පටලැවිල්ල

මාර්තු 14, 2019

අනුරාධා නම ඇති නිළියන් දෙදෙනෙක් අප ක්ෂේත්‍රයේ ඉන්නවා. එක් කෙනෙක් අනුරාධා එදිරිසිංහ. අනෙක් කෙනා අනුරාධා කුරුකුලසූරිය. මේ අනුරාධලා දෙදෙනාම බොහෝ දෙනෙකුට පැටලෙනවා. මේ දෙන්නා එක් කෙනෙක් කියලා හිතන අයත් ඉන්නවා. එහෙම පැටලිල්ලක් අපේ දන්න කියන කෙනෙකුට වුණා. අනුරාධා එදිරිසිංහ වර්තමානය වන විටත් රංගනයේ නියැළෙනවා. අනුරාධා කුරුකුලසූරිය කලකට ඉහතදී රංගනයෙන් මදක් සමු ගත්තා. ඇයගේ රංගනය අවසන් වතාවට දුටුවේ ෂර්ලි පී. දෙලංකාවගේ පෝටාවැටිය ටෙලි නාට්‍යයෙන්. ඒ අනුරාධා රංගනයෙන් ඉවත් වුණත් ඇය ගැන යළිත් කතාබහට ලක් වුණේ ඉකුත් රයිගම් උලෙළේ සම්මානයක් සඳහා ඇය නිර්්දේශව සිටි නිසයි.

Add new comment