කෙටි කලකින් අපි හැමෝටම වගේ බැක් කළා

දොම්පෙ ධනුද්‍රා සංගීත කණ්ඩායමේ නායක යෝෂිත ජයතුංග
ජුනි 13, 2019

සනිධප කණ්ඩායමට ආසයි එයාලගෙ පර්ෆෝමිං සුපර්

ඔබගේ නම පළමුව සඳහන් කළොත්?

මම යෝෂිත ජයතුංග.

සංගීත කණ්ඩායමක නායකයෙක් ඔබ?

ඔව්. දොම්පෙ ධනුද්‍රා තමයි එම කණ්ඩායමේ නම.

මේ ඔබේ පළමු සංගීත කණ්ඩායමද?

නැහැ. දෙදහස් දහයෙ අවුරුද්දේ මං හාහා පුරා කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අපිට ෂෝ එහෙමත් ආවා. ඔහොම කාලයක් ප්ලේ කළා. හදිසියේම ඒකෙ හිටපු කිහිප දෙනෙක් කණ්ඩායම කඩාගෙන යන්න ගියා. දෙවැනි වාතවට මං හදා ගත්තු කණ්ඩායම තමයි ධනුද්‍රා.

කොච්චර කල්ද කණ්ඩායම පටන් අරගෙන?

අවුරුදු දෙකයි.

මේ කාලය අතරතුරදි ඔබ කණ්ඩායම සහභාගි වූ ප්‍රසංග ගැන සෑහීමකට පත් වෙනවද?

ඇත්තටම ඔව්. කලින් කණ්ඩායමට නම් ලංකාවේ හැම ගායකයකුටම වගේ බැක් කරන්න ලැබුණා. ඒකෙන් ඇත්දැකිම් අරගෙනනෙ මේක පටන් ගත්තේ. දැනට කෙටි කලක් වෙනවා ධනුද්‍රා ආරම්භ කරලා. මේ කාලය අතරතුරදි සැලකිය යුතු ප්‍රමාණයක් ෂෝස් ප්ලේ කළා. ගමේ බොහොමයක් ෂෝස් දෙන්නේ අපිට. ඒකත් වටිනවනෙ. මේ අවුරද්දේ පෙබරවාරිවලදි තමයි ආර්ටිස්ලා ඉන්න ෂෝ එකක් අපට ලැබුණේ. ඒක අපි ඉතාම හොඳින් ප්ලේ කළා.

ඔබ ප්‍රියතාවයක් දක්වන සංගීත කණ්ඩායම මොකක්ද?

සනිධප කණ්ඩායමට ආසයි. එයාලගෙ පර්ෆෝමිං සුපර්.

දොම්පෙ ධනුද්‍රා අනුගමනය කරන සංගීත කණ්ඩායමක් තිබේද?

මෙයාලා වගේ වෙන්න ඕන කියන මතයක් මට නැහැ. අපේම කියල ආරක් ගොඩ නඟා ගන්නයි අදිටන් කරගෙන ඉන්නේ. වෙන කණ්ඩායමක් අනුගමනය හෝ අනුකරණය කළොත් මිනිස්සු කියාවි දොම්පෙ ධනුද්‍රා අරගොල්ලෝ වගේ කියලා. එහෙම වෙන්න අවශ්‍ය නැහනෙ.

ඔබ කණ්ඩායම ස්වතන්ත්‍ර ගීත ගයලා තිබෙනවාද?

ඔව්. කිහිපයක් තියෙනවා. ඒවා අතරින් දෙකක් දැනටමත් අපි ප්‍රසංග වේදිකාවේ ගයනවා. දිවසළු නැත සහ සිහින මායිමේ තමයි ඒවා.

කණ්ඩායමේ සාමාජිකයින් ගණන?

දහ දෙනයි.

ඔවුන්වත් මේ මොහොතේ මතක් කළොත්?

නිත්‍ය නියාමක ගායකයා හිරාන් අකලංක. ඔහු වයඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මලීෂ නිලක්ෂාන් කී බෝඩ්ස්. ගායනයෙන් ද ඔහු දායක වෙනවා. ලීඩ් ගිටාර් වාදකයා තරූෂ හේෂාන්. බේස් ගිටාරිස් රුමෙත් දෙව්නක. මලිත් කුෂාන් තමයි ඩ්‍රම්ස් වාදන ශිල්පියා. දිනුෂා සඳරුවන් ඔක්ටර්පෑඩ් වාදනයෙන් එකතු වෙනවා. සසික මිහිරාද් තමයි රිදම් ගිටාර් ප්ලේ කරන්නේ. අශෝකා රාජපක්ෂ සහ කසුන් චරක සෙසු ගායන ශිල්පීන්. මේ වෙලාවේ අපේ ශබ්ද පරිපාලකවරයාවත් මතක් කරනවා නම් ඔහු රුවන් නන්දිත.

දොම්පෙ ධනුද්‍රා කණ්ඩායම කෙනෙකුට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්?

යෝෂිත ජයතුංග කියන ෆේස් බුක් ගිනුමෙන් සහ 0775491519 අංකයෙන් පුළුවන්.

Add new comment