වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
ටෙලි නාට්‍යයෙන් මාව ඉවත් කරන්න කියලා

සෙව්වන්දි ඔබට කොහොමද තෝඩු නාට්‍යයේ දිනිති වෙන්න වරම උදා වන්නේ?
අර ටික්ටොක් කියලා ඇප් එකක් තියෙන්නේ. ඒක ආව මුල් කාලෙම මම වීඩියෝ ටිකක් ඒකට අප්ලෝඩ් කළා. ඒවා දැකලා තිබුණා තෝඩු නාට්‍යයේ නිෂ්පාදක ලලිත් වසන්ත මහත්මයා මාව හොයාගෙන අමතලා ඇහැව්වා මෙහෙම නාට්‍යයක් තියෙනවා රඟපාලා බලමුද කියලා. එහෙම තමයි මට දිනිතිගෙ චරිතය ලැබුණේ.
රංගනය කියන්නේ ලෙහෙසි විිෂයක් නෙවෙයි?
ඔව්. මට ඒක හොඳටම තේරුණා මුල් කාලයේ. එක්තරා දර්ශනයක් මට කරගන්නම බැරි වුණා. ටේක්ස් කිහිපයකටම ගියා. හරි ගියේම නැහැ. මට දැන් හොඳටම දුකයි. ඇඬෙන්නත් එනවා. මං එදා හොඳටම ඇඬුවා බැරිම තැන. මාව මේ නාට්‍යයෙන් අයින් කරලා දාන්න කිය කිය ඇඬුවෙ. එදා එහෙම වුණත් පහු පහු වෙනකොට වැඩේ අල්ල ගත්තා. හැදෑරීම්වල නියැළෙනවා. අද සමහරු හිනා වෙනවා එදා මේ බැහැයි කියලා අඬපු කෙල්ලනේ මේ කියලා. මේක හොඳට හැදෑරිය යුතු විෂයක්. සීන් එකින් එකට මං මොනව හරි දෙයක් මගේ වෘත්තීය ජීවිතයට එකතු කර ගන්නවා.
ලැබූ ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?
ජනප්‍රියයි කියලා දන්නවා. කොහොමද ඒක හරියටම කියන්නේ. යන තැන්වල මිනිස්සු හඳුනගෙන කතා කරනවා. සතුටුයි ඉතින් පළමු නාට්‍යයෙන්ම මේ වගේ නොසිතුව ජනප්‍රියත්වයක් ලැබුණු එකට.
නිළි වෘත්තිය ගැන මොනවද කියන්න තියෙන්නේ?
නිළි වෘත්තියට මං හරිම ආදරෙයි.
ජනප්රියවෙද්දි පේ්රමාරාධනා එහෙමත් එනවා ඇති?
ගැහැනු ළමයකුට කොහොමත් ප්‍රේමාරාධනා එනවනෙ.
ඒ අතරින් හිත ගිය කෙනෙක් නැද්ද?
නැහැනෙ.
අනාගත සැමියා මොන වගේ කෙනෙක් වෙන්න ඕන කියලද ඔබ බලාපොරොත්තු වන්නේ?
හැමදාම එක වගේ ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. එච්චරයි. ආදරය ලැබෙනවා නම් අනෙක් කරුණු කාරණා සම්පූර්ණ කරගන්න පුළුවන්.
ඔබ ලස්සනයි කියලා වැඩිපුරම වර්ණනා කරන්නේ කවුද?
මගේ පුංචි තමයි.
සාමාන්‍යයෙන් බොරුවක් කියන්න වෙන අවස්ථාවක් ආවොත් මොකද කරන්නේ?
මට බොරු කියන්න බැහැ. ටක් ගාලා අහු වෙනවා මේ බොරුවක් කියන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් ඇත්තම කියන්න තමයි උත්සාහ කරන්නේ.
සෙව්වවන්දිට රහස් රකින්න පුළුවන්ද?
රහසක් ගොඩක් කල් හිතේ තියාගෙන ඉන්න අමාරුයි. අම්මා එක්ක හරි කියැවෙනවා.
ඔබගේ පාසල මතක් කළොත්?
ඉස්කෝල තුනකට ගියා. කොළඹ සංඝමිත්තා, ගෝතමී සහ සිරිමාවෝ බාලිකා.
ඔබේ පදිංචිය?
මාලඹේ.
ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවහොත්?
සරල කෙනෙක්.