සම්මාන පිට සම්මාන ලබන දුලාජ් චාමර

දෙසැම්බර් 27, 2018

ළමා නළුවෙකු ලෙස කලා ලොවට එකතු වූ දුලාජ් චාමර අද වන විට වේදිකාවට. ටෙලි නාට්‍යයට, සිනමාවට ද නැතිවම බැරි නළුවෙකු බවට පත්ව තිබේ. පසුගියදා පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේදී රංගනය වෙනුවෙන් හොඳම සම්මානයක් හිමිකර ගැනුමට ඔහු සමත් විය. දුලාජ් ඔහුගේ කලා තොරතුරු සරසවියට ගෙන ආවේ මෙලෙසයි.

2011 වසරේ සිට 2018 වසර කාලය තුළ තම රංගන කුසලතා මඟින් රාජ්‍ය සම්මාන පහක්. හොඳම නළුවා ලෙස සම්මාන තුනක් සහ සහය නළුවා ලෙස සම්මාන දෙකක් ද ලබා ගැනීමට දුලාජ් සමත් විය. ජාතික සහ අන්තර් ජාතික මට්ටමේ වැඩමුළුවලට සහභාගී වෙමින් දිස්ත්‍රික්, පළාත් මට්ටමෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති ඔහු 2010 දී රංගනයට අත් පොත් තැබීය. ඒ වන විට දුලාජ්ගේ වයස අවුරුදු 10 කි. 'පුංචි එකා එක උනා' ගණිත නාට්‍යයෙන් වේදිකාවට පිවිස පළාත් මට්ටමෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ඔහුට එහිදී හැකි විය. මෙලෙස කලාව ඔස්සේ ඉදිරියට එමින් 2012 වසරේ ධ්ඊව් නාළිකාවේ විකාශය වූ එස්. කේ. විතාන මහතාගේ 'අඳුර බිඳි සඳ' පෝය නාට්‍ය තුළින් පුංචි තිරයට පැමිණීම දුලාජ්ට හැකි විය. මේ වන විට රූපවාහිනි නාළිකා කිහිපයකම පොහොය නාට්‍ය ගණනාවක ප්‍රධාන භූමිකාව රඟ දැක්විමෙන් දුලාජ් පුංචි තිරයේ ජනප්‍රිය වී ඇත. 2015 රයිගම් සම්මානලාභී ලලිත් රත්නායක ර්‍ණව්ඡ් එඒක ටෙලි නාට්‍යයේ ද බෙනඩික් මංත්‍රිගේ 'එක රෑනේ කුරුල්ලෝ' චිත්‍රපටයේ ද රඟපාමින් දුලාජ් චිත්‍රපටවලට ද දායක විය.

සිරස රූපවාහිනියේ, ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන් විදුලියේ ළමා රංග පීඨයේ හඬ නළුවකු ලෙසත් විදුල ළමා පිටියේ ළමා නිවේදකයකු ලෙසත් කටයුතු කරන ඔහු මේ වන විට නිවේදකයකු ලෙස ද බොහෝ දුරක් පැමිණීමට වාසනාවන්ත වී ඇත. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේදී රාජ්‍ය සම්මාන 5 ක් ලබාගැනීමට දුලාජ්ට පාර පෙන් වූයේ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයයි. ඒ දුලාජ්ගේ පාසලයි. විදුහල්පති ඔපල්ලේ ඥානසිරි හිමි, නාට්‍ය හා රංග කලා ආචාර්ය හරේන්ද්‍ර දසනායක, පුබුදු සුභාෂණ කුරුගල, ප්‍රවීණ රංගධර ජනක් ප්‍රේමලාල් යන ගුරුවරුන්ය. 2010 සිට මේ දක්වාම මා සමඟ විද්‍යාකරයේ සිටි ළමා වේදිකා නාට්‍ය කලාකරුවන් හදවතින්ම මතක් කර සිටිනවා. වේදිකාව මගේ හදවතයි. අනාගත බලාපොරොත්තුව වේදිකාව තුළින් හෙමින් දුර ගමනක් යාමයි' දුලාජ් පවසන්නේ සැබෑ සතුටකිනි. දු. අ. 071-8010562. 27/3/1 වෙළකුඹුර පාර, පොල්ගස්ඕවිට දුලාජ්ගේ ලිපිනයයි.

Add new comment