තවත් විස්තර ඉස්සරහට

අප්‍රේල් 30, 2020

කන්ද උඩරට මහනුවර පුරවරයෙන් ඇය කලාලොවට එක්වන්නේය. අහඹු ලෙස දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව උදාවන්නේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුරයි. දෙරණ රූපවාහිනියේ ”‍පාවෙලා වළාකුලේ ඒවි ද අම්මා”‍ ටෙලි නාට්‍යයේ නිරාෂාගේ චරිතයෙන් අපේ ආලින්දයට පැමිණෙයි. ඇය රසික ආදරය දිනාගත් නවක රංඟන ශිල්පිණි නඳුනි කරුණාතිලක නම් වේ.


මේ දවස්වල හරිම ජනපි‍්‍රියයි නේද?

ඔව්.පාවෙලා වළාකුලේ ඒවි ද අම්මා ටෙලි නාට්‍යයේ නිරාෂාගේ චරිතය නිසා.

කොහොමද එයට ලැබෙන ප‍්‍රතිචාර? ගොඩාක්හොදයි .මම හිතපු නැති විදිහට බොහෝ දෙනා ඒ ගැන කථාකරනවා. හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

නඳුනි ගේ පවුලේ විස්තර මතක් කළොත්? අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. තාත්තා රාජ්‍ය දැව සංස්ථාවේ තමා සේවය කරන්නේ. ලොකු නංගි බැංකුවක රැුකියාවක් කරනවා, චූටි නංගි තවම ඉස්කෝලේ යනවා.

ඔබ අධ්‍යාපනය ලැබුවේ?

මම පාසල් හතරකට (04) ගියා. මහනුවර පාතදුම්බර මධ්‍ය මහා විද්‍යාලය, හිඟු‍රක්ගොඩ ආනන්ද බාලිකා මහා විද්‍යාලය, වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලය, මහනුවර මහාමායා බාලිකාව යන විද්‍යාලවලට. උසස් පෙළ මහාමායා එකේ දී තමයි කළේ. ඒ සංගීතය, ජනමාධ්‍ය, නාට්‍ය හා රංගකලා විෂයන් වලින්.

ඊට පස්සේ?

මම සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයට තේරෙනවා. ඒ අතරතුර තමයි මට දෙරණේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ බාලිකාවකගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ.

අධ්‍යාපනයෙන් පසුව ඔබට අරමුණක් තිබුණද?

ඔව්.ගුවන් සේවිකාවක් වෙන්න. මම ඊට අදාළ පාඨමාලාවකුත් හැදෑරුවා.නමුත් දැන් කලාවට සම්බන්ධ වෙලා. ඒක ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා.

නඳුනිගේ සංගීතය පැත්තෙන් වැඩ කටයුතු කොහොමද?

ප‍්‍රසංග කිහිපයකම ගීත ගායනය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. අලූ‍තින්ම මගේ ගීත දෙකක් නිර්මාණය කරලත් තියෙනවා.ඒ ගීත දෙක ළඟදීම එළිදක්වන්න අපේක්ෂාවෙන් ඉන්නවා.

ඒ ගීත දෙක ගැන විස්තර කියන්න කැමතිද?

ඒ පිළිබඳව තොරතුරු පසුව කියන්නම්.

පාවෙලා වළාකුලේ නිරාෂා කියන චරිතය ගැනත් කියමු?

අලූ‍තින්ම කසාද බැඳලා ළමයි නැති කෙනෙක් ගේ චරිතයක් තමයි නිරාෂා කියන්නේ. එයා සමාජයෙන්, විශේෂයෙන්ම තමන්ගේම නැන්දම්මාගෙන් හා ස්වාමි පුරුෂයාගෙන්. ඒ අයගේ ඥාති පාර්ශවයෙන් කොන්වෙලා හැම අතින්ම අසරණ වෙන කවුරුත් ගණන් ගන්නේ නැති කෙනෙක්.

චරිතයේ හැටියට දෙවනි කසාදෙන් ඇය ගැබිනි මවක් වෙනවා?

කොහොමද ඒ අත්දැකිම ඔබට රංඟනයේදි?

ඇත්තටම මම මීට පෙරත් දිලූ‍ක ප‍්‍රසාද් ගුණතිලක මහතාගේ පෝය දින විකාශනය වුණු ටෙලිනාට්‍යයක ගැබිනි මවකගේ චරිතයක් කරලා තිබුණා. ඒක නිසා මට මෙහි දි ඒ චරිතය කරන්න අපහසු වුණේ නැහැ.

ඒ කියන්නේ ඔබ ඒ චරිතය හොඳින් රඟපෑවා කියන එකද?

මම හිතනවා මට හැකි උපරිමයෙන් ඒක හොඳට කළා කියලා.මම මේ රඟපාපු අවස්ථාවන් නාට්‍යය නැවත විකාශනය වනවිට මම ම බලනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඒකෙන් දැනුණා. ඒවත් හදාගෙන කරන්න තිබුනා නම් හොඳයි කියලත් හිතුනා. මොකද මම මේ ක්ෂේත‍්‍රයට ආධුනිකයෙක් නිසා.

ඔබේ පවුල් ජිවිතේ ගැනත් කියමු?

මගේ සැමියා දිනුෂ දිසානායක. දෙරණ ඩි‍්‍රම් ස්ටාර් ගායන තරඟාවලියේ අවසන් දසදෙනා (10) අතරට තේරුණා. පාවෙලා වළාකුලේ ටෙලිනාට්‍යයේ රංඟනයටත් දායක වෙනවා.දෙන්නම කලාවට සම්බන්ධයි.ඒක නිසා කාර්ය බහුලයි. අපි පදිංචිවෙලා ඉන්නේ නුවර. කලා කටයුතුත් එක්ක ඇති වී තිබෙන කාර්ය බහුලතාවය නිසා ළඟදිම කොළඹ පදිංචියට එන්නත් අදහසක් තියෙනවා.

ඔබේ සැමියා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.ඔහුගේ කටයුතුවලට ඔබේ සහය ලබාදෙනවද?

ඔව්.මා හට හැකි අයුරින් සහය වෙනවා.

එතකොට ඔහුගේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද?

ඔබ ඒ කටයුතු වල ට දායක වෙනවද?

මම තවම ඒ කටයුතු වලට සම්බන්ධවෙන්නේ නෑ. ඉස්සරහට ඒ සඳහාත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිණියක්ද?

වෘත්තියක් ලෙස මෙය කරන්නම අදහසක් නෑ. ඉස්සරහට අලූ‍ත් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මොකක්ද ඒ ව්‍යාපාරය.විස්තර කියන්න කැමතිද?

ඒ ගැනත් දැන්ම මාධ්‍යයට කියන්න බැහැ.පස්සේ විස්තර කියන්නම්.

ඔබේ ඉදිරි කලා කටයුතු මොනවද?

මම කලාවයි පවුල් ජීවිතයයි දෙකම සමබරව කර ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.මම දෙරණින් ආපු කෙනෙක් නිසා ඒකේ වැඩ කටයුතුවලට තමා ප‍්‍රමුඛතාවය ලබාදෙන්නේ. වෙනත් ටෙලිනාට්‍යය, චිත‍්‍රපටවලත් වැඩකරන්න කථා කළා. මම ඒවායේ වැඩ කටයුතු කරන්න භාරගත්තේ නෑ.පාවෙලා වළාකුලේ ටෙලි නාට්‍යයේ රූ ගත කිරිම් තිබුණ නිසා කාර්ය බහුල වුණා.

ඉස්සරහට රංගනය පිළිබඳව හැදැරිමක් කරන්න අදහසක් නැද්ද?

එහෙමත් තියෙනවා.දෙරණින් අලූ‍තින්ම තව ටෙලිනාට්‍යයක වැඩ කටයුතු හෙට අනිද්දම පටන්ගන්නවා.ඒකේ වැඩ කටයුතු වලටත් මේ දිනවල සුදානමින් ඉන්නේ. එතකොට තවත් කාර්ය බහුල වේවි.

අවසාන වශයෙන් මොනවදකියන්න තියෙන්නේ?

ඇත්තටම කලාවට එක්වන්න වාසනාවක් තියෙන්න ඕනේ. මට ඒඅවස්ථාව ලැබිලා තියෙනවා.දෙරණ ආයතනයේ ලක්සිරි වික‍්‍රමගේ, චරිත් කොතලාවල, දිලූ‍ක ප‍්‍රසාද් ගුණතිලක යන මහතුන්, නාට්‍යයේ කලාශිල්පින්, ශිල්පිණියන් හා කාර්යමණ්ඩලයේ සියලූ‍ දෙනාමත් මගේ පවුලේ දෙමව්පියන්, නංගිලා දෙන්නා, මගේ සැමියා යන අයත් මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවත් යන සියලූ‍ දෙනාටමත් මේ අවස්ථාවේදි ස්තුතිවන්ත වෙනවා.