ප්‍රියංකාගේ ඉටි රුවක්

පෙබරවාරි 14, 2019

පසුගිය කාලයේ ප්‍රියංකා චොප්රාගේ ජීවිතයේ වෙනස්වීමක් සිදු වුණා. ලෝ පුරා කාගේත් අවධානය යොමු වුණේ අමෙරිකානු ජාතික ගායක නික් ජොනස් සමඟින් වූ විවාහය වෙතටයි. ප්‍රියංකා පොදු වැඩකටයුතු රැසකට සිය දායකත්වය ලබා දීමත් ඒ අතරේ විශේෂයි. මේ දිනවල ප්‍රියංකා ගැන අලුත්ම කතාබහ නම්, නිව්යෝර්ක් මැඩම් ටුසෝඩ් ඉටි රූ කෞතුකාගාරයේ නිමවා ඇති ඇයගේ ඉටි රුව ගැනයි. ශාරුක් ඛාන්, ඓශ්වර්යා රායි බච්චන්, අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත්, කරිනා කපූර්, රිතික් රෝෂන්, සල්මන් ඛාන්, කත්‍රිනා කයිෆ්ගේ ඉටි රූ නිව්යෝර්ක්හි මැඩම් ටුසෝඩ් ඉටි රූ කෞතුකාගාරයේ මේ වන විට ප්‍රදර්ශනය කෙරෙනවා. රතු පැහැ ගවුමකින් සරසා තිබෙන තම ඉටි රුව නරඹන්න පසුගියදා ප්‍රියංකා එහි පැමිණ සිටියා.