බදුලු ඔයේ පහස ලබා කලාව ජයගත් සාත්තු සේවිකාව

අප්‍රේල් 25, 2019

ඔබ ක්ෂේත්‍රයේ හඳුන් වන්නේ?

අමිතා ජයසුන්දර නමින්.

අධ්‍යපනය ලැබුවේ කොහෙද?

බ/කන්දකැපූ උල්පත මහා විදුහලේ. මගේ පාසල වියලුව ආසනයට අයත්.

කලාවට අත්පොත් තබන්නේ කාගේ ගුරුහරුකම්වලින්ද?

නන්දන ලීලාරත්න ගුරුතුමා සහ මගේ පාසලේ නාට්‍ය ආචාර්යවරයා සහ ගුරු මණ්ඩලයෙන්.

සුන්දර ගමක් අත්හැරලා ගෙන්දගම් පොළවට එන්නේ ඇයි?

මම විවාහකයි. දරුවන් තිදෙනකු ඉන්නවා. මහත්තයත් රැකියාවක් කරනවා. මහත්තයාගේ රැකියාවෙන්ම ජීවත්වීම අපහසු නිසා මමත් රැකියාවක් කරනවා. කොල්ලුපිටිය පෞද්ගලික රෝහලේ සාත්තු සේවිකාවක ලෙස දැනට අවුරුදු අටක කාලයක් තිස්සේ මේ රැකියාවේ නිරත වෙනවා. ඒ අතරතුරම තමා කලාවේ නිරත වන්නේ.

වැඩියෙන්ම ප්‍රිය කරන්නේ වේදිකාවටද, ටෙලි නාට්‍යයටද, සිනමාවටද?

මම ඕන එකකට කැමතියි. ඒත් ටෙලි නාට්‍ය කලාවට ටිකක් වැඩියෙන් ඇල්මක් දක්වනවා.

දායක වුණු නිර්මාණ මොනවාද?

අලුගෝසුවාගේ රාත්‍රිය මාස්ටර් බීන් වේදිකා නාට්‍ය, ඔබ නිසා, සෙවනැලි, වසන්තේ ප්‍රේමය, අනන්තා, මිල්ලෑවේ වලව්ව, තවදුරයි ජීවිතේ, අහස් මාළිගා, හඳයා ඩී. වී. ඩී. කිහිපයකටත් දායක වෙලා තියෙනවා. වනසරා, සඳුන්ගේ සිහිනය, සේයා, නිදහසේ පියා ඩී. එස්., තිත්ත ඇත්ත, ජයශ්‍රී ඇමතිතුමා, උගුලයි මඟුලයි යන සිනමාපටවලට ද දායක වී තිබෙනවා.

ඔබේ ඉදිරි ගමන කොහොමද?

මම මුලින්ම මේ ගමන් මඟට යොමු කළ මගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාට හා ගුරුවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකයන්ට ස්තූති කරනවා. හොඳ නිර්මාණ ලැබුණොත් රැකියාවත් සමඟ ඉදිරි ගමන් මඟ යන්න සූදානම් වෙනවා.

නිශ්ශංක විජේරත්න

Add new comment