ගෙදරටම වී ඉන්න ගීයකින් කළ ආයාචනයක්

විශාරද සජීව දේවනාරායන
අප්‍රේල් 16, 2020

ගෙදරටම වී ඉන්න


ගෙදරටම වී ඉන්න

රෝබිය සංකා දුරු වී

මගේ රට සුවපත් වනතුරා

ගෙදරටම වී ඉන්න...

හදින් හදට බැඳි බැමි තිර කොට

දුරින් හිඳිමු හැඟු‍මන් දැඩි කොට

සිතින් සැවොම පතමුද පැතුමක්

යළි මෙවන් විපතක් කිසි දින නොදකින්නට...

මවුබිම හඬවන රෝ බිය සතුරා

නැව් නැඟ ආපසු ඈතට ගියදා

එක්ව නැඟී සිට අත්වැල් බන්දා

දිනවමු මවුරට ආදර ලංකා...


පදරචනය - සම්පත් දිප්පිටිගොඩ

සංගීතය හා ගායනය - විශාරද සජීව දේවනාරායන

රූපරචනය - දිනිඳු නෙත්කලූ‍ තීක්ෂණ



කෝවිඞ් -19 කොරෝනා වෛරසයට අප එකිනෙකා කයෙන් ඈත් කොට සිරගත කළ හැකි වුවත් මනසින් ළංවීම නතර කළ නොහැකිය. ලේක්හවුසියේ අපි වෙනදා මෙන් මූණට මුණ නොගැසුණත් එකිනෙකාගේ දුක සැප මෙන්ම කටයුතු පිළිබඳ විමසන්නේ පෙරටත් වඩා සහෝදර බැම්මෙනි. මෙසේ සිටින අතර යූ ටියුබයේ කොරෝනා ගීතයක් දැක එය දෙස උනන්දුවෙන් බලා සිටියෙමි. කිරි ආතාට බල්ලො පැනපි මේ අපේ සම්පත් දිප්පිටිගොඩ සොහොයුරාගේ පදරචනයකි. වහාම සරසවිය කතුතුමාගේ අවසර ගෙන සම්පත් අය්යා ඇමතුවෙමි.

දශක තුනකට ආසන්න කාලයක් මාධ්‍යවේදියකු ලෙසද පත්තර මහගෙදර ඉන් වසර විසි හතරක් පමණද සේවයේ නියුතු වෙමින් දිනමිණ පුවත්පතේ සමකර්තෘ ලෙස කරන මෙහෙය පමණක් නොව තම සමාජ මෙහෙවර මෙසේ ගීතයකින් ඉටු කිරීමට ගත් වෑයම පිළිබඳ විමසූ විට ඔහු කීවේ මෙලෙසයි.

”‍කොරෝනා වසංගතයට බෙහෙත් නෑනේ. වසංගත රෝග විශේෂඥයන් හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රාමාණිකයන් කියන්නේ සමාජ දුරස්තකරණය නැත්නම් ගෙදරටම වී සිටිමින් ආරක්ෂා වෙන්න කයලා. ඒ පණිවිඩය දෙන්න විවිධ මාධ්‍ය විවිධ ක‍්‍රම භාවිත කරනවා. වෛද්‍යවරුන් ලවා උපදෙස් දෙනවා. ඒ දකින මට හිතුණා මෙය ගීතයකිනුත් කීවානම් හොඳයි නේද කියලා. පසුව අන්තර්ජාලයේ දැක්කා ඒ පණිවිඩයම දෙන්න අන්තර්ජාතික මට්ටමින් ගීත බිහිවෙලා තිබෙනවා කියලා. ඉතින් මම මේ පද ටික ලියලා සජීව මහත්මයාට වට්ස්ඇප් කළා. අපි මේ දවස්වල තරයේම නිවසේ සිට වැඩ කරන ක‍්‍රමය පිළිපදිනවා. ඒ නිසා මුළු ගීතයේ කටයුතු සියල්ලම අලූ‍ත් තාක්ෂණය ඔස්සේ තමයි සිදු කෙරුණේ. එය ආණ්ඩුවේ සංකල්පයටත් අදාළයි. එවැනි නව ක‍්‍රමවේදවලට අපි අනුගත විය යුතුයි කියන පණිවිඩයත් එතැනින් ලැබෙනවානේ.”‍

ගීතයේ රූපරචනය කර ඇත්තේ දිනිඳු නෙත්කලූ‍ තීක්ෂණය. ඔහු සම්පත් සොහොයුරාගේ මද්දුම පුතාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන දිනිඳු පුතා කුඩා කල සිටම මෙවැනි දෑට ඇලූ‍ම් කළ බව අපිද දනිමු. පාසල් සිසුවකු ලෙස මේ මොහොතේ පාඩම් කටයුතුවලට අමතරව සමාජ මෙහෙවරක යෙදීම ඔහු සම වයසේ මිතුරන්ටද දුන් ආදර්ශයක් බඳුය.

ඉන්පසු අප ඇමතුවේ පදවැලට සංගීතය සපයමින් ගායනය කළ විශාරද සජීව දේවනාරායන මහතාටය. ඔහු වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකි. ජනප‍්‍රිය ගායකයකු වී තමන්ගේ නම හදාගන්නවාට වඩා සංගීතයෙන් සමාජ සේවය කළ හැකි ආකාරය සොයන්නෙකි.

”‍මට ගෙදරම රෙකෝඩිං ස්ටූඩියෝ එකක් තිබෙනවා. ඒකෙන් මම කැමති සමාජයට ආදර්ශයක් ගෙනෙන ගීත යළි පටිගත කරලා යූටියුබ් දානවා. සම්පත්ගේ පුතාලා මගෙන් සංගීතය ඉගෙන ගන්නේ. ඒ නිසා අඳුනනවා. සම්පත් මට කීවා පොඩි ගීතයක් ලීවා පුළුවන් නම් බලන්න එවන්නද කියලා. ඒ පදවැල දැක්කාම මට තනුවක් ඉබේම නිර්මාණය වුණා. මේ වෙලාවේ කාවවත් ගෙන්වාගෙන සංගීතය සපයන්න බැරි නිසා මම මගේ ස්ටූඩියෝ එකේදිම මියුසික් දාලා සින්දුව ගායනා කරලා තීක්ෂණ පුතාට ට‍්‍රැක් එකයි, මම රෙකෝඩින් කරන වීඩියෝ කොටසක් ජංගම දුරකථනයෙන් පටිගත කරලා මේල් කළා.”‍

සජීව දේවනාරායන විශාරද විභාගය සමත් වන්නේ 2008 වසරේදීය. මහර හෙරල්ඞ් සිටි විද්‍යාලයේ සෞන්දර්ය අංශභාර ගුරුවරයා ඔහුය. ඊට අමතරවද ඔහු විවිධ සංගීත මෙහෙවරෙහි යෙදේ.

”‍මම තමයි ළමයින් 3000ක් විතර ඉන්න විද්‍යාලංකාර දහම් පාසලේ සංගීත කටයුතු කරන්නේ. 2020 වසරේ පැවැත්වුණු 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති උත්සවයට ළමයින් 2600ක් යොදාගෙන භක්ති ගීත වැඩසටහන කළා. එය 2007 මුලින්ම සංගීතඥ ෂෙල්ටන් පේ‍්‍රමරත්න සර් සමඟ මම පටන් ගත්තේ ‘දහසක් මුවින්‘ යන නමින්. එතුමා ඔස්ටෙ‍්‍රලියාවට ගියාට පස්සේ එය මට බාර වුණා.”‍

එය ඇගයීම වෙනුවෙන් ඔහුට සිසිර ජයකොඩි මහතාගේ සියපත පදනමෙන් දේශ බන්ධු දේශ කීර්ති සම්මානයද හිමි විය. ජ්‍යෙෂ්ඨ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹුණ හෙළ ජන පවුරේද ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස සජීව කටයුතු කරයි. ඔහු සංගීතයට නැඹුරු වූයේ රූපවාහිනියේ මුතුහර ළමා සමාජයෙනි.

”‍1998 විතර මම මුතුහර ඒකල ගායනා සමස්ත ලංකා පළමු ස්ථානය දිනා ගත්තා. පස්සේ මම විශාරද නන්දා මාලනී මිස්ගේ ආශ‍්‍රමයෙන් සංගීතය හදාරලා වැඩිදුර අධ්‍යාපනයට ශාස්ත‍්‍රපති රශ්මි සංගීතා මිස්ගෙන් විශාරද විභාගය දක්වා ඉගෙන ගත්තා. ගුවන් විදුලියේ ඒ ශේණියේ ගායකයකු බවට පත් වුණා. ලයනල් රංවල පදනමේ ජන සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කාලයක් හිටියා. පාසල් කීපයකම සංගීත ගුරුවරයකු ලෙස සේවය කළා.”‍

ඔහුගේ පළමු ගීතය වූයේ ගුවන් විදුලි සංස්ථාවේ නැවුම් මිහිර වැඩසටහන වෙනුවෙන් ගැයූ මවුගුණ ගීයකි.

”‍රුව මැකිලා රැුලි පෑදුණු අම්මාගේ දෑතේ

නූඹේ නමින් බාල මලේ කඳුළු සලයි බෝසේ

අප අතරින් වෙන්වූ තිලකසිරි ද කොස්තා වර්ණසූරිය කියන ගුරුතුමියක් ලියූ ගීතයට තමයි මම තනුව යොදාගෙන කීවේ. අනුත්තරා ගීයත් මගේම තනුවකට ගුවන් විදුලියට ගැයූ ගීයක් නිමල් වීරතුංග මහතා ලීවේ.”‍

නව රැුල්ලේ ගීතවලට වඩා සම්භාව්‍ය සංගීතය ඇසුරෙන් සමාජයට පණිවිඩයක් ලබා දීමේ අරමුණ වෙනුවෙන් ඔහු මේ වනවිට ව්‍යාපෘතියකට අතගසා ඇත.

”‍අපේ ළමා පරපුරේ දේශාභිමානී හැඟීම් වැඞීම වෙනුවෙන් ‘මවුනි ශ‍්‍රී ලංකා‘ නමින් සංයුක්ත තැටියක් අපේ පාසලේ දරුවන් යොදාගෙන පාසල මඟින් නිකුත් කරන්න මේ කාලය අවසන් වනතුරු ඉවසන් ඉන්නවා.”‍

මේ යුගයේ බිහිවන මෙවැනි නිර්මාණ මතු දිනෙක කොරෝනා වසංගතය හේතුවෙන් බිහි වූ විවිධ සාහිත්‍යාංගවලට පුරෝගාමීත්වයක් දරනු නිසැකය.

 

Add new comment