පළමු යොවුන් කුමරිය මගේ අම්මායි

යොවුන් කුමරි චාමිණි ගිහෙන්ද්‍රා
මැයි 23, 2019

විශ්වාසයක් තිබුණා තැනක් ලැබෙයි කියලා

යොවුන් කුමරා ජනිඳු දිසානායක

යොවුන් කුමරා . . .

 ඔබේ නම සඳහන් කළොත්?

ජනිඳු දිසානායක.

 ගම?

මීපෙ.

 ඉගෙන ගත් පාසල?

හංවැල්ල රාජසිංහ විදුහල.

යොවුන් කුමරා තරගයට ඔබ උනන්දු වුණේ?

අපේ ගමේ යෞවන සමාජයක් පිහිටවූවා. මමත් එහි සාමාජිකයෙක්. අපි තාරුණ්‍යය වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති දියත් කරනවා. ඒ ඔස්සේ තමයි මෙයට ඇප්ලයි කළේ.

යොවුන් කුමරා සඳහා ඔබ මොන වගේ ලැහැස්තියක් ද වුණේ?

මීට ප්‍රථම ඒ කියන්නේ දෙදහස් දහසයේ කුමරා වුණ අයියා කුෂාන් නිරෝෂන් මට ගොඩක් උදවු කළා. වේදිකාව මතදි වෙනස්ම දෙයක් කරන්න කියලයි ඔහු කිව්වේ.

මොන වගේ ඉදිරිපත් කිරීමක් ද ඔබ කළේ?

අයි. ටී. එන්. එකේ තිබුණු ප්‍රෝගෑම් එකෙන් දැනගත් සමරේ ඇන්ඩ් සමරේ දෙන්නා විදිහට අයිටම් එකක් කළා. විවිධ කටහඬවලින් කතා කරමින් ප්‍රේක්ෂකාගාරයේම අවධානය ගන්න මට පුළුවන් වුණා. විවිධ හාස්‍යෝත්පාදක අයිටම් ඉදිරිපත් කළා. තවත් වැඩිපුරම සිත් ගත් දෙයක් වුණේ රෝස මලේ නටුවෙ කටු ගීතය තුන් විදිහකින් කියපු එක.

යොවුන් කුමරා හැටියට ඔබේ නම කියද්දී මොකද හිතුණේ?

විශ්වාසයක් ගොඩ නැඟී තිබුණා මොන යම් හෝ තැනක් ලැබේවි කියලා. ඒත් කුමරා වේවි කියලා හිතුවේ නම් නැහැ. මේ ලැබුණු කිරුළ ඔස්සේ මං මගේ ගමන යන්නයි හිතාගෙන ඉන්නේ.

ඔබේ උපන් දිනයත් සඳහන් කළොත්?

එක්දහස් නවසිය අනූ අටේ ජූලි නවය.

රංගනයට පිවිසෙන්න සූදානමක් නැහැ?

ආසයි. රඟපාන්න තමයි වැඩි කැමැත්ත. අවස්ථාවක් ලැබෙනතුරු බලාගෙන ඉන්නවා.

ඔබ ගායකයකු හැටියට පෙරට එන්නත් හිතාගෙන ඉන්නවා නේද?

ඔව්. ගීතයක් එහෙමත් කරලා තියෙන්නේ. ළඟදීම වීඩියෝවක් නිකුත් කරනවා.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

උදවු කළ හැමෝටම තුති.

********************************

යොවුන් කුමරිය . . .

මම නිවැරිදි නම් ඔබේ නම චාමිණි ගිහෙන්ද්‍රා සිරිවර්ධන.

ඔව්.

යොවුන් කුමරිය තරගාවලිය ඔබේ පවුලේ අයට නම් ආගන්තුක නැහැ?

ඒ ගැන කිව්වොත් මෙහෙමයි. මගේ අම්මා තමයි පළමු යොවුන් පුරයේ යොවුන් කුමරිය වුණේ. වර්ෂය නම් මට හරියට මතක නැහැ. පොළොන්නරුවේ තමයි තිබුණේ. අම්මත් යොවුන් කුමරිය මමත් යොවුන් කුමරිය.

ඔබේ ගම?

මොනරාගල.

අධ්‍යාපනය හැදෑරූ පාසල?

මොනරාගල රාජකීය විදුහල.

උපන් දිනය?

අනූ පහේ සැප්තැම්බර් පහ.

අම්මත් ජයග්‍රහණය කළ නිසා ගෙදරින්ම ඔබ උනන්දු කරන්න ඇති යොවුන් කුමරිය තරගාවලියට සහභාගී වෙන්න කියලා?

ඔව්. ගෙදරින් කිසිදු අකැමැත්තක් තිබුණේ නැහැ. ඔවුන් තමයි උනන්දු කළේ. හැබැයි කිරුළක් බලාගෙන නෙවෙයි තරග කළේ. මං කලාවට ළැදියි. කලාවටත් මගේ ලොකු හිතවත්කමක් තියෙනවා. මගේ නැන්දලා දෙන්නෙක්ම කලා ලොවේ ප්‍රවීණයෝ. කලාවේ තවත් අංශයක අත්දැකීම් ගන්නයි මෙයට එකතු වුණේ. තාත්තාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ඔහු ෂියන් සිරිවර්ධන.

ඔබේ නැන්දලා දෙන්නා ගැන සඳහන් කළොත්?

එක් කෙනෙක් අනෝජා වීරසිංහ. අනෙක් කෙනා මායා දමයන්ති.

ඒ අයගේ උදවු අරන් කලා ලොවට පිවිසෙන්න තිබුණා නේද?

අනෝජා නැන්දගේ වර්ක්ෂොප්වලට සහභාගී වුණා. මායා නැන්දත් උදවු කරනවා. හිමින් ගමනක් තමයි මං යන්නේ. ගමත් මොනරාගල නිසා නිතර කලා කටයුතුවලට වැය කරන්න වෙලාවක් නැහැ. අධ්‍යාපන කටයුතුවලට තමයි කොළඹ එන්නේ.

අධ්‍යාපන කටයුතු කිව්වේ?

මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තුන් වැනි වසරේ ඉගෙනුම ලබනවා.

අනෝජා නැන්දා වගේ රංගන ශිල්පිණියක් වන්නට ආස නැතිද?

මං වඩාත් ප්‍රිය ගායනයට. ඒ පැත්තෙන් තමයි දෙයක් කරන්න ආස. අර මං කලින් කිව්වා වගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසා රංගනයට වැය කරන්න වෙලාව අඩුයි.

අලුත් ගීතයක් එහෙම කළේ නැහැ?

සංඛ දිනෙත් එක්ක ගීයක් ගැයුවා.මමම කවර්ස් සෝංග් ගයලා මගේම යූ ටියුබ් චැනල් එකේ දානවා. මට භාෂා හතරකින් සිංග් කරන්න පුළුවන්. සිංහල, දමිළ, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් කවර් සෝංග්ස් කියනවා. ඉදිරියේදී ගායිකාවක් හැටියට මාව දක්නට ලැබේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.