රීලෝඩ් එකක් නැතිව

නෙතලි නානායක්කාර හමු වීමු
පෙබරවාරි 13, 2020

 

අප එනවග දැන ඇය උලුවස්සට බර දී මඟ බලා සිටියේය.

ගේ හොයාගන්න අමාරු වුණේ නැහැ නේද...

නැහැ කියා මම කීවෙමි.

අද ටිකක් විවේකයි ... එන්න... වාඩිවෙන්න ...

නෙතලි නානායක්කාර අපට ඇරැයුමක් කරයි.

රීලෝඩ් එකක් දාගන්න ගියේ නැද්ද...මගේ පැනයට ඇය හහ් හහ් ගා සිනාසෙයි.

කොහේ ගියත් ඔය ප්‍රශ්නෙනෙ අහන්නෙ. නාට්‍යය ගෙඩක් ජනප්‍රියයි නේද...

ඇය කියන්නේ නෝ පාර්කිං නාට්‍යය ගැනය. මතට ඇබ්බැහි වූ ඇය රඟපාන චරිතය විටින් විට යන්නේ සීයේ රීලෝඩ් එකක් දමාගන්න කියාය.

මේ ළඟදි ටවුන් එකට ගියා. කතා කරන කතා කරන කෙනා අහන්නේ ආ... රීලෝඩ් එකක් දාන්න ගියේ නැද්ද... කියලා. එහෙම කියන්නේ අපි චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන නිසානෙ.

ඔය ජනප්‍රියත්වය හිරිහැරයක් වෙලා නැතිද?

මං එහෙම හිතන්නේ නැහැ. ගමනක් යනකොට ටිකක් ප්‍රමාද වෙනවා තමයි. නැවති නැවති කතා කරන්න වෙනවනෙ. එතකොට සමහරු කියනවා වෙන නිළියෝ ගස්සගෙන යනවනෙ. ඔයා එහෙම නැහැ කියලා. බලන්න ඒ වචනවල තියෙන අදහස.

දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

මුලින්ම ගුවන් විදුලියටනෙ ගියේ. එක් දහස් නවසිය පනස් පහේ. වික්ටර් මිගෙල්, ධර්ම ශ්‍රී මුණසිංහ, ගැමුණු විජේසූරිය ඔය අපි ඔක්කොම එක ටීම් එක. ඒ කාලේ ටෙලිවිසොන් තිබුණේ නැහැනෙ. ගමකටත් තිබුණේ ගුවන් විදුලි සීමිත ප්‍රමාණයක්. ඒක ගාව වට වෙලා ගුවන් විදුලි නාට්‍ය රස විඳිනවා. හරි විදිහට රඟපාන්න ආවේ අනූව අවුරුද්දේ විතර.

රංගනයට ඇයි ප්‍රමාද වුණේ?

ඔය ගුවන් විදුලියෙ නාට්‍ය කළෙත් මං රැකියාවක් කරන ගමන්. ඒකෙන් අයින් වෙන්න මං කැමැති වුණේ නැහැ. ස්ථිර ආදායමක් ලැබුණනෙ. රැකියාව කරලා ඉවර වෙලා තමයි හවස් වරුවේ ගුවන් විදුලියට ආවේ. මං විතරක් නෙවෙයි ගොඩක් අය එහෙමයි. වොලී නම් (වොලී නානායක්කාර) ඔයාලගෙ ලේක්හවුස් එකේ වැඩ කළා. එයා අයින් වුණානෙ ජොබ් එකෙන්. මං පූර්ණකාලීනව රඟපාන්න ආවේ රැකියාවෙන් අයින් වුණායින් පස්සේ.

ඒකාලේ ඔබ කටහඬින් පවා ඉතා ජනප්‍රියයි?

ගුවන් විදුලියේ යන නාට්‍ය තමයි ඒ කාලේ ඇහැව්වේ. හවස වැඩ ඉවර වෙලා කට්ටිය රොක් වෙලා නාට්‍ය අහන ගමන් හඬත් එක්ක චරිත මනසෙ මවා ගන්නවා. එහෙමනෙ වුණේ. මිනිස්සු කටහඬට ආදරේ කළා, ළෙංගතු වුණා. මුවන්පැලැස්ස වගේ නාට්‍ය කරන කාලේ මං දවසක් බස් එකක ගියා යාළුවෙක් එක්ක කතා කරකර. යාළුවා බැහැලා ගිය ගමන් ඉස්සරහ සීට් එකේ හිටපු කෙනා මගේ දිහා බලලා ඔයා නෙතලි නානායක්කාර නේද කියලා ඇහැව්වනෙ. මටත් හරිම පුදුමයි. යාළුවත් එක්ක කතාකරන හඬින් තමයි මාව හඳුනගෙන තියෙන්නේ. එච්චරට මතකයක් තියනවා කියන්නෙ . . . නේද . . .

මෝ පාර්කිං නාට්‍යයට අමතරව මොනවද වෙනත් නිර්මාණ තියෙන්නේ?

සකල ගුරු නාට්‍යයත් හොඳට බලනවා මිනිස්සු. ගිරිදේවි කියලා නාට්‍යයක් කළා. තවම ටෙලිකාස්ට් වුණේ නම් නැහැ.

නෙතලිගෙ දුවලා පුතාලා?

දුවලා හතරයි. එක පුතයිනෙ මට ඉන්නෙ. එයාලා සේරම විවාහ වෙලා. මං මිත්තනියක් වෙලත් ගොඩක් කල්.

නිළියකගෙන් වයස අහන එක එච්චර හොඳ නැති වැඩක්. ඒත් ඔබෙන් අහන්න හිතෙනවා?

මට වයස අසූ තුනක්. හොඳට කනවා බොනවා. විශේෂ තෝරා බේරා ගැනීම් නැහැ. දෙයියන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා.

ඔබ වැනි ජ්‍යේෂ්ඨ නිළියකට නිසි උපහාරයක් වුණේ නැහැ කියන එකයි මගේ අදහස?

මොන උපහාරද . . . ඒවා නම් බොරු වැඩ. දවසක් මං මෙතන ඉඳලා මඟට ත්‍රීවිලර් එකක ගියා. බැහැලා සල්ලි දෙන්න හදද්දි ඒ රියදුරා සල්ලි එපාමලු. මිස් වගේ කෙනෙකුගෙන් මං කොහොමද සල්ලි ගන්නෙ කියලා කිව්වා. අන්න ඒ ජනතා ප්‍රසාදය තමයි මං ලබන උපහාරය.

 

Comments

StepCox (තහවුරු වී නොමැත)
Exceso De Kamagra cheapest cialis 20mg Discount Isotretinoin Online Buy Cialis Finasteride Vs Propecia Androgenetic Alopecia
සෙන, 03/14/2020 - 12:31
StepCox (තහවුරු වී නොමැත)
Exceso De Kamagra cheapest cialis 20mg Discount Isotretinoin Online Buy Cialis Finasteride Vs Propecia Androgenetic Alopecia
සෙන, 03/14/2020 - 12:32
Jankisa (තහවුරු වී නොමැත)
Discount Codes For Pharmacy Express Cialis Stendra Next Day Delivery Shop Buy Cialis Calais Pills From Canada
සෙන, 03/14/2020 - 12:33

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.