පුදුමයි, මට දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා

අගෝස්තු 22, 2019
 නුරානි තෙන්නකෝන්

 

නුරානි තෙන්නකෝන් කලා ලොවට පිවිසෙන්නේ මාධ්‍යවේදිනියක ලෙසිනි. එලෙස කටයුතු කරගෙන යද්දී හොරණ ශ්‍රිපාලියට ඇතුළත්වීමත් සමඟම මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඇය ඉවත් වුයේ ඉබේමය. සිනමා අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරන නුරානිට නිතැතින්ම රංගනය නමැති විෂයය හදාරන්නට සිදු විය. රංගනයට පිවිසෙන්නේද විෂයානුබද්ධ කටයුත්තක් නිසාය. එලෙස රංගන චාරිකාව අරඹන නුරානිට නොසිතූවිරූ අන්දමින් අවස්ථා ගලා එන්නට පටන් ගත්තේය.

අද වන විට ඇය නාට්‍ය හතරක එකිිනෙකට වෙනස් වූ චරිත හතරක් රඟන්නීය. හුස්මක් තරමට, ඔබ නිසා, ක්වීන් සහ ඉත්තෝ එම නාට්‍යයන්ය. ඉත්තෝ නාට්‍යයේ නුරානි ධරණි දුනුවිලයි. අකිලා නමැති චරිතය තිබෙන්නේ හුස්මක් තරමට නාට්‍යයේය. නුරානි වඩාත් ජනප්‍රිය ද එකී චරිතයෙනි. ඔබ නිසා, ඩොක්ටර් සුබා, ක්වීන්, හංසි නුරානි රඟන අනෙක් නාට්‍ය ද්විත්වය වේ.

 

 

ප්‍රදීප් මානවඩු කියලා සහය අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ සිදු නාට්‍යයේ දරපාන් මාමට රඟපාන්නේ එයා. ප්‍රදීප් අයියා තමයි මට මුලින්ම රඟපාන්න අවස්ථාව දුන්නේ. තිළිණ බොරලැස්සගේ අවි කඳුළු තමයි මං පළමුවරට දායක වූ නාට්‍යය.

 

 ඔබ මාධ්‍යකරණයට පිවිසුණේ ඊට පෙර නේද?

මං ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විදුහලෙන්. කුරුණෑගල තමයි මගේ ගම. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා උනන්දුයි. පාසලෙන් අවුට් වුණාට පස්සේ පත්තරේට සම්බන්ධ වුණා. අවුරුද්දක් විතර වැඩ කරලා කැම්පස් තේරුණායින් පසුව ඉන් ඉවත් වුණා. එහෙ මං රංගනයට සම්බන්ධ ඩිග්රියක්නෙ කරන්නේ. නිතර ප්‍රවීණයින් මුණ ගැහෙනවා. එහෙම ඉන්න කොට තමයි රඟපාන්න අවස්ථා ලැබුණේ. මටම පුදුමයි දිගින් දිගටම මට රංගනයට ආරාධනා ලැබුණා. දර්ශන තලවලදී ප්‍රවීණයින් මුණ ගැසුණා. ඇත්තටම ඔවුන් මට විශේෂ පුද්ගලයින්. ඒ අය සමඟ රංගන කාර්යයේ යෙදීම එක්තරා අන්දමකින් චමත්කාරජනක අත්දැකීමක්.

 

 පුරුදු මාධ්‍ය කලාවම කරගෙන හිටියා නම් කියලා හිතෙන්නේ නැද්ද?

මේ වන විට ලියන එක සම්පූර්ණයෙන්ම වාගේ අතහැරිලා තියෙන්නේ. ආයේ ඒකට හැඩ ගැහෙන්න කාලයක් යාවි. රංගනයේ යෙදෙද්දි මට ඒකට ඇති ආසාව වැඩි වුණා. ප්‍රවීණයින් හමු වෙනවා, ඔවුන් එක්ක රඟපානවා. අඩුපාඩු හදාගන්නවා. නමුත් මට දැන් හිතෙනවා මාධ්‍ය කලාවත් එක්කම මේ වැඩෙත් කළා නම් හොඳයි කියලා. කොහොම වුණත් මගේ ඩිග්රිය ඉවර වුණාම, මේ තුන්වැනි අවුරුද්දනේ. මං ආයෙත් මාධ්‍ය ක්ෂේත්‍රයට එනවා.

 

 රංගනය අතහැරලාද?

නැහැ. මං ඉගෙන ගත්තු දෙයින් රටට වැඩදායි දෙයක් කරන්න ආසයි. ඒ අතරතුරදි රඟපානවා. ඒක සයිඩ් එකේ තියාගෙන ඉන්නේ. මූල්‍යමය පැත්තෙන් අවාසිදායක නිසා එහෙම නෙවෙයි.

 

 මේ වන විට නුරානි පෙම්වතියක්ද?

ඔව්. මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්. ඔහු තමයි මට නිතර උදවු කරන්නේ. මගෙත් එක්ක ළඟින්ම ඉන්නේ. ගෙදරින් මුලදි එතරම් කැමැති නැහැ මං රඟපාන්න ආවට. අම්මා නම් කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. තාත්තා තමයි යන්න යන්න කියලා අවස්ථාව දුන්නේ. අලුත් චරිතයක් ලැබුණත් අම්මාගෙන් ප්‍රශ්න කෝටියක් මට ලැබෙනවා. ඇඳුමේ ඉඳන් ප්‍රශ්න. ටීවී එකේ එහෙම දකින නිසා දැන් ටිකක් අවුලක් නැහැ.

 

 ඔබේ උපන් දිනය?

ඔක්තෝබර් විසි තුන.

 

 නුරානි ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවහොත්?

නිතරම හිනාවෙන කෙනෙක්. නැව ගිලුණත් බෑන් චූන් චරිත තියෙන්නේ. අන්න ඒ වගේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.