රජිනි යළිත් පොලිසියට

ජනවාරි 24, 2019

මේ දිනවල රජිනිකාන්ත්ගේ නවතම සිනමාපටය ර්‍ථඥබබච ලොවපුරා තිරගත කෙරෙනවා. ඒ සමඟින් ඔහුගේ මීළඟ සිනමාපටය ගැනත් අන්තර්ජාලයේ කතාබහක් ඇති වෙලා. Ghajini,Thuppakki, Kaththi,Sarkar වැනි සාර්ථක සිනමා නිර්මාණ ගෙන ආ ඒආර් මුරුගදෝස් විසින් එය අධ්‍යක්ෂණය කරන්න නියමිත බවත් දේශපාලනමය කතා තේමාවක් ගෙන එන කතාපුවතක් එහි ඇතුළත් බවත් එම පුවත් වාර්තා කළා. අධ්‍යක්ෂ මුරුගදෝස් පවසා සිටින්නේ, මෙය බෙහෙවින් විනෝදජනක චිත්‍රපටයක් වනු ඇති බවයි. රජිනිකාන්ත් සේම මුරුගදෝස්ගේ සිනමා නිර්මාණ මේ වනවිට ලබා ඇති සාර්ථකත්වය මත රජිනිකාන්ත් සහ මුරුගදෝස් සුසංයෝගය දකුණු ඉන්දීය සිනමාවේ සුවිශේෂි පෙරළියක් කරනු ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නක්. මෙම චිත්‍රපටයේ රජිනි පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන බවත් මේ වන විට සමාජජාලා මාධ්‍ය ඔස්සේ පැතිරි යනවා. රජිනි මීට පෙර Moondru Mugam(1982), Kodi Parakuthu (1988) වැනි චිත්‍රපටවල පොලිස් නිලධාරියෙකුගේ චරිත නිරූපණය කළා. එම චිත්‍රපට ද වාණිජ අතින් සාර්තක චිත්‍රපට වීමත් විශේෂයි. මේ අලුත් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන්න නියමිතව තිබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී යී.

Add new comment