අද මං පූර්ණකාලීනව මාධ්‍ය උගන්වනවා

ගයාන් ඉද්දමල්ගොඩ
ජනවාරි 23, 2020

ඔබගේ නම සඳහන් කරමු?

මම ගයාන් ඉද්දමල්ගොඩ.

මේ වන විට ඔබේ වෘත්තිය?

උසස් පෙළ මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ දේශකවරයකු ලෙසට මං කටයුතු කරනවා.

ඔබ කලක් රූපවාහිනි ක්ේත්‍රයට සම්බන්ධ වෙලා හිටියා?

ඔව්. ශ්‍රීලක්වාහිණිය, ජාතික රූපවාහිනිය, මැක්ස්, සියත, තිනෙත වගේ නාළිකාවල මම වැඩ සටහන් නිෂ්පාදකවරයකු සහ නිවේදකයකු විදිහට කටයුතු කළා. ජාතික රූපවාහිනියේ සැඳෑ නිම්නය, සියත චතුර් විද්‍යාව වගේ වැඩ සටහන් රැසක නිෂ්පාදකවරයා මම. ඔය සියල්ලම කළේ කැලණිය කැම්පස් එකේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හදාරන ගමන්.

නිවේදකයකු විදිහට ඔබව ප්‍රේක්ෂකයන්ට තවම මතකද?

මං හිතන්නේ නැහැ මතක ඇති කියලා. මොකද එදාට වඩා අද මගේ පෙනුම සෑහෙන්න වෙනස්.

අද වන විට ඔබ රූපවාහිනී මාධ්‍යයෙන් ඉවත් වෙලාද?

මං අද පූර්ණකාලීන දේශකයෙක්. මාධ්‍යකරණය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනට නිසි තැනට යොමු කිරීම තමයි මගේ අරමුණ.

ඒ වෙනුවෙන් ඔබ ඇකඩමියක් ආරම්භ කළා නේද?

මං ඒක ආරම්භ කළේ ලොකු බලාපොරොත්තුවත් ඇතිව. එයට හේතු කාරණාව මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මං කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටයනෙ. මේ බව දැනගත් මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මගෙන් විමසන්න පටන් ගත්තා වෘත්තීය මට්ටමෙන් මාධ්‍ය හදරන්න තැනක්. මමත් මං දන්න තැන්වලට ඔවුන් යොමු කළා. කියන්න කනගාටුයි ඒ කොල්්ලො කෙල්ලන් හරියට දෙයක් ඉගෙන ගත්තේ නැහැ. නිසි විදිහට ඔවුන් මට නිසි තැනට යොමු කරවන්න බැරි වුණා. මේ තත්ත්වය මත මං හිතා ගත්තා හරියට මාධ්‍ය උගන්වන ඇකඩමියක් පටන් ගන්න. ලංකාවේ ස්ථාන හයක මං මේ මාධ්‍ය ඇකඩමිය පටන් ගන්නවා. ඉද්දමල්ගොඩ මීඩියා ඇකඩමි කියන වචන කෙටි කරලා ධ්ර්ඒ නමින් තමයි ඇකඩමි පටන් ගන්නෙ. මං හිතාගෙන ඉන්නේ කොළඹට වඩා ගම් ප්‍රදේශවල මාධ්‍යකරණයට ආස ළමයින්ට මේකෙ හරි පාර කියලා දෙන්න. සමහරු කියනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා නැහැ කියලා. ඒක බොරුවක්. හරි දක්ෂතාවයක් තියෙන ඕනෑම කෙනකුට මාධ්‍ය ක්ෂේත්‍රය විවෘතයි. ජනමාධ්‍ය පිළිබඳ ප්‍රමාණිත අවබෝධයක් ලබා දෙන තැන් හරි අඩුයිනෙ.

ඔබේ ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු කරන පිරිස සඳහන් කළොත්?

මහාචාර්ය කමල් වලේබොඩ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරගේ, ගුවන් විදුලියේ වැඩ සටහන් අධ්‍යක්ෂ විජය දිසානායක, ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ සිනමා සංස්කාරක ඩිල් ෆිල්ම්ස් අධිපති ප්‍රවීණ් ජයරත්න, නාට්‍ය අධ්‍යක්ෂ තරංග බණ්ඩාර, සියත ගුවන් විදුලි වැඩ සටහන් කළමනාකාරිනී තිලිණි පූර්ණිමා කුලසිරි, නිවේක අසංක සතරසිංහ, වී එෆ්. එම්. ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ගිහාන් කාලිංග වගේ අය තමයි ගුරුවරුන් විදිහට කටයුතු කරන්නේ.

ඔබට කෙනෙකුට කතා කරන්න වුවමනා නම්?

0772991425 අංකයෙන් පුළුවන්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.