මධුෂානි අවුරුදු දෙකකදී එකම ඉරණමක

ටෙලි නාට්‍යවලට ගොඩක් ඇරැයුම් ලැබුණා. ඒත් මම ආස නැහැ මෙගාවල හිර වෙන්න
මැයි 21, 2020

වසර දෙකක් තුළ එකම ඉරණමකට ගොදුරුවූ නව පරපුරේ සිනමා නිළියක් අපට හමුවුණා. ඇය තමයි මධුශානි වික‍්‍රමසිංහ. ඉකුත් වසරේ තිරගතවූ ප‍්‍රීතිරාජ් වීරරත්නගේ තිත්ත ඇත්ත සිනමාපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි. දෙදහස් දහනවයේ අපේ‍්‍රල් විස්ස තිත්ත 

ඇත්ත තිරගත වුණුදාට පහුවෙනිදා පාස්කු ප‍්‍රහාරය සිදුවුණා. ඒ නිසා සමාජයේ අවධානය සිනමාවෙන් ඈත් වී ගියා. මේ වසරේදිත් මධූ ප‍්‍රධාන චරිතය නිරූපණය කරන එදත් දිනුම් අදත් දිනුම් සිනමාපටය තිරගත කරන්නට සියලූ‍ කටයුතු සූදානම් කොට තිබුණත් කොරෝනා වසංගතය නිසා ඒකත් කල් ගියා.


මම හිතනවා මම ටිකක් අන්ලකීදෝ කියලා. දහසකුත් බලාපොරොත්තු මැද තමයි තිත්ත ඇත්ත තිරගත වුණේ. සහරාන්ගේ බෝම්බය නිසා ඒකෙත් වැඩ කඩාකප්පල් වුණා. මේ වසරේ කොරෝනා. කවදා ආයේ සිනමාව ගොඩ ඒවිද කියලා හිතාගන්න බැහැ.

ඔබ ටෙලි රංගනයට කැමති නැද්ද?

මම ගොඩක් ආස ෆිල්ම්ස් කරන්න. සිනමා නිළියක් විදිහට නමක් හදා ගන්නයි මේ උත්සහ කරන්නේ. ටෙලි නාට්‍යවලට ගොඩක් ඇරැුයුම් ලැබුණා. ඒත් මම ආස නැහැ මෙගාවල හිර වෙන්න. නමුත් මම හැම ටෙලියක්ම ප‍්‍රතික්ෂේප කරනවා කියලා නෙවෙයි මේ කියන්නේ. ටෙලි නාට්‍යක වැඩ බාර අරගෙනත් හිටියේ. මේ අපේ‍්‍රල්වල ෂූටිං පටන් ගන්නත් හිටියා. හැමදේටම කොරෝනා එරෙහි වුණා.

අප රටේ සිනමාව හැදිලා එන්න මේ තත්ත්වෙත් එක්ක තව කාලයක් යනවා, එහෙම බලනකොට ඔබටත් තැනක් හදාගන්න කාලයක් යාවි. අපරාදේ නොවෙද මේ ගෙවන කාලේ?

අපරාදේ තමයි.ඒත් මොනවා කරන්නද.හැමදේම කාලයාට බාර දීලා ඉන්නවා.

කොරෝනා එන්න පෙර ඔබ සිනමාපටයකට එකතුවෙලා හිටියා. ඒ ගැනත් විස්තර කියමු?

එරංග සේනාරත්න මහත්මයාගේ ආදරෙයි ජානු තමයි ඒ චිත‍්‍රපටය. මම ඒකේ ජානු. ඩබල් ඇක්ටිං කිව්වොත් හරි. එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒක මට අභියෝගයක් වුණා. ඒකත් එක්ක තව විශේෂම දෙයක් කියන්න ඕනේ. මට ඒ චිත‍්‍රපටය ලැබුණේ සරසවිය පත්තරේ නිසා. තිත්ත ඇත්ත තිරගත වන කාලේ ඔයාලා මගේ ආර්ටිකල් එකක් කරලා දුන්නා. ඒක දැකලා තමයි අධ්‍යක්ෂවරයා මට කතා කළේ. ඒකට විතරක් නෙවේ තව නිර්මාණ දෙකතුනකටම කතා කළා ආර්ටිකල් එක දැකලා.