කොරෝනා මැද සුදර්ශන චිලී පේස්ට් එකක් සූදානම් කරලා

මැයි 14, 2020


 සිදු නරඹන ඔබට මේ රුව නුහුරු නැහැ. හැබැයි ඔහු පණ පොවන රෝහිත නැමැති ඒ චරිතයට වැඩිදෙනෙකු අකැමැතියි. මොකද ඔහු තරමක කපටියෙක් නිසා. මේ රෝහිත ජීවමාන කරන්නේ නවපරපුරේ රංගන ශිල්පියකු වන සුදර්ශන බණ්ඩාර. වෘත්තීය නළුවකු ලෙස කටයුතු කරන ඔහු නොයෙක් චරිත සමඟින් ඔබ හමුවට ආවා. වරෙක අධ්‍යක්ෂවරයකු ලෙසින්ද නිර්මාණකරණයේ යෙදුණු සුදර්ශන නැවතත් ටෙලි නාට්‍යක් තනන්නට සූදානමකින් පසුවෙනවා.
  
 
 සුදර්ශන,සිදු නිසා මේ දවස්වල බැනුම් අහනවා කියලා ආරංචියි?
 
 නාට්‍යය බොහෝ දෙනෙක් බලන්නේ හදමඑමඉැ එකෙන්. සමහර කොටස්වලට යටින් රෝහිතට බැනලා සෑහෙන්න youtube ප‍්‍රමාණයක් තියනවා. ඒකෙන් තේරෙන්නේ මම චරිතයට කොතරම් සාධාරණයක් ඉටුකරලා තියනවද කියලනේ.
 
 මේ වගේ චරිත බාර ගන්න දෙවතාවක් හිතන්නේ නැද්ද?
 
 නැහැ.මෙවැනි ගති ලක්ෂණ සහිත චරිත නිසා තමයි අපේ නළු ජීවිතය ආලෝකවත් වෙන්නේ.දෙබස් කියන චරිතවලට වඩා අපිට රඟපාන්න පුළුවන් රෝහිත වගේ චරිත අතහැරියොත් පාඩුවක්.
 
 වෘත්තීය නළුවෙක් විදිහට ලැබෙන සෑම චරිතයක්ම ඔබ බාරගන්නවාද?
 
 මම අහලා තියනවා සමහර නළුනිළියෝ කියනවා අවුරුද්දට එක drama එකයි කරන්නේ කියලා. තෘප්තියක් නැති character එයාලා කරන්නේ නැහැ කියනවා. ඒ වගේ දේවල් අපි වගේ වෘත්තීය නළුවන්ට කරන්න බැහැ මේ ආර්ථික තත්ත්වයත් එක්ක. එහෙමනම් වෙන මොකක් හරි business එකක් කරනගමන් ආත්මතෘප්තියට රඟපාන්න වෙනවා. එහෙම නෙවෙයි අපිට ලැබෙන මොන චරිතෙ වුණත් වෙනසක් කරමින් රඟපෑවානම් හරි. මම කරන්නේ ඒක. සමහරු කියනවා mega drama වල පිටපත් නෑ කියලා, වාහනේ bonnet එක උඩ තියාගෙනත් පිටපත් ලියනවා කියලත් කියනවා. මම කියන්නේ ඒක හරි කියලා නෙවේ. අපිට ලැබෙන වගකීම ඉටුකරානම් හරිනේ.
 
 සිදු රූපගත කිරීම් කවදද ආයේ පටන් ගන්නේ?
 
curfew දාන්න කලින් අපි සෑහෙන්න ප‍්‍රමාණයක් shoot කළා. ඒ සංචිතය තමා ඔය මේ දවස්වල telecast වෙන්නේ. ආයේ ඉක්මනටම රූපගතකිරීම් පටන්ගන්නවා කියලා ලැහැස්ති වෙලා ඉන්න කිව්වා. දිනයක් තවම නැහැ.
 
 නළුවෙකු විදිහට ඔබ තෘප්තිමත්ද?
 
 අනිවාර්යයෙන්ම. එක සැරයක් මම අවිස්සාවේල්ල පැත්තේ පංසලකට ගියා. එතන හිටපු උපාසක අම්මලා වගයක් මම ආවා කියලා දැනගෙන මාව බලන්න ආවා. ළඟට ඇවිත් වඳින නොවඳින ගානට මට කතා කළේ. එහෙම ගෞරවාදරය ලබන්නේ මම නළුවෙකු නිසානේ.
 
 නිවසේ සිටි ඉකුත් දවස්වල මොකද ඔබ කළේ?
 
 මම නිකම් හිටියේ නැහැ. පොඩි පොඩි dubbing වැඩ ටිකක් phone එකෙන් කළා. ලියන කියන වැඩත් කෙරුවා. මගේ ඊළඟ drama එක plan කළා. ඒකෙ නම chilly paste.  මම ඇඳිරිනීතිය දාන්න හදද්දිම ඇල්පිටිය පිටිගල කියන මගෙ ගමට ආවා. එහෙ තමයි පහුගිය කාලෙම හිටියේ. කුරුඳු එහෙමත් වගා කළා. ගෙදර හිටියයි කියලා නිකම් කාලය ගතකළේ නැහැ.