පළමු ගීතයට හොඳ ප්‍රතිචාර ලැබූ ලිශාන්

දෙසැම්බර් 16, 2018

ගී පද රචකයකු මෙන්ම ගායකයකු ලෙස ද කලඑළියට පැමිණීමට උත්සාහ කරන ඔහු ලිශාන් ලියනගේ. අනුරාධපුරයේ පදිංචි ඔහු ඔය දෑස නමින් සිය පළමු ගීතය එළි දක්වන්නේ පද මෙන්ම සංගීතය ද තමන් විසින්ම සකසා ගනිමිනි. එයට හඬ මුසුකොට අන්තර් ජාලය හරහා එළි දැක් වූ ලිශාන්ට ඉහළ ප්‍රතිචාර ලැබුණේ සංගීත ගමනට ආශිර්වාදයක් ලැබුණා හා සමාන විය.

අනතුරුව ඔහු හඬ මුසු කළ ගීත දොළසකින් යුතු ගීත එකතුවක් මතකේ සදා නමින් 2015 දී නිකුත් කරන ලිශාන් එහි එක ගීතයකට රූප රචනයක් ද සිදු කරනු ලැබුවා. ඉකුත් වසරේ මවු ගුණ ගීයක් ගයමින් ඊට ද වීඩියෝවක් නිර්මාණය කොට ලිශාන් එළි දැක් වූවා.

මේ වන විට ඔහු තවත් ගීත කිහිපයක්ම නිකුත් කරන්නට සුදානමින් සිටිනවා. අනුරාධපුර අධ්‍යාපන සමුපකාර සමිතියේ සේවය කරන ලිශාන් අනුරාධපුර ඩී. එස්. සහ නිවත්තක චේතිය යන විද්‍යාලයන්හි ආදි සිසුවෙක්.

කරුණාරත්න විජේවර්ධන, ලසන්ත රත්නායක, මනෝජ් ප්‍රියශංක, තිළිණ රුහුණගේ ආදී ගුරුවරුන්ගෙන් සංගීතය හැදෑරූ ලිශාන් තමන්ට නිරන්තරයෙන් උදවු කරන රංගන ශිල්පී දිමුතු චින්තකව අප්‍රමාණ ගෞරවයකින් මතක් කරනු ලැබුවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.