කවුද මම

සුනාමි සමඟ එන ප්‍රභා
ජනවාරි 23, 2020

 

 

ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදාට මෙරට සුනාමි ව්‍යසනය සිදුවී වසර පහළොවක් සපිරුණි. ඒ මහා ව්‍යසනයේ අඳුරු සෙවණැලි අදත් අප ජන ජීවිතයේ දෝංකාර දෙනුයේ ඒ මහා ව්‍යසනයේ් භයන්කාරත්වය කියාපාමිනි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වු ඒ මහා ව්‍යසනයෙන් සිදු වූ දේපල හානි මිනිස් ජීවිත පිළිබඳ මතකයන් වෙත නැවත අප කැඳවා යන්නට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය සෝමරත්න දිසානායකයන් සුනාමි ව්‍යසනයෙන් සිදු වූ අනුවේදනීය සැබෑ කතා පුවතක් සිනමාරූපීව පේ‍්‍රක්ෂකයන් වෙත රැගෙන එයි. පසුගියදා දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරැඹි ඔහුගේ නවතම සුනාමි චිත්‍රපටයේ දමිළ සිංහල පවුල් දෙකක සැබෑ අම්මා තාත්තා සොයා ගන්නට නොහැකිව අතරමං වී සිටින දියණිය වන ප්‍රභා හා කතාබස් කරමු.

 

 

කොහොමද ප්‍රභා දුව?

මම ප්‍රභා නෙමෙයි. මගේ නම මෙනාරා වීරතුංග. සෝමෙ මාමාගෙ චිත්‍රපටයේ තමයි මම ප්‍රභා.

එහෙනම් මම ප්‍රභා කියලා කතා කරන්නද මෙනාරා කියලා කතා කරන්නද?

මගේ ඇත්ත නම මෙනාරා. චිත්‍රපටයේ නම් ප්‍රභා. කොහොම කතා කළත් මට ප්‍රශ්නයක් නැහැ.

දුව කොහොමද සුනාමි චිත්‍රපටයට සම්බන්ධ වුණේ?

සෝමෙ මාමා අපේ අම්මට තාත්තට කතා කරලා කිව්වා සුනාමි කියලා චිත්‍රපටයක් කරන්න යනවා ඒකට ළමයි තෝර ගන්න පරීක්ෂණයක් චිත්‍රපට සංස්ථාවේ තියෙනවා කැමති නම් ඇවිත් යන්න කියලා. මමත් ඒකට ආවා. ළමයි සීයක් විතර ඒකට ඇවිත් හිටියා. සෝමෙ මාමා අපට දෙබස් කියන්න චරිත කරන්න දුන්නා. අපි හැම කෙනෙක්ම ඒවා කළා. කොහොම හරි ඒ ඇවිත් හිටිය ළමයි සීයෙන් පස් දෙනෙක් සෝමේ මාමා තෝ්ර ගත්තා. ඒ පස්දෙනාට මමත් අයිති වුණා. එතනදි සෝමෙ මාමා මාව ප්‍රභා කියන කැරැක්ටර් එකට තෝර ගත්තා.

මීට කලිනුත් දුව සෝමෙ මාමාගේ සිනමා නිර්මාණයකට දායක වුණා නේද?

ඔව්. මගේ මුල්ම චිත්‍රපටය සෝමෙ මාමාගේ සරිගම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ ළමයි හත් දෙනාගෙන් එක ළමයෙක් මම. ඒ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ පත්තරයක දැන්වීමක් දැකලා. සෝමේ මාමා චිත්‍රපටයක් කරන්න යනවා. ඒකේ රඟපාන්න ළමයි හොයනවා කියලා දැන්වීමක් තිබුණා. ඒක දැකල අම්මයි තාත්තයි මාව සෝමෙ මාමාගේ වැඩමුළුවලට එක්ක ගියා. එහෙම ඒව කීපයකින් තමයි ඒ චිත්‍රපටයටත් මාව තෝර ගත්තේ.

මුලින්ම දුව රංගනයට එනකොට වයස කීයද?

අවුරුදු අටයි.

දුව ඉගෙන ගන්නේ?

කැලණිය විදුර විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ.

සුනාමි චිත්‍රපටයේ ෂූටිංවලට කොච්චර කාලයක් වැය කළාද?

මාස දෙකක් විතර.

එතකොට ඉස්කෝලෙ ගියේ නැද්ද?

නිවාඩු කාලෙත් ෂූටිං තිබුණා. ඉස්කොලෙ දවස්වලත් ෂූටිං තිබුණා. ඒ දවස්වල ඉස්කෝලේ උගන්නපු දේවල් මගේ යාළුවෙක් ලවා ඒවා වයිබර් කර ගත්තා.

මෙනාරා,  මව පියා හා නැගණිය සමඟ
 
 

රඟපාන්න යන එකට පාසලෙන් විරෝධයක් ආවේ නැද්ද?

මුලින් සරිගම චිත්‍රපටයේ රඟපාලා තිබුණ නිසාත් පාසල් වැඩ කටයුතුවලදී මගේ කැපවීමත් සලකල සෝමෙ මාමාගේ ඉල්ලීමත් සලකලා විදුහලෙන් ඒ සඳහා අවසරය දුන්නා.

මෙනාරා දුව චිත්‍රපටයේ ප්‍රභා වුණේ කොහොමද?

සෝමෙ මාමා කිව්වා අම්මලා දෙන්නෙකුයි තාත්තල දෙන්නෙකුයි ඉන්නවා ළමයෙක් නැති වෙනවා කියලා මුලින්ම ස්ටෝරිය කියලා දුන්නා. එතකොට මම ඇත්තටම හිතුවා මගේ අම්මයි තාත්තයි නෑ කියලා ඇත්තටම හිතාගෙන රඟපෑම කළා.

දෙබස් එහෙම මතක තියාගත්තේ?

සමහරක් දෙබස් එක දිගට කියන්න ඕනේ. වන් ෂොට් ගන්න ඕනෙ ඒවා පොඩ්ඩක් බලා ගන්නවා. ඊට කලින් හැම සීන් එකකටම කලින් සෝමෙ මාමා මම ඉන්න කැරැක්ටර් එකකම අනික් අයත් අරන් ඒ ගැන කතා කරනවා. ඒක මට හරි පහසුවක් වුණා. හැම සීන් එකක්ම ගන්න කලින් රිහසල් එකක් කළා. හැබැයි රිහසල් නැතුව කරපු සීන් තුනක් තිබුණා. මම ආවේෂ වෙන එක. ජූස් එක ඔ

Add new comment