මෙය වෙනස්ම ආකාරයේ පිය පුතු ප්‍රසංගයක්

නුවන් ගුණවර්ධන ගයාන් ගුණවර්ධන
දෙසැම්බර් 6, 2018

මවකට දියණියකට තිබෙන බැඳීම වගේම තාත්තෙකුට සිය පුතෙකුට ද ඇත්තේ අසීමිත වූ සෙනෙහස් බැඳීමකි. තම ලෙයින් උපන් පුතෙකු හැදී වැඩී ලොකු මහත් වෙනු පියෙකු බලා සිටින්නේ අප්‍රමාණ වූ සෙනෙහස් ගඟුලක් සිත් තුළ තබාගෙනය. විටෙක පියා සිය පුතණුවන්ගෙන් තමාවම දකියි. තම බලාපොරොත්තු ප්‍රාර්ථනා මල්ඵල දරන්නට තම පරම්පරාව ඉදිරියට පවත්වා ගෙන යන්නට ඇතුළු සුවහසක් වූ සිහින ඔහු සිය පුතණුවන්ගෙන් බලාපොරොත්තු වෙයි. එවැනි බලාපොරොත්තු රැසක් තම පුතණුවන් සමීපයෙන් අභිසෙස් කර ගත හැකි වූ ආඩම්බරකාර පියෙකු මෙන්ම තම ජීවිතයේ සියලු දෑ නම් පියා බවට විශ්වාස කරන්නා වූ ආදරණිය පුතෙකු ද අපට හමු විය. පියා මෙරට ගායන ලෝකය තුල අභිසෙස් ලැබූ සුප්‍රසිද්ධ ගායකයෙකු වන නුවන් ගුණවර්ධනය. පුතා සිය පියා ගිය මඟ යමින් තමන්ටම වූ අනන්‍යත්වයක් ගොඩනඟා ගන්නා ගයාන් ගුණවර්ධනය. මේ පිය පුතු දෙපොළ එළඹෙන දෙසැම්බර් 9 වැනිදා අපට හමු වනුයේ එකම වේදිකාවකිනි. මහරගම යොවුන් රඟහල් වේදිකාව ඉතාමත්ම ආදරයෙන් තාත්තයි - පුතයි පිළිගන්නට බලා සිටී. නුවන් ගුණවර්ධන හා ගයාන් ගුණවර්ධන එකම වේදිකාවක ගයන 'තාත්තයි -පුතයි ලයිව් ඉන් කොන්සර්ට්' එදින සවස 6.00 ට යොවුන් රඟහලේදී දිග හැරේ. මේ ඒ පිළිබඳ වන කතා බහකට පිය - පුතු දෙදෙනාගේම හමුවකට පසුගිය දිනක අප එක් වූවා.

තාත්තයි - පුතයි ලයිව් ඉන් කොන්සර්ට් නිර්මාණය වෙන්නේ කොහොමද?

ඇත්තටම කාලෙක ඉඳන් මගේ හිතේ මේ සංකල්පය වැඩ කළා. ඒත් මට හිතුණා පුතා මේකට කැමැති වෙයි ද දන්නෙත් නෑ කියලා. නමුත් මේ අදහස ගැන අපි සාකච්ඡා කරත්දී පුතා ගොඩාක් සතුටු වුණා. තාත්තයි - පුතයි කියන නම මගේ අදහසක් අනුව තමයි යෙදුවේ. මට හිතුණා ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුත් අපේ රසික ජනතාවට ඒ නම හොඳින් දැනෙයි කියලා. ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ කියන කෑල්ල පුතාගේ අදහසකට අනුව තමයි එකතු කළේ. කොහොම වුණත් දැනටත් බොහෝ දෙනෙක් මේ නමට ඉතාම හොඳ ප්‍රතිචාර දක්වමින් පවතිනවා.

මේ ප්‍රසංගයේදී මම මගේ ගීත ගායනා කරනවා. පුතා එයාගේ ගීත ගායනා කරනවා. ඒ අතරතුර මගේ ගීතවලට පුතා අතරමැද දී සම්බන්ධ වෙනවා. පුතාගේ ගීතවලට මම අතරමැද දී සම්බන්ධ වෙනවා. අපි දෙන්නම එකතු වෙලා හින්දි ගීත ගයනවා. ඒත් එක්කම ප්‍රසංගය මධ්‍යයේ පුතාගේ සංගීත කණ්ඩායම වන ර්‍ථතභඵ ර්ඪදඤ සංගීත කණ්ඩායම විනාඩි 20 ක පමණ ප්‍රසංගයක් පවත්වනවා. මට හිතෙනවා මේක අපේ ප්‍රේක්ෂක රසික ජනතාවට අලුත් අත්දැකීමක් වේවි කියලා. මේ ප්‍රසංගයේදී උරේෂා රවිහාරි, අමිලා නදීශානි, චමිලා තුෂාරි හා කවින්ද්‍යා අධිකාරි අපි දෙන්නට යුග ගායනයෙන් එක් වෙනවා. පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන වාද්‍ය වෘන්දයක් මේ ප්‍රසංගයට එක් වෙන අතර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ තිළිණ තුෂාර නම් නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයෙක්. වසන්ත රෝහණ මේ සඳහා නිවේදනයෙන් එකතු වෙනවා.

පිය - පුතු ප්‍රසංග මීට ප්‍රථම වෙනස් ආකාරවලින් පවත්වා තිබුණත් මෙය ඉන් හුඟක් වෙනස් එකක්ද?

ඔව්. පිය පුතු ප්‍රසංග කියන්නේ බොහෝ වෙලාවට මීට ප්‍රථම තිබුණේ පියාගේ ගීත පුතා ගායනා කිරිම හෝ පියා මිය ගොස් සිටියදී පුතා ඒ වෙනුවෙන් ප්‍රසංග පැවැත්වීම වැනි ආකාරයකිනුයි ඒවා සකස් වෙලා තිබුණේ. නමුත් මෙතැනදී පියා මිය යන්න කලින් පුතාත් සමඟ එකට සජීවීව ගී ගයනවා. අනෙක් පැත්තෙන් අපි දෙන්නට වෙන වෙනම කියන්න අපි දෙන්නගේ ගීත තියෙනවා. ඒ නිසා අපට ඕන වුණේ සාමාන්‍ය සම්ප්‍රදායික ප්‍රසංගයකින් මිදෙන්න. මේ ප්‍රසංගයේදී මම හින්දි ගීත ගායනා කරනවා වගේම මගේ පුතාත් හින්දි ගීත ගායනා කරනවා. ඔහුත් මම වගේම හොඳ අවබෝධයක් ඇතුව තමයි ඒවා ගායනා කරන්නේ.

තාත්තෙකුට පුතෙක් කියන්නේ මහ මෙරක්. අද ඔහු ඔබේම අඩි පාරේ ගිහින් ඔබත් සමඟ එකට ගී ගයනවා. අතීතය ගැන හිතත්දි මොකද හිතෙන්නේ?

මම මේ ප්‍රසංගය පවත්වන්න හිතුවේ මම ගීත ගායනා කරන්න පිවිසිලා අවුරුදු 40 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්. මගේ ගායන ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී දශක 04 ක් තිස්සේ මේ රටේ රසික ජනතාවගේ ආදරය එක සේ නොඅඩුව පවත්වා ගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. ඒ අතරේ මගේ ගායන ජීවිතයේ හොඳම අවධියේදී ඉපදිලාවත් නැති මගේ පුතා අද මාත් සමඟ හරි හරියට ගී ගයනවා කියන එක තාත්තා කෙනෙක් විදියට මම විඳින සුවිශාලම සතුටක්. ඒක විඳින්න තරම් අද මම පින් කරලා තිබෙනවා. පුතාව පොඩි කාලේ ඉඳලම සංගීතය පැත්තට යොමු කරවීමේ විශාල උවමනාවක් මට තිබුණා.

මම එයාව පියාමෝ පන්තියට දාන කොට එයාට වයස යන්තම් අවුරුදු 5 ක් විතර වෙන්නැති. එයා ඉතාම හොඳට පියානෝ වාදනය ඉගෙන ගත්තා. ඊට පස්සේ ගිටාර් වාදනය ඉගෙන ගත්තා. ඉගෙන ගන්න අතරම එයා තාත්තාගේ උරුමය සංගීතය ඉගෙන ගන්නත් උනන්දු වුණා. දැන් එයා නව යොවුන් තරුණයෙක්. එයාගේ තාරුණ්‍යයත් එක්ක එයා තුළින් දැන් මම දකිනවා. මට මගේ අතීතය මතක් වෙනවා. මගේ දඟකාරකම් - මගේ හිතුවක්කාරකම් - මගේ කටකාරකම් දැන් මම එයාගෙන් දකිනවා. මේ ප්‍රසංගයට ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා නවීන තාක්ෂණය භාවිතා කරමින් නව අංගෝපාංග මේ ප්‍රසංගයට එක් කරන්න මූලික වෙන්නේ ඔහු.

මට මතක් වෙනවා ඉතාම පුංචි කාලේ ඔහු ළඟට වෙලා මම ගීත ගයනා කරත්දි සිඟිති අතපය හොළවමින් ඒවට සංවේදී වුණ හැටි. ඒ දේවල් දැක්ක ගමන්ම මම අවබෝධ කර ගත්තා කවද හරි දවසක මගේ උරුමය මෙයා අනාගත පරපුර වෙත රැගෙන යාවි කියලා. පුතා ලන්ඩන් ඒ/ඛ් වෙනකම් ඉගෙන ගත්තා. ඊට පස්සේ මට හිතුණා මෙයා වැඩිදුර අධ්‍යාපනය ලබලා ඉංජිනේරුවෙක් වෙයිද? වෛද්‍යවරයෙක් වෙයිද? නැතිනම් වෙනත් වෘත්තිකයෙක් වෙයිද කියලා. ඒත් මට අවශ්‍ය වුණේ ඒ එකක්වත් නෙවෙයි. ඉංජිනේරුවරු සිය දහස් ගණන් ඉන්නවා. වෛද්‍යවරු සිය දහස් ගණන් ඉන්නවා. නමුත් නුවන් ගුණවර්ධනලා ඉන්නේ එක්කෙනයි. ඒ පරපුර ඉස්සරහට ගෙනියන්න තව ගුණවර්ධන කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා තමයි පුතා උසස් අධ්‍යාපනයෙන් පස්සේ සංගීත පැත්තට යොමු කළේ. ඒ එක්කම ශබ්ද ඉංජිනේරු ශිල්පය හදාරමින් ඒ සඳහා වන ඩිප්ලෝමාව ද ඔහු සම්පූර්ණ කළා.

දැන් ගයාන් වෘත්තීය ජීවිතය අරඹලා තියෙන්නේ සංගීතය පැත්තෙන් නේද?

ඔව්. ඔහු ශබ්ද ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කරනවා. ශබ්දාගාරයක් නිවෙසේ පවත්වාගෙන යනවා. ඒ වාගේම ඔහු සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. අද මගේ ගීතයක් පටිගත කරත් ඔහුගේ පටිගත කිරීම තුළ මගේ හඬ ඉතාමත්ම පැහැදිලිව ලැබෙන්නේ ඔහු අතින් කියලා මට විශ්වාසයි. ඒක මට ලොකු සතුටක්. ඒ එක්කම ඔහු රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක්, නළුවෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක් වැනි මේ ක්ෂේත්‍රයේ විවිධ භූමිකා ඔහු ඉතාම සාර්ථකව නිරූපණය කරනවා.

ඔබට තිබෙන්නේ මේ රටේ වෙනත් කිසිදු කෙනෙකුට නොමැති දුර්ලභ හඬක්. ඒ හඬ ඔබේ පුතුට තිබෙනවා කියලා විශ්වාසද?

අනිවාර්යයෙන්ම. මගේ ගීත විවිධ රියැලිටි වැඩ සටහන්වලදී විවිධ ආධුනික ගායකයෝ ගායනා කරනවා මම අහල තියෙනවා. ඔවුන් ඒ ගීත ඉතාමත්ම හොඳින් ගායනා කළා. නමුත් මගේ හඬින්ම මගේ ගීත ගායනා කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා වන්නේ මගේ පුතා ගයාන් ගුණවර්ධන පමණයි. මගේ ආර මගේ දේ, මගේ කලාව ලබාගන්න පුළුවන් පුතෙක් තමයි මගේ බලාපොරොත්තුව වුණේ.

ඔබේ ඒ ප්‍රාර්ථනා දැන් ඉෂ්ට වෙලා. ඔබට සතුටු විය හැකියි නේද?

ඇත්තටම කිව්වොත් ඒක මගේ හීනයක්. ඒ හීනය මම කලෙක පටන් දැක්කා. ඒක දැන් හැබෑ වෙලා. මම තරම් සතුටු වන තාත්තා කෙනෙක් ලෝකේ කොහේවත් නැතිව ඇති කියලා මට හිතෙන තරම්. මේ සිහිනය දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. මගේ පුතා ඒ ආරම්භයේ ඉන්නේ. මම තවමත් මේ ගීත ක්ෂේත්‍රයේ කාර්යබහුල ගායකයෙක් නිසා මගේ ගීත ඔහු ගායනා කරන්නේ නෑ. නමුත් මගේ ගීත ඉතාම හොඳින් ඔහුට ගායනා කළ හැකියි. එහෙත් ගායකයෙක් විදියට ඉදිරියට යන්න ඔහුට ඔහුගේම ගීත තිබෙනවා. ඒ නිසා මම එයාට ඉඩ දීලා තියෙනවා ඒ ගමන යන්න. යම් දවසක මම නැති කාලෙක ඔහු මගේ ගීත පවත්වා ගෙන යාවි.

මම චිත්‍රපට ගීත සිය ගණනක් මේ වන විට ගායනා කරලා තිබෙනවා. ලංකාවේ ඉන්න සනත් ගුණතිලකගේ සිට ලකී ඩයස්, ශෂී විජේන්ද්‍ර වැනි ප්‍රවීණයන්ගේ සිට අර්ජුන් කමලනාත් ඇතුළු ඉන් පසුව පැමිණි නවක නළුවන්ට පවා පසුබිම් ගීත ගයලා තියෙනවා. මේ ඔක්කොම ඉදිරියට පවත්වාගෙන යාම තමයි මගේ ජානවලින් උපන් පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ.

නුවන් ගුණවර්ධනගේ පුතා වීම ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්. ඔහු මගේ තාත්තා වගේම මගේ සහෝදරයා, මගේ හොඳම යහළුවා. මම එදා ඉඳලා දුකසැප, ආදරය, විරහව මේ හැම දේම බෙදා ගන්නේ තාත්තත් එක්ක. ඉතින් තාත්තයි, මමයි අතර කිසිම රහසක් නෑ. මම සෑම දෙයක්ම තාත්තට කියනවා. අම්මට කියන්නේ නැති දේවලුත් තාත්තට තමයි මම කියන්නේ.

තාත්තා හැම විටම තාත්තාගේ පොඩි කාලේ මගෙන් දකිනවා. මට නිවැරදිව උපදෙස් ගන්න පුළුවන් නම් කෙනෙක්ගෙන් ඒකට ඉන්නේ මගේ තාත්තා කියලා මම විශ්වාස කරනවා. සංගීතය පැත්තෙන් වගේම පෞද්ගලික ජීවිතේ පැත්තෙනුත් මම නිර්මාණයක් කළොත් ඒක ඉස්සරල අහන්නේ තාත්තා. නිර්මාණය හොඳ එකක් නම් අනිවාර්යෙන්ම ඇහේ කඳුළක් දකිනවා. අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියලා දෙනවා.

පුංචිම කාලේ මතක් වෙනකොට තාත්තා ගැන දැනෙන දේ මොනවාද?

මං පුංචිම කාලේ තාත්තා ඉතාම කාර්යබහුලයි. නමුත් එහෙම වුණා කියලා මම වෙනුවෙන් නම් කාර්යබහුල වෙලා නෑ. තාත්තට ඉස්සර තිබුණා රතු පාට ඉනධපබ කාර් එකක්. ඒකේ තාත්තා යන කොට ෂාරුක් ඛාන් වගේ ඉභදඨතචඵඵඥ දාගෙන යන්නේ. මට තාමත් මතකයි මිනිස්සු නුවන් අයියේ, නුවන් අයියේ කියලා කෑ ගහනවා. මාව තමයි ඉස්සරහ ඉඥචබ එකේ දාගෙන යන්නේ. තාත්තා කොහේ හරි යනවා නම් මම එයා එක්ක යන්නම ඕන. මගෙ සුපර් මෑන් තාත්තා. මගේ වීරයා තාත්තා. තාත්තාගෙන් මම ඉල්ලන්නේ එකම දෙයයි. ඒ මම සුරතල් මසුන්ට ආස නිසා මාලු අරන් දෙන්න කියලා තමයි කරදර කරන්නේ.

සංගීතය පැත්තෙන් ගත්තොත් මම ඉගෙන ගෙන ඉවර වෙලා ඒ පැත්තට යොමු වෙත්දි මම වැඩියෙන් ආස වුණේ ඉංග්‍රීසි, හින්දි, දෙමළ ගීත අහන්න. සිංහල ගීත මට අඩුවෙන් ඇහුණේ. නමුත් මම තාත්තා ගැයූ චිත්‍රපට ගීත අහන්න ආසයි. කිරි මූදු වැල්ලේ . . . වැනි ගීත තාත්තා ගායනා කරත්දී මම හිතන්නේ මම ඉපදිලාත් නැතුව ඇති. සිංහල ගීත අහනවා නම් ඒ අහන්නේ නුවන් ගුණවර්ධනගේ ගීත තමයි.

මගේ පළවෙනි සංගීත ගුරුතුමාත් නුවන් ගුණවර්ධන තමයි. තාත්තා තමයි මාව සංගීතය පැත්තට යොමු කරන්නෙත්.

තාත්තා කියනවා තාත්තාගේ ප්‍රාර්ථනා ඔබ ඉෂ්ට කළා කියලා. ඔබට මොකද හිතෙන්නේ?

ගයාන් කියන්නේ තාත්තගේ නිර්මාණයක්. ඒ ගමන යන්න තබන මුල් අඩිය තමයි තාත්තයි පුතයි ප්‍රසංගය. තාමක් මම තාත්තගේ පයට පෑගෙන දූවිල්ලක් හා සමානයි. මම නුවන් ගුණවර්ධන එක්ක ගත්තොත් තවම බිංදුවයි දශම ගාණයි ඇවිත් තිබෙන්නේ. නමුත් මගේ එකම හීනයත් නුවන් ගුණවර්ධන වැනි දැවැන්තයෙක් වෙන එක තමයි.

ඡායා - නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.