සංගීතයට ළැදි මානව සම්පත් කළමනාකරු

දෙසැම්බර් 19, 2019

වෘත්තීයෙන් මානව සම්පත් කළමනාකරුවකු වන ආනන්ද ලාල් අබේවීර සංගීතයට ළෙංගතු චරිතයකි. මේ ඔහු හා කළ කෙටි කතාබහකි.

ඔබ සංගීත කටයුතු ආරම්භ කළේ?

එක්දහස් නවසිය හැත්තෑ හයේදී පමණ තමයි සංගීත කටයුතුවලට යොමු වුණේ. මගේ පළමු ගුරුවරිය වුණේ විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය. මං සංගීත විශාරද විභාගයත් කළා.

කණ්ඩායම් සංගීතකරුවෙක් විදිහටත් කටයුතු කළා නේද?

වර්තමානයේදීත් මං සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යනවා. මම තමයි නිත්‍ය ගායකයා. මිල්ටන් මල්ලවාරච්චිගේ, වික්ටර් රත්නායකගේ ගීත තමයි මං වැඩිපුරම කියන්නේ.

ඔබේ වෘත්තීය ඊට හාත්පසින්ම වෙනස්?

ඔව්. මම පෞද්ගලික අංශයේ හෝටල් සම්බන්ධ ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු විදිහට තමයි කටයුතු කරන්නේ.

ඔබ අලුත් ගීතයක් කළේ නැත්තේ කාර්යබහුලකම නිසාද?

නැහැ. රාත්‍රියට සංගීත කටයුතුවලට නිදහස තියෙනවා. මේ දවස්වල වෙහෙසෙන්නේ මගේ නවතම ගීතය එළිදක්වන්න තමයි. ළඟදීම එය රස විඳින්න පුළුවන්.

ආනන්දගේ ගම කොහේද?

පානදුර.

ඉගෙන ගත් පාසල?

කොළඹ මහානාම විදුහල.

පවුලේ විස්තර සඳහන් කළොත්?

මං විවාහකයි. නෝනා සුජීවා වික්‍රමරත්න.

 

නිශ්ශංක