ආට් ක්ලබ් එක්ක එක්වන්න ප්‍රියන්ත ඇරැයුම් කරයි

ඔක්තෝබර් 31, 2019

ටෙලි නාට්‍ය හා විවිධ සිනමා අධ්‍යක්ෂවරුන් යටතේ සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත සමරකෝන් පසුගිය දවස්වල හදිසි අනතුරකට ලක් විය. ඉන් පසු සුවය ලබා මුලින්ම ඔහුගේ තොරතුරු කියන්න සරසවිය පුවත්පතට ගොඩ විය.

දැන් කොහොමද ප්‍රියන්ත?

මම මාරක අනතුරකින් බේරුණා. දැන් ඉතින් මම නැවත පූර්ව තත්ත්වයට පත් වෙලා ඉන්නේ. පෙර කරගෙන ආපු සියලු වැඩ කටයුතුවලට අත ගහන්න බලාගෙන ඉන්නවා.

ඔබ කළ දිරිය දෝණි සිනමා නිර්මාණයට මොකද වුණේ?

මම ඒක ළඟදී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. මගේ හදිසි අනතුර නිසයි මේ සියල්ල අතපසු වුණේ.

බෙදාහැරීම් මණ්ඩල ඔබගේ නිර්මාණය මොන වගේ දායකත්වයක් ද දක්වන්නේ?

දැනටමත් බෙදා හැරීම් මණ්ඩල කිහිපයක් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

අලුත් වැඩ කිහිපයකට අත ගැහුවා කියලා ආරංචියි?

ඔව්. සාලිය අශෝක මාලා නැවත රූපගත කරන්න බලාපොරොත්තු වෙනවා. එයට වඩා ද ආර්ට් ක්ලබ් ඔෆ් ශ්‍රී ලංකා කියලා පදනමක් මා නිර්මාණය කර තිබෙනවා. මේ සියලු දේවල් එකතු කරගෙන හොඳ වැඩ ටිකක් කරන්න බලාගෙන ඉන්නවා.

අවසාන ලෙස ඔබට මොනවාද ක්ෂේත්‍රය ගැන කියන්න තියෙන්නේ?

මම නැවතත් හොඳ ගමනක් යන්න ලෑස්ති වෙනවා ‘ඒපබ ඛ්තභඡ ධට ඉපඪ ඹ්චදඬච’ නම් පදනම හරහා. ඒකට දායක වෙන්න කැමති අයට නො: 44/4, ගොඩගෙදර, මුදුන්ගොඩ යන ලිපිනය හා එක්වීමට පුළුවන්. ඒ වගේම 077-1482673 කතා කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන්න.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.