භාතියගේ ගුරු පූජාව

පෙබරවාරි 7, 2019

භාතිය ජයකොඩි කියන නාමය පෑහුණේ සන්තුෂ් එක්ක. ඔවුන් දෙදෙනා පටන් ගත් ගමනට අද වන විට වසර විස්සකුත් සපිරිලා. භාතිය කොළඹ ආනන්දයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. පාසැල් වියේ පටන්ම ඔහු සංගීතයට ඉතාම ළැදිවයි කල් ගෙව්වේ. පසුකාලිනව ලංකාවේ නමගිය කලාකරුවෙකු වුණාට භාතිය තම ඉගෙන ගත් පාසල වෙනුවෙන් පෙනී සිටින්න දෙවතාවක් හිතුවේ නැහැ. ඒ නිසයි ඔහු මෙම මාසයේ ආනන්දයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන මේ 23 වැනිදා නෙළුම් පොකුණේ පැවැත්වෙන අති දැවැන්ත සංගීතමය ප්‍රසංගයට දායකත්වය සපයන්න හිතුවේ. ආනන්දයේ සෙවණේ හැදී වැඩුණ ඔහු සමඟ තවත් නව පරපුරේ තරු රැසක් එම ප්‍රසංගයට එකතුවීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.