Facebook එකේ සමහර පිරිමි ගෑණු වගේ

පූර්ණිකා සමඟ අලුත් දිවිය අරඹද්දී පේෂලගෙන් චෝදනාවක්
පෙබරවාරි 6, 2020

ඉකුත් වසරකදී ලේක්හවුස් ආයතනයේ පැවැත්වූ අමාදහර බැති ගී සරණියට පේෂල මමෝජ් පැමිණ සිටියේ තනිවම නොවේ. ජනපි‍්‍රය නිවේදිකා පූර්ණිකා පීරිස් ඔහුත් සමඟ පැමිණියාය. අනතුරුව අවස්ථා කිහිපයදී පේෂල පූර්ණිකා යුවළ වරින්වර අපට මුණ ගැසිණ. මේ දෙදෙනා කවදා හෝ කසාද බඳීවි කියා අපට සිතුණ ද ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කොට න්‍ාැති නිසා කිසිත් අප නොලීවෙමු. පසුගිය සතියේ පේෂල සහ පූර්ණිකා විවාහ ගිවිස ගන්නා ලදී. සීමිත පිරිසක් සහභාගි වූ එම අවස්ථාවෙන් පසුව මොවුන් පිළිබඳ වැඩි දෙනෙකු සොයා බැලීමට උනන්දු විය. ඒ අතරේ පේෂල පූර්ණිකා යුවළට අවලාද නගන්මෝ ද සිටියහ. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ නව ජීවිතය ගැන කතා කිරීමට පේෂලව මෙසේ එක්කාසු කර ගත්තෙමු.

 

පේෂල ඇයි හදිසියේම විවාහ ගිවිස ගන්නට හිතුණේ?

සැප්තැම්බර් වෙනකම් නැකැත් නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි දෙන්නෙගෙ සම්බන්ධය දැන් වසර තුනකටත් වැඩියිනේ. ඉක්මනට විවාහ ගිවිස ගන්න ඕන කියලා හිතමින් හිටියේ. ඔය අතරේ ආරංචි වුණා මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකම් සුබ නැකැත් නැහැ කියලා. තියෙන ඉක්මන්ම නැකතට තමයි මෙහෙම අපි විවාහ වුණේ.

පූර්ණිකා කලින් විවාහ වූ කෙනෙක්?

ඔව්. අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. අපි සම්ප්‍රදායික විදිහටට හිතන අයත් නෙවෙයි. පූර්ණිකාගෙත් මගෙත් බැඳීම් අතරේ දෙන්නට දෙන්නා මාර මානසික සුවයක් අත්වින්දා. ඒක ඇතුළේ අපිට වැඩක් නැහැ පෙර මොනවද වුණේ, අතීත කතා මොනවද කියන කාරණය. එතනින් මං අදහස් කළේ නැහැ පූර්ණිකාගේ කලින් විවාහය බිඳී ගියාම ඒකට සහනයක් වෙන්න ගිහින් අපි යාළු වුණා කියලා. එහෙම නෙවෙයි. අපි කාර්යබහුල ජීවිතයක්නෙ ගෙවන්නේ. පූර්ණිකත් නිවේදිකාවක්. මමත් එහෙමයි. අපිට අපේ බැඳීම එකිනෙකාට ලොකු ශක්තියක්. දෙන්නා හරිම නිදහසේ ජීවතේ ගෙවනවා.

පූර්ණිකාගේ පුතු හා ඔබේ බැඳීම කොහොමද?

පුතා මගෙත් එක්ක ගොඩක් එකතුයි. අපි දෙන්නා ළඟ ලොකු බැඳීමක් තියෙනවා. අරයගෙ දරුව ද මෙයාගෙ දරුව ද මගෙ දරුව ද කියන එක නෙවෙයි ප්‍රශනේ. කවුරු වුණත් දරුවෙක් නේ කියලයි මං හිතන්නේ.

ඔබ දෙපොළගේ විවාහයෙන් පසුව නොයෙක් අන්දමේ පෝස්ට් ෆේස්බුක් එකේ හැදුණා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

මමත් සමහර ඒවා දැක්කා. හොඳයිනෙ ඒවා හැදෙන එක. අපිටත් හොඳ පබ්ලිසිටියක් ලැබුණේ. ඒවා හැදෙන කොට මං හිතන්නේ අපි ගැන කී දෙනෙක් බලාගෙන ඉන්නවද කියන කාරණය. ඒ අස්සේ සමහර පෝස්ට් දකින කොට මං මේ වගේ දේවල් කරපු අපරාධකාරයෙක් ද කියලා හිතනවා. මඩ ගැහිල්ලත් උපරිමයෙන් වුණා. ෆේස්බුක් එකේ ඉන්න සමහර පිරිමි තමයි ගෑනු වගේ ඔය එක එක ගොං පෝස්ට් හදලා තිියෙන්නේ. රෙදි නැන්දලට හපන් රෙදි මාමලා වගේ තමයි මට එයාලව පේන්නේ. තනිකරම පිරිමි ඇඳුම් දාගත්තු කාන්තාවෝ.

මින් පසු දෙරණ චැම්පියන් ස්ටාර් එකේ සචිනි එක්ක පාන ආලවට්ටම් එහෙම අඩු වේවිද?

අනේ නැහැ. ඒවා කොහොමත් එහෙම්මම තමයි. පූර්ණිකා සහ මගේ සම්බන්ධය වසර තුනකටත් වැඩියි කියලා මං කිව්වෙ. ඒ කාලයේදිත් මං පුරුදු විදිහටම සචිනිලා තව තව ගැහැනු ළමයි එක්ක ඔය ප්‍රෝගෑම් කළේ. බැන්දයි කියලා එක වෙනස් වුණේ නැහැ. සුපුරුදු ගතිගුණ එහෙම්මමයි.

පේෂල හිතන විදිහට ඇයි කලාකරුවන්ගේ පවුල් ජීවිත බිඳිලා යන්නෙ?

ඒකට ප්‍රධානම හේතුව තමන්ගේ පෞද්ගලික ජීවිතය කලාකරුවා ලෙස නොව සාමාන්‍ය පුද්ගලයා ලෙස ගෙවන්නේ නැතිකම. කලාකරුවා ඉන්නේ නිවසින් පිට. ගෙදර ආවට පස්සේ එයා ස්වාමි පුරුෂයා, මව, බිරිය, තාත්තා. ඒ නිසයි ඔය අමරදේව සර්ගේ, සනත් සර්ගේ වගේ ප්‍රවීණයින්ගේ පවුල් රැකුණේ. ඩිවෝස් කතන්දරේ ඔය දැන්නෙ තියෙන්නේ. පවුල් ජීවිතයට මුල තැන් දුන්නොත් පවුල රැකෙනවම තමයි.

කොහොමද ඔබේ වෘත්තීය දිවියේ වැඩ කටයුතු?

සුපුරුදු විදිහට කථිකාචාර්ය තනතුරේ වැඩ කරගෙන යනවා. ළමයිනුත් මගෙත් එක්ක බොහොම හිතවත්. අපි යාළුවො වගේ ඉන්නේ.

කවදා විතරද දෙන්නා එක වහළක් යටට පදිංචියට යන්නේ?

ඉදිරි දිනකදි පුංචි පාර්ටියක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි ඕව හිතන්නේ.