මෙන්න මෙහෙමයි සුනාමි මුහුදෙන් තිරයට ආවේ

කලා අධ්‍යක්ෂ ජානක ප්‍රසාද්
පෙබරවාරි 6, 2020

මීට වසර පහළොවකට පෙර සුනාමි පැමිණ මිනිස් ජීවිත, සතා සිව්පාවා, ගහ කොළ, දේපල, ගොඩනැගිලි, යාන වාහන විනාශ කරමින් මහා ව්‍යසනයක් සිදු කොට යළිත් මහ සයුරට මුහුදු රළ ඇදී ගියේ මහා ඛේදවාචකයක අමිහිරි මතකයන් අප වෙත ඉතිරි කරමිනි. ඒ මහා ඛේදවාචකයේ එක් අනුවේදනීය සැබෑ කතා පුවතක් රැගත් චිත්‍රපටයක් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වනුයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. ආචාර්ය සෝමරත්න දිසානායක සිනමාරූපීව ඒ සැබෑ ඛේදාන්තය ප්‍රේක්ෂක දෘෂ්ඨිපතයට සමීප කරනුයේ ඒ මහා ඛේදවාචකයේ ත්‍රාසය, භීතිය කැටි කොටය. මීට වසර පහළොවකට පෙර අප අත්විඳි සැබෑ සුනාමි අත්දැකීම යළි යළිත් සිහිපත් කරමින් ඒ මහා ව්‍යසනයේ ඛේදාන්තය අප ඇස් ඉදිරියේ යළිත් දෘශ්‍යමාන කරන්නට මේ දිනවල තිරගත වන සුනාමි චිත්‍රපටයට හැකි වී ඇත. චිත්‍රපටය පුරාවට සුනාමි ව්‍යසනය යළිත් සැබෑවක් කරන්නට තම නිර්මාණ කර්තව්‍ය කැප කළ කලා ශිල්පියෙකු වන කලා අධ්‍යක්ෂ ජානක ප්‍රසාද් හා කතාබස් කරමු.

කලා අධ්‍යක්ෂණයට ජානක කොයි ආකාරයෙන් ද සම්බන්ධ වෙන්නේ?

මයික්‍රො ආට්ස් කිරිීමේ සහජ හැකියාවක් උත්පත්තියේ ඉඳලම පිහිටලා තියෙන නිසාවෙන් මම ගොඩක් කලා කටයුතුවලට නැඹුරු වුණා. කලා අධ්‍යක්ෂණය පැත්තට මාව නැඹුරු කළේ අජිත් නීලවතුර මහතා. අජිත් මගේ කල්‍යාණ මිත්‍රයෙක්. ඔහු එයාගෙම සහෝදරයා වූ සම්මානනීය කලා අධ්‍යක්ෂවරයකු වන අසංක නීලවතුර මහතාට මාව හඳුන්වලා දුන්නා. මගේ මයික්‍රො ආට්ස් පැත්ත ගැන වගේම මට ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා නිර්මාණ කිරීමේ හැකියාව ගැන කියලා අසංක මාව හඳුන්වලා දුන්නා මෙරට ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන ලාල් හරීන්ද්‍රනාත් මහත්තයාට. එතුමත් සමඟ මම සහය කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්න මුල පුරන්නේ ස්වරූප චිත්‍රපටයෙන්. ඊට පස්සේ බොම්බේ වෙල්වට් වගේම වෙළෙඳ දැන්වීම්වලත් එතුමන් සමඟ සහය කලා අධ්‍යක්ෂණයෙන් මම සිනමා නිර්මාණ වෙත දායක වෙනවා.

සහය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමා නිර්මාණ වෙත පමණක් ද ඔබගේ දායකත්වය ලැබෙන්නේ?

නෑ. විවිධ කලා අධ්‍යක්ෂවරු යටතේ නිර්මාණය වූ සිය ගණනක වෙළෙඳ දැන්වීම් සඳහා මම සහය කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. ගැරට් අල්මේදා, නුවන් සනුරංග, ලකී විජේවර්ධන, අජන්තා අලහකෝන්, මංගල ෆනෑන්ඩු ආදී කලා අධ්‍යක්ෂවරු යටතේ මම සහය කලා අධ්‍යක්ෂණයේ නියැලෙනවා. මුල්වරට මා ටෙලි නිර්මාණයක් සඳහා සහය කලා අධ්‍යක්ෂණයෙන් එක් වන්නේ ටිකිරි රත්නායකගේ කටු මැටි නිවසක් ටෙලි නාට්‍යය සඳහා. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයේ නම් දැරූ සිනමාකරුවන් බෙහොමයකගේ සිනමා නිර්මාණ සඳහා සහාය කලා අධ්‍යක්ෂණයෙන් දායක වීමේ භාග්‍යය ලැබුවා. ධර්මසේන පතිරාජගේ ස්වරූප, සංකාරා, විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන්, බෙනට් රත්නායකගේ නෙලා, සෝමරත්න දිසානායකගේ සරිගම, දේවින්ද කෝන්ගහගේ සිරිවැසිපුර, ලක්මාල් ධර්මරත්නගේ වාලම්පූරි ඒ අතරින් ප්‍රධානයි.

කලා අධ්‍යක්ෂණය ඔබ වෘත්තියක් බවට පත් කර ගන්නේ?

2011 වසරේ මම සහාය කලා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ අරඹන ගමන අද වන විට කලා අධ්‍යක්ෂවරයෙක් දක්වා පැමිණ තිබෙනවා. අද වන විට මම චිත්‍රපට මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම්වල කලා අධ්‍යක්ෂණයට එක් වෙලා ඉන්නවා. 

ඔබ සෝමරත්න දිසානායක නැමැති සිනමාකරුවාගේ නිර්මාණවලට දායක වීම කොයි ආකාරයේද සිද්ධ වෙන්නේ?

සෝමරත්න මහත්තයාගේ සරිගම චිත්‍රපටයට තමයි මම මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඒ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ අසංක නීලවතුර මහත්තයා ඔහුගේ කටයුතුවලට පහසුවක් ලෙස මාව මේ චිත්‍රපටයට දායක කර ගන්නවා. සහායකයෙක් ලෙස දවස් පහකට විතර මම සරිගම චිත්‍රපටයට සහය කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා.

සෝමරත්න - රේණුකා සුසංයෝගයෙන් තැනෙන සුනාමි චිත්‍රපටය සඳහා ඔබ කලා අධ්‍යක්ෂණයෙන් සුවිසල් කාර්ය භාරයකට මුල පුරනවා?

මට තියෙන මයික්‍රො ආට්ස් හැකියාව නිසා මුලදි සුනාමි ව්‍යසනය සුනාමි රැල්ල ග්‍රැෆික් ඩිසයින් ඔස්සේ කරන්න සැලසුම් කරනවා. මෙතනදි රැල්ලට ගසාගෙන යන යාන වාහන ආදිය මගේ මයික්‍රො ආට්ස් පැත්තෙන් කරගන්න තමයි චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගත්තේ. නමුත් අවසානයේ ඒ සැලසුම් වෙනස් වී ස්වාභාවික ව්‍යසනයක් ආකාරයෙන් රූපගත කිරීම සඳහා සෝමරත්නයන් දැඩි තීරණයකට එනවා. එතනදි මගේ හැකියාව ගැන හොඳ අධ්‍යයනයක සිටි මාත් සමඟ නිර්මාණ කිහිපයකම වැඩ කළ සුනාමි චිත්‍රපටයේ කැමරා ශිල්පී විශ්ව බාලසූරිය මාව යෝජනා කරනවා කලා අධ්‍යක්ෂණය සඳහා මගේ දායකත්වය ඕනේ කියලා. ඒ තමයි මේ දැවැන්ත නිර්මාණයේ මගේ කූටප්ප්‍රාප්තිය.

සුනාමි සිනමා කෘතියේ ඔබ අතින් නිර්මිත නිර්මාණශීලී බව දකින්න තියන්නේ කොයි ආකාරයෙන්ද?

චිත්‍රපටයේ සුනාමි රැල්ල ආවට පස්සේ විනාශ වෙලා තියෙන පරිසරය වගේම සුනාමි රැල්ලට ගසාගෙන යන ප්‍රධාන කොටස් සහිත සිදුවීම් මගේ අතින් නිර්මාණය වූවක්.

සැබෑ ව්‍යසනය ඔබ මනා ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස දෘශ්‍යමාන කරලා තිබුණා?

රන්මිහිතැන්න වගේම ත්‍රිකුණාමලයේත් මම සුනාමිය ආවට පස්සෙ ්දර්ශන තල ඉදි කළා. කලා අධයක්ෂවරයකුට අභියෝගාත්මක දෙයක් වුණ සුනාමි රැල්ල නිර්මාණය කළේ මීගමුව මොලගොඩ ප්‍රදේශයේ අතහැරලා දාලා තිබුණ ඉස්සන් කොටුවක. එතන තමයි කාර්එක සුනාමි රැල්ලට හසුවන අවස්ථාව නිර්මාණය කළේ. රන්මිහිතැන්නේ තමයි බස් එක පෙරලිලා තියෙන දර්ශන තලය ඉදි කළේ. ඒ ඒ ප්‍රදේශවල තරුණ පිරිසක් මට ගොඩක් උදව් කළා අවශ්‍ය බඩු හොයා ගන්න. රන්මිහිතැන්නේදී ජයසේන, සෙනරත්, සමරසිංහ ත්‍රිකුණාමලයේ සංජය, රූපිකා, දීප්ති, මීගමුවේ ශාලිත, සුකිත වගේම මොලගොඩ තරුණ පිරිස් මට මේ වෙනුවන් ලොකු කැප කිරීමක් කළා මේ දර්ශන තල සැබෑ අයුරින් නිරමාණය කරන්න. මහ පොල් ගස්, තල් ගස් අපි දර්ශන තලය ළඟට ප්‍රවාහනය කළත් වාහනවලින් ඒවා අවශ්‍ය තැන්වලට ගෙනියන්න බැරි වුණා. මේ සියල්ල අපි කළේ අපේ දෑතේ ශක්තියෙන්. චිත්‍රපටය බලන අය පුදුම වෙයි අපි කොහොමද ඔය මහ තල් ගස් පොල් ගස් අත් දෙකෙන් උස්සන් ගියේ කියලත්.

ඔබ මෙතෙක් නිර්මාණ කාර්යට දායක වූ කලා නිර්මාණ සැසඳීමේදී සුනාමි අභියෝගයක්ද?

ඔව්. අපි සුනාමි සැබෑවට දැක්කා. අත්වින්දා. ඒ සැබෑකම මම චිත්‍රපටය වෙනුවෙන් යළිත් ප්‍රතිනිර්මාණය කළා. ඒ සාර්ථකත්වයට මම පමණක්ම නොවෙයි දායක වුණේ. අපේ සහායට හිටි හැමෝම එක කණ්ඩායමක් කියන හැඟීමෙන් ආපු හැම අභියෝගයකටම මුහුණ දෙමින් ජය ගත්ත නිසා තමයි අපිට සැබෑ සුනාමි ව්‍යසනයක් චිත්‍රපටයට එක් කරන්න පුළුවන් වුණේ. මහ තල් ගස් කපල ගෙනත් හිටවන්න තරම් අපේ කට්ටිය එකමුතු වුණා. එක දිගට දින සීයක් විතර අපි ෂූට් කළා. අපි සැවොම එක පවුලක් වගේ සාමුහික බවකින් රූපගත කිරීම් සිද්ධ කළා. සමහර ලොකේෂන් හදන්න දවස් හතර පහ ගියා.

ඉදිරියේදීත් ඔබ කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කරන්නද වඩා කැමති?

ඔව්. මගේ හැකියාව මේකයි කියන දේ මම අවබෝධ කරගෙන තියෙන්නේ. දැනටමත් කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කරන්න චිත්‍රපට කීපයකටම ආරාධනා කරලා තියෙනවා. කසුන් හීනටිගලගේ මීමැස්සෝ, අරුණ ලොකුලියනගේ සිරී තාමත් ආදරෙයි, විශ්ව බාලසූරියගේ ජහුටා ඒ අතරින් කීපයක්.

ඔබ මුල් වරට කලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තවම තිර ගත වුණේ නැහැ නේද?

සේනක විජේසිංහගේ ආදරණීය අමන්දා චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ. මම කලා අධ්‍යක්ෂණය කළ මියුසික් වීඩියෝ කීපයක් මේ වන විට නිකුත් වෙලා තියෙනවා.

කලා අධ්‍යක්ෂවරයකුගේ කාර්යභාරය ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?

නිකම්ම පසුතල නිර්මාණයක් කළ පමණින් කලා අධ්‍යක්ෂණයක් කියනවා නම් මම ඒකට එකඟ නැහැ. කලා අධ්‍යක්ෂවරයා සතුව රූප මාධ්‍ය ගැන හොඳ විඥාණයක් තිබිය යුතුයි. දෙබස් නොමැති දර්ශනයක් වුණත් නරඹන පේ‍්‍රක්ෂකයා තුළ කෘතියට අනුගත දර්ශනය සිතෙහි ජනිත වන ආකාරයට එය නිර්මාණය කිරීමේ හැකියාවක් කලා අධ්‍යක්ෂවරයා සතු විය යුතුයි කියලයි මම කියන්නේ. මේ කටයුත්තේදී තව ඉගෙන ගත යතු දේ බෙහෝයි. අත්දැකීම් ලබන්න ලබන්න අපි තුළ ගොඩ නැගෙන ආකල්පවලත් වෙනසක් ඇති වෙනවා. තිර පිටපත ලිය වී ඇති දර්ශනය කොයි ආකාරයෙන් ද සැලසුම් කළ යුත්තේ කියා ක්ෂණික තීරණය ගැනීමේ හැකියාවක් කලා අධ්‍යක්ෂවරයාට අත්‍යවශ්‍ය අංගයක්. පිටපතේ අනුගත චරිතය කවර ආකාරයෙන්ද ඒ චරිතය ගොඩ නැඟෙන වටපිටාව අතීතයට ද අනාගතයට ද වර්තමානයට ද කියන කාරණ තුන ගැන හොඳ කළමනාකරණයක් කලා අධ්‍යක්ෂවරයා සතු වුණොත් තමන් නිර්මාණයට කරන කර්තව්‍ය මනා සේ ගැළපෙයි කියලයි මට හිතෙන්නේ.

සුනාමි චිත්‍රපටය සඳහා පසුතල නිර්මාණයේදී ඒ චරිතය ගැටෙන පරිසරය ගැන ඔබ හොඳ අධ්‍යයනයක් කළාද?

එහෙම නොකළොත් මේ වැඩේ හරියට කරන්න බැහැ. සුනාමි කියන්නේ සුළුපටු ව්‍යසනයක් නොවෙයි. මහා තට්ටු ගෙවල් බිමට සමතලා වුණා. මහ බස් රථ වතුරේ පාවුණා. මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වුණා. ඒ ව්‍යසනය චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට ඇති කිරීම කලා අධ්‍යක්ෂවරයාගේ වගකීමක්. මම හිතනවා මම ඒ දේ හරියට මේ සිනමා කෘතියේ කරලා තියෙනවා කියලා.

සුනාමි නරඹන කොට පසුතල නිර්මාණය කළ ශිල්පියා විදියට ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?

මේ නිර්මාණය අපි ගොඩ නඟන්න එකා මෙන් කැප වුණා. ඒ කැප කීරීමේ ප්‍රතිඵල අපිට ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන කොට කාපු කට්ට මතක් වෙන කොට ඇත්තෙන්ම සතුටුයි. ඇස්වලට කඳුලුත් උනනවා සතුට වැඩිකමට.

සුනාමි නිර්මාණයේ ඔබට විශේෂිතයෝ වුණේ කවුද?

සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, විශ්ව බාලසූරිය, මජිත් එස්. උයන්ගොඩ, මෙත්නුවන්, මධුරංග ජාගොඩ, සුනිල් විජේරත්න, කසුන් මලින්ද. මේ හැමෝටම මම ස්තූතිය පිරිනමන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

අංක 77, කොස්සින්න, කැටවල, ලෙව්ල ලිපිනයට ජානක ප්‍රසාද්ට ලියන්න. 0776202700 දුරකථන අංකයට කතා කරන්න. සුනාමි ගැන ප්‍රේක්ෂක ඔබට හැඟුණ දේ ඔහු දැනගන්න ආශාවෙන් බලා ඉන්නවා.

නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Eliferx Cialis cialis 20mg price at walmart Viagra Professional Online Uk cialis no prescription Fedex Shipping Free Shipping Zentel Medicine Amex
සඳු, 03/16/2020 - 11:50
Jankisa (තහවුරු වී නොමැත)
Cephalexin Is A Strong Anti Biotic Buy Cialis Direct Fedex Shipping Dutasteride On Sale Online Mastercard cialis from canada Cialis 5 Mg Dosis
සඳු, 03/16/2020 - 12:43
Jankisa (තහවුරු වී නොමැත)
Cephalexin Is A Strong Anti Biotic Buy Cialis Direct Fedex Shipping Dutasteride On Sale Online Mastercard cialis from canada Cialis 5 Mg Dosis
සඳු, 03/16/2020 - 12:44
Jankisa (තහවුරු වී නොමැත)
Cephalexin Is A Strong Anti Biotic Buy Cialis Direct Fedex Shipping Dutasteride On Sale Online Mastercard cialis from canada Cialis 5 Mg Dosis
සඳු, 03/16/2020 - 12:48

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.