වැලන්ටයින් ආදර කතාව

පෙබරවාරි 21, 2019

ඉකුත් බ්‍රහස්පතින්දා වැලන්ටයින් දවසේ නව පරපුරේ රංගන ශිල්පිනී ධනංජි තාරුකාට අති සුවිශේෂයි. ඒ ඇය විවාහ ගිවිස ගත් නිසා. ධනංජි එලෙස විවාහ ගිවිස ගත්තේ සුදම් දෙවුනක වීරනායක නමැති අයෙක්. ධනංජි - සුදම් ආදර කතාව ආරම්භ වන්නේ හරිම අපූරු විදිහට. ධනංජි රූපගත කිරීමකට ගිය වෙලාවක අල්ලපු ගෙදර මේ සුදම් ඉඳලා. එදා දර්ශන තලයට ඇවිත් කතාබහ කරලා දෙන්නා හඳුනාගෙන. වසර ගණනාවක් තිස්සේ ළඟින් ඇසුරු කළ ඔවුනොවුන් පෙම්වතුන් වුණා. අද වන විට දෙදෙනා විවාහ ගිවිසගෙන. ළඟදීම යාළු මිත්‍රයින්ට කියලා ජයටම මඟුලක් ගන්නයි ධනංජිගෙ බලාපොරොත්තුව.