සිංහලෙන් ප්‍රවෘත්ති කියන ඇය සිංහල තරුණයකු හා සරණ යයි

මධුෂාන් - ෆාතිමා
ජනවාරි 9, 2020

මධුෂාන්-ෆාතිමා අපේ සුභ පැතුම්!

ඔහු සිංහල, ඇය මුස්ලිම්. ඒත් ආදරයට ජාතිය ජන්මය කොයින්ද... දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තේ සම්ප්‍රදායික බැමි හීන් සීරුවේ ඉවත් කරන ගමන්. ඒ රාමුවෙන් පිටතට ඇවිත් ඔවුන් විවාහ වුණා. ඔහු මධුෂාන් ද සිල්වා. ඇය සිංහලෙන් ප්‍රවෘත්ති කියන එකම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රීන්. දෙදෙනාම ප්‍රවෘත්ති නිවේදකයෝ. සේවය කරන්නෙත් එකම ආයතනයේ ස්වර්ණවාහිනියේ. ලයිව් 7 ප්‍රවෘත්ති විකාශය මධුෂානුත් ෆාතිමාත් එකවර ඉදිරිපත් කළා. ස්වර්ණවාහිනි පුවත් මැදිරිය තමයි දෙන්නව හාද කළ තැන. ඉකුත් දා විවාහ ගිවිස ගත්තු ඔවුන් දෙපළගෙන් ෆාතිමා සිය ආදර කතාව දිග හැරියා මෙන්න මෙහෙම. ෆාතිමා පිළිබඳ මුල්ම පුවත්පත් ලිපිය ලිය වුණෙත් අප සරසවිය පුවත්පතේ.

කොහොමද ෆාතිමා?

ගොඩක් හොඳින් ඉන්නවා.

දෙන්නගෙ ආදර කතාව පටන්ගෙන කොච්චර කල්ද?

අවුරුදු දෙක හමාරක් විතර.

විවාහයට සිංහල කෙනෙක් තෝර ගන්න අදහස් කළේ ඇයි? ඔබ ආගමට අනුව එය තහනම් කටයුත්තක්?

වෙනත් ජාතිකයකු විවාහ කරගන්නටම ඕන කියලා අදහසක් මට තිබුණේ නැහැ. ආදරයේදී ජාති ආගම් නැහැනෙ. මට පුද්ගල ගති ගුණ විතරයි වැදගත් වුණේ. මධුෂාන් අයියත් එක්ක කාලයක් එකට වැඩ කළා. ඔහු කතාබහ කරන විදිහ, පුද්ගලයන් හා ගනුදෙන කරන විදිහ දිහා කාලයක් මං බලාගෙන හිටියා. ඔහු මගේ සහකරුවා වුණොත් හොඳයි කියන අදහස සිතේ කොනක මතුවෙමින් තිබුණේ. ඒ විතරක් නෙවෙයි අවස්ථා ගණනාවකදීම අපි එකට ප්‍රවෘත්ති කිව්වා. ඒකත් හරිම සුවිශේෂි අත්දැකීමක්නෙ.

ඔබ ජාතියෙන් පිට කෙනෙකු හා විවාහ වුණොත් ඔබ ජාතියෙන් ඉවත් කරනවා කියලා මතයක් තියෙනවා නේද? 

ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. නම් ගම් වෙනස් කරන්නේ නැතුව අපි වගේ විවාහ වෙලා ඔය ඕනෑ තරම් කට්ටිය ඉන්නෙ.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

මං වගේම අයියත් මං ගැන ටිකක් අවධානයෙන් ඉඳලා තියෙන්නේ. ඔහු තමයි මුලින්ම ආදරය ප්‍රකාශ කළේ.

එවලේ ඔබ දැක් වූ ප්‍රතිචාරය මොකක්ද?

මං ටිකක් හිතුවා ඒ ගැන. දෙන්නට දෙන්නා කැමැත්තක් තිබුණත් මේක නොකෙරෙන දීගයක් කියලයි මට මුලදි හිතුණෙ.

මධුෂාන් ගැන ඔබ ගෙදර කාටද මුලින්ම කිව්වේ?

අම්මටවත් තාත්තටවත් නෙවෙයි මගේ අයියට කිව්වේ. ඔහු තමයි ගෙදර අනෙක් අයට දැන් වූයේ.

ඔබගේ සහ මධුෂාන්ගේ නිවෙස්වලින් එක පාරට කැමැත්ත දෙන්නෙ නැතුව ඇති?

මුලදි මුලදි බාධක ආවා. ඒ හැම බාධකයක්ම අපි ජය ගත්තා.

කොල්ලො කෙල්ලො යාළුවෙලා ඉන්න කාලේ පුංචි පුංචි සණ්ඩු සරුවල් ඇති වෙනවා. ඔබ දෙදෙනා ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවලදී එකට ප්‍රවෘත්ති කියන්න වෙලා තියෙනවද?

අප්පේ ඔව්. දෙන්නා රණ්ඩු වෙලා තරහ වෙලා ඉන්න දවස්වල ප්‍රවෘත්ති කියන්න වෙලා තියෙනවා. ඒත් අපි දෙන්නා පෞද්ගලික මට්ටමෙන් තරහ වුණත් වෘත්තීය වශයෙන් යාළුයි. ඒ නිසා අපි තරහයි කියා කිසිසේත්ම හැඟවෙන්නේ නැති වෙන්න අපි ප්‍රවෘත්ති කියලා තියෙනවා. ඒවා හරිම සුන්දර අත්දැකීම්.

දැන් ආයෙත් දෙන්නා එකට ප්‍රවෘත්ති කියනවද?

අපි දෙන්න්ගෙ එහෙම අකැමැත්තක් නැහැ එකට ප්‍රවෘත්ති කියන්න. නමුත් ආයතනික වශයන් මැනෙජ්මන්ට් එකෙන් මොන වගේ තීරණයක් ගනීවිද දන්නේ නැහැනෙ. මොන වගේ තීරණයක් ගත්තත් අපි ඒකට හිස නමනවා.

කවදද ඔබ දෙපළගේ විවාහය සිදු වන්නේ?

මේ අවුරුද්දේ මැද විතර අපි විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්නවා.

බුද්ධික රොෂාන්

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Cialis Online No Prescription cialis generic Amoxicillin Dosage Level Buy Cialis Levitra Ohne Potenzprobleme
සිකු, 03/13/2020 - 17:39
StepCox (තහවුරු වී නොමැත)
Buy Nitrofurantoin 100mg Online Uk Buy Cialis Lasix Water Pill Over The Counter generic 5mg cialis best price Order Viagra
සිකු, 03/13/2020 - 18:13

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.