බදුල්ලෙන් පැමිණී දෙමළ යුවතිය

මාර්තු 7, 2019

බදුල්ලෙන් රංගනයට පිවිසි දෙමළ ජාතික යුවතියකි. ඇය පසුගිය කාලයේ විකාශය වූ ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වූවාය.

මගේ තාත්තා නැති වෙලා. අම්මා හා අක්කලා තුන් දෙනකු සමඟ මම ගෙදර ජීවත් වෙනවා. ඒ සියලු දෙනා කුලී වැඩ කරලා තමා ජීවත් වෙන්නේ කියමින් වසන්ති කුමාරි කතාබහ ඇරඹුවාය.

ඔබ කලා ක්ෂේත්‍රයට යොමු වුණේ කෙසේද?

මගේ ගම ලුණුගල. මම පාසල් ගියේ ලුණුගල බදුශ්‍රී රාම ක්‍රිෂ්ණා විද්‍යාලයට. පාසල් යන කාලේදිම තමා කලා කටයුතුවලට යොමු වුණේ.

ඔබ පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹට එන්නේ රැකියාවකට ද කලාවට ද?

මම ඇත්තටම කොළඹට එන්නේ හෙදියක් ලෙස රැකියායව කරන්න. ඒ ආපු ගමන් තමා මට කලා ක්ෂේත්‍රයට පාසැල් කාලයෙන් පසු නැවත සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.

දැනට ඔබ දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

ශ්‍රී වික්‍රම හා හිත හොඳ ත්‍රිවිලර් මල්ලි යන චිත්‍රපට දෙකට සුදු අඟුරු, මහාවංශය, සිත්තමා, කඳුළු මල් ටෙලි නාට්‍ය හා දමිළ ටෙලි නාට්‍ය දෙකකට වගේම දෙමළ සිංහල කෙටි චිත්‍රපට කිහිපයකට දායක වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලේ ඉන්දියාවට ගියා හින්දි චිත්‍රපටයක හා තෙළිඟු ටෙලි නාට්‍යයක රංගනයෙන් දායක වෙන්න. මේවාට අමතරව සන්නාලි සංගීත කණ්ඩයමේ ගායිකාවක ලෙස කටයුතු කරනවා. දැන් වසන්තම් ඊඍ වාගම් පලගම් වැඩ සටහනද කරනවා.

ඔබට භාෂා කීයක් පුළුවන්ද?

සිංහල, දමිළ, හින්දි, මලයාලම් සහ ඉංග්‍රීසි තරමක් පුළුවන්.

ඔබ රංගනයට මෙන්ම හඬ කැවීම් වලට ද සම්බන්ධ වෙනවා නේද?

ඔව්, මම මේ වන විට දමිළ, සිංහල ටෙලි නාට්‍ය කිහිපයකට හඬ කවලා තියෙනවා. දමිළ ඒවට සිංහලෙන් හා සිංහල ඒවාට දමිළෙන්.

ඔබ වඩාත් කැමති රංගනයටද, ගායනයටද, හඬ කවන්නටද?

මම මේ සියලු දෙයටම එක ලෙස කැමතියි. ඒ අතරින් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න වඩාත් කැමතියි.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

'අඩගාපසගන් හා තිරිඩන්' දමිළ චිත්‍රපට දෙක හා මියුසික් වීඩියෝ හතරක් කරලා තියෙනවා. ඒවත් ළඟදිම එයි.

අද දක්වා ආපු ගමන් මඟ ගැන මොකද කියන්න තියෙන්නේ?

ගොඩක් මහන්සි වෙලා මෙතනට ආවේ. එක පැත්තකින් සතුටුයි. ඈත පළාතක ඉඳන් අද මෙතනට ඒමට උදව් කළ සියලුම දෙනාට හා අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට හා තිරයෙන් පිටුපස සිටි හැම දෙනාටම මම මෙය අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න. හොඳ නිර්මාණ කිහිපයක ඉදිරියේදී දායක වෙන්නයි බලාපොරොත්තුව.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.