත් මගේ නෙතට හසු කරගන්නට හැකි විය. මෙවැනි දුර්ලභ මොහොතක් ඡායාරූපයකට නැඟෙන්නේ ද කලාතුරකිනි. ඒ සොඳුරු දිනයේ ඔවුන් සියලු දෙනා තම සහෝදර අනුරුද්ධට සුභපතන්නට තම ක්ෂේත්රය වෙනුවෙන් පැමිණීම කෙතරම් වටීද?
නිශ්ශංක විජේරත්න