සබීතා සමඟ රඟපාන්න ආසයි

අමුතු රසිකයාගේ කල්හාරි
අප්‍රේල් 11, 2019

සමාජයට වැරැදි ආදර්ශයක් දෙන චරිත මං රඟපාන්නේ නැහැ. කළු චරිත නෙවෙයි මං කියන්නේ. වෙනස්ම ආකාරයේ චරිත රඟපානවා. නමුත් අර කලින් කිව්වා වගේ සමාජයට නරක ආදර්ශයක් දෙන චරිත කරන්නේ නැහැ.

කල්හාරි යනුවෙන් ඇයට අනවර්ථ නමක් පටබැඳී තිබේ. ඒ අමුතු රසිකයා ටෙලි සිතුවම නිසාය. එහි ඇය රඟන චරිතයේ නම කල්හාරිය. එහෙයින් ඇයට බොහෝ දෙනෙකු කතා කරන්නේ කල්හාරි නමිනි.අපිත් කතා කරන්නද එහෙම?

ඒකට කමක් නැහැ. හැමෝම මට කතා කරන්නේ එහෙමනෙ.

කල්හාරිගේ ඇත්ත නම?

ටානියා පෙරේරා.

ටානියා නුවර මැණිකේ කෙනෙක්?

ඔව්. මගේ ගම නුවර. රඟපාන කටයුතුවලට තමයි කොළඹ එන්නේ.

ටානියාට කොහොමද අමුතු රසිකයා හිමි වන්නේ?

දෙදහස් දහ අට අවුරුද්දේ රූපවාහිනී අවුරුදු කුමරිය හැටියට තේරුණා. එහිදී හමු වුණ සද්ධාමංගල සර් තමයි මට අමුතු රසිකයා නාට්‍යයට කතා කළේ. සර්නෙ නාට්‍ය ලියන්නේ.

නිවේදිකාවක් ලෙසින්ද ඔබ කටයුතු කළා?

රූපාවලෝකනය වගේ රූපවාහිනී නිෂ්පාදනයන්ට එකතු වුණා.

රංගනය නිසා නිවේදනය අතහැරියා?

ඔව්. කාල වේලාව ප්‍රශ්නයක් ආවා.

කල්හාරි කියන්නේ?

එයා නිළියක්. නමුත් හරිම සරල කෙනෙක්. සරල නිළියක්. කල්හාරි පස්සෙන් තමයි අමුතු රසිකයා එන්නේ.

ඔබ බොහොම කෙටි කාලයයි ක්ෂේත්‍රයට ඇවිත්?

තවම එක නාට්‍යයි ටෙලිකාස්ට් වුණේ. නාට්‍ය දෙකක රූපගත කිරීම් කළා. ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. යාළු මිත්‍රයෝ ගොඩක් හමු වුණා. බොහොම හිමින් ගමනක් තමයි යන්න හිතාගෙන ඉන්නේ. ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නේ නැහැ. තෝරා බේරාගෙන රංගනයේ යෙදෙනවා.

ටානියා රඟ නොපා ඉන්න තීරණය කරලා තියෙන්නේ මොන වගේ චරිතද?

සමාජයට වැරැදි ආදර්ශයක් දෙන චරිත මං රඟපාන්නේ නැහැ. කළු චරිත නෙවෙයි මං කියන්නේ. වෙනස්ම ආකාරයේ චරිත රඟපානවා. නමුත් අර කලින් කිව්වා වගේ සමාජයට නරක ආදර්ශයක් දෙන චරිත කරන්නේ නැහැ.

ටානියාට පැරැණි චිත්‍රපටවලට මොන වගේ කැමැත්තක් ද තියෙන්නේ?

පැරැණි චිත්‍රපටවලට ගොඩක් ආසයි. පරසතු මල්, නිධානය වගේ චිත්‍රපට කොච්චර ලස්සනද.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න රංගන ශිල්පියෙක් ඉන්නවද?

ඔව්. මං ආසයි සබීතා පෙරේරා මහත්මිය එක්ක රඟපාන්න.

ටානියා මේ වන විට පෙම්වතියක්ද?

නැහැ.

විවාහවන්න හිතාගෙන ඉන්නෙ ක්ෂේත්‍රයේ කෙනෙක්ද?

ඒකටක් උත්තරය දෙන්න වෙන්නේ නැහැ කියන එක. මං පෞද්ගලිකව අකැමැතියි ක්ෂේත්‍රයේ කෙනකු එක්ක විවාහ වෙන්න.

ටානියා ඉගෙන ගත් පාසල?

මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය.

උපන් දිනය?

අනූ හතේ අප්‍රේල් එක.

පවුලේ විස්තර?

අම්මයි තාත්තයි මමයි. මං තමයි පවුලේ එකම දරුවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.