සුරතින් සඳුන් හර

ජනවාරි 10, 2019

තනුජා ජයවර්ධන ගැන නොදන්නා රහසක් හෙළි කරන්නයි හදන්නේ. ඇය පිළිබඳ මේ කතාව පළමු වතාවටයි මාධ්‍යකට මේ කියන්නේ. ඒක තරමක සංවේදී එකක්. තනුජාගේ දකුණු අතින් ඇය වැඩිය වැඩ කරන්නේ නැහැ. බරක් එහෙමත් ඔසවන්න අපහසුයි. මේ පිළිබඳ දන්නේ ඇයගේ සමීපතමයන් පමණයි. තනුජාට එහෙම වෙලා තියෙන්නේ ඇය මුහුණ දුන් භයානක අත්දැකීමක් නිසයි. ඇය නිවේදිකාවක විදිහට විවිධ වැඩසටහන් මෙහෙය වූවා. ඒ හින්දම ඇයට රට වටා යන්නත් සිදු වුණා. එහෙම අවස්ථාවක තනුජා පොළොන්නරුවට ගියා. එහිදී රූපගත කිරීම තිබුණු තැන අඩි අටක පමණ උඩකට නැගලා වැඩසටහන ගෙන එන්න කියලයි උපදෙස් ලැබුණේ. තනුජා වහ වහා ඊට නැංගා. ඇය එතැන ඉඳගෙන වැඩසටහන පටන් ගන්න හැදුවා. ගත වුණේ සුළු මොහොතයි. සමබරතාවය ගිලිහුණා. ඇයව බිම ඇද වැටුණේ කිසිවෙකුටත් උදව්වක් දිය නොහැකි අන්දමිනුයි. තනුජගේ දකුණු අත උරහිසින් පැන්නා. ඇඟපතම තුවාල වෙලා ලේ ගලන්නට පටන් ගත්තා. නිෂ්පාදන කණ්ඩායම යුහුසුලුව ඇය ගමේ වෙද නෝනා කෙනෙකු ගාවට එක්කගෙන ගියා. වෙද හාමිනේ වහාම ඇගේ අත හරිගස්සලා පොළොන්නරුවේ මහ රෝහලට ඇතුළත් කරන්නට කිව්වා. මාස ගණනාවක් තෙල් බෙහෙත් කරලයි ඇය යථා තත්ත්වයට පත් වුණේ. අතපය හොඳ වුවත් දකුණු අතට සිදු වූ හානිය නිසා තනුජා අදටත් වන්දි ගෙවනවා. ඇයට තවමත් දකුණු අතින් ලොකු වැඩක් කරන්න අපහසුයි. ඇයට මේ අලකලංචිය වුණේ ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩකරන්න ගිහින්. කෙසේ වෙතත් ඇය අභියෝග බාරගන්න එක නම් නවත්වලා නැහැ. ඒ තනුජගේ හැටි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.