ටවුමේ කොල්ලා වුණු තණමල්විල කොල්ලෙක්

ධනුක දිල්ශාන්
මැයි 21, 2020

ධනුක දිල්ශාන් අප හඳුනාගනු ලැබුවේ mega නාට්‍ය සහ music video තුළිනි. ක‍්‍රම ක‍්‍රමයෙන් ඔහු ජනප‍්‍රියත්වයේ ඉහළටම ගියේය. කාලයාගේ ඇවෑමෙන් ධනුකට අපූරු එැකැ ාර්ප් එකකට ඇරැුයුම් ලැබෙයි. නාට්යයේ නම කිව්වොත් ”තණමල්විල කොල්ලෙක්‍”‍ය. එහි අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර, දීප්ත නැමැති ප‍්‍රධාන චරිතය ධනුකට ලබා දෙන්න පෙලඹෙන්නේ ඊට ඔහු මනාව ගැලපේයැයි සිතූ නිසාය. එම තීරණය නිවැරැුදි බව තණමල්විල කොල්ලෙක්‍ නරඹන ඔබට මනාව පසක් වනු ඇත. දීප්ත නිසා ධනුකගේ රංඟන ජීවිතයද කනපිට පෙරළී ඇත. වසර දෙකහාමාරකට ප‍්‍රථම තණමල්විල කොල්ලෙක්‍ රූපගත කරන්නට පටන්ගත් මොහොතේ සිට ධනුක පැට් නාට්‍ය අත හැරියේය. පමිසජ ඩසාැද සඳහා ලැබෙන ඇතැම් ඇරයුම් බැහැර කොට තිබේ. ධනුක දිල්ශාන් මේ කතා කළේ දීප්ත ගැන පමණක් නෙවේ. සිය කලා දිවියේ වෙනස ගැනද ඔහු අදහස් බෙදා ගත්තේය.
 
 ධනුක,ඔබට කොහොමද දීප්ත හිමිවන්නේ?
 
 තණමල්විල කොල්ලෙක්‍ නාට්‍යය අද ඊයේ කරන්න හිටපු එකක් නෙවෙයි රොෂාන් අයියා කියපු විදිහට. වසර දොළහකට පමණ කලින් ඉඳන් ඔහු මේකේ පිටපත සකස් කරමින් ඉඳලා තියනවා. රොෂාන් අයියාම තමා දීප්ත. නමුත් ාර්ප් එක කරගන්න බැරි වුණා යම් යම් ප‍්‍රශ්න නිසා. නැවතත් නාට්‍යය කරන්න හදද්දි රොෂාන් අයියා වෙන කෙනෙක්ව හොයලා දීප්තගේ චරිතය දෙන්න. ඔන්න ඔය වෙලාවෙදි තමයි මාව ඇස ගැටිලා තියෙන්නේ. මුලින්ම ඔහු මගේ හොඳ මිත‍්‍රයකු වුණා. මම දීප්තට සාධාරණයක් කරයි කියලා විශ්වාස කළා. ඊට පස්සේ තමා මාව අධ්‍යක්ෂණය කළේ.
 
 දීප්ත කියන්නේ ඔබ බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්ද?
 
 මම වෘත්තීය නළුවෙක්. එහෙම තත්ත්වයක ඉද්දි මම ආස කරන චරිතයක් ප‍්‍රථම වතාවට ලැබුණම දැනෙන සතුට වචන වලට පෙරලන්නේ කොහොමද මං. ගොඩක් සතුටු වුණා. මම ගමේ කොල්ලෙක් නෙවේ. තණමල්විල කොල්ලා ගමේ වුණාට ධනුක දිල්ශාන් කියන්නේ කොන්ක‍්‍රීට් වනන්තරේ කොල්ලෙක්. ඒ නිසා දීප්ත කියන චරිතය මට ලොකු අභියෝගයක් වුණා.
 
 දීප්තගේ චරිතය ලැබෙනකම් ඔබ කළ චරිත අකැමැත්තෙන්ද රඟපෑවේ?
 
 නැහැ.ඒ කට අකැමැත්තක් කියලා කියන්න අමාරුයි. මට පෙර ලැබුණ චරිතවල මට අමුතුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ඉන්න විදිහටම රඟපෑවා. නමුත් මම ඒවා වුණත් ඔනෑවට එපාවට කළේ නැහැ. මේ වෙලාවේ මම ඒවට දොස් කියනවාවත් පස්සේ ආපු අඟ හොඳයි කියනවාවත් නෙවේ. ඒවායේ හිටපු නිසානේ රොෂාන් අයියා වුණත් මාව දැකලා තිබුණේ. කොහොම වුණත් තණමල්විල කොල්ලෙක්‍ නාට්‍ය ලැබුණායින් පස්සේ මම පැට් නාට්‍ය වලින් බැහැර වුණා. ගත්තු තීරණය ගැන සතුටුයි. Drama  එක shoot  කරන කාලේ රොෂාන් අයියයි මමයි කතාකරගෙන හිටියා තණමල්විල කොල්ලෙක්‍ නාට්‍යය මිනිස්සුන්ට වැඩ කළේ නැත්නම් මේ ඔක්කෝම දමලා ගහලා වෙන රටකට යන්න. එච්චරට අපි නිර්මාණයත් එක්ක හිටියා.
 
 කිව්වා වගේමdrama එක වැඩ කළා?
 
 ඒ හැම දෙයක්ම තියෙන්නේ පේ‍්‍රක්ෂකයෝ අතේ. අපි නිර්මාණයක් කරලා ඔවුන්ට බාර දුන්නා. එතන ඉඳලා ඒක ඒ අයගේ. විවේචනද, හොඳ නරක කීමද ද, නාට්‍යය ප‍්‍රතික්ෂේප කිරීමද ඒ අයට තමයි බාර.