සඳලුතලේ සිට දිව්‍ය අංගනාවි ලියු

සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
පෙබරවාරි 20, 2020

 

 

දැනට කොච්චර කල් වෙනවද සින්දු ලියන්න පටන් ගෙන?

අවුරුදු දහහතරක් වෙනවා.

 

ලියපු සින්දු අතින් මුලින්ම ජනප්‍රිය වුණේ?

සඳලු තලේ නිල්මිණි දල්වා. මේරියන්ස් නලින් අයියා කිව්වෙ. ඒ කාලේ චාර්ට් ෂෝවල නම්බර් වන් වුණා. අදටත් ඒක ජනප්‍රියයි.

 

ඔබ ලියූ ගීත අතරින් ඔබ වඩාත් ළෙංගතු ගීතය?

දමිත් අසංක ගයපු මට හීනයක් වෙලා.

 

වැඩිපුරම විවේචන ආව ගීතය?

ඉරාජ්ලා කියපු මගෙ ස්විට් මැණික. ගොඩක් අය දොස් කිව්වා. විවේචනය කළා. මං මගේ ගීත රචනා කලාව වෙනස් කර ගන්න ලියපු ගීතයක් හැටියට ඒක හඳුන්වන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් කොයි වගෙ වෙලාවන්වලදී ද ඔබ ගීත ලියන්නේ?

උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට තමයි සිංදු ලියන්නේ.

 

කොච්චර වෙලාවක් යනවද ගීතයක් ඔබට ලියන්න?

පැය එකහමාරක් දෙකක්.

 

ඉතාම ඉක්මනින් ලියපු ගීතය?

දමිත්ගේ මට හීනයක් වෙලා.

ඔබ ලියපු සින්දු කියපු ගායකයන් අතරින් ඔබට වැඩිපුරම මුදලක් දුන්නේ කවුද?

රොමේෂ් සුගතපාල.

හිත මගෙ පාරලා ගීතය වෙනුවෙන් තමයි ඒ මුදල මට දුන්නේ.

 

කීයක්ද දුන්නු ගාන?

ලක්ෂ දෙකක් දුන්නා.

සාමාන්‍යයෙන් ගීතයක් ලියන්න ඔබ අය කරන මුදල කීයද?

රුපියල් හතලිස් දාහක් විතර.

 

නවකයෙක් ගීතයක් ඉල්ලුවත් ඒ ගාණමද කියන්නේ?

නැහැ. සමහර විට වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී.

 

මෙතෙක් ඔබ ගීත ලියා නැති ඒත් සින්දුවක් ලියන්න කැමැත්තෙන් ඉන්න ගායකයො කවුද?

කසුන් කල්හාරටයි ජිප්සීස් සුනිල් අයියටයි ගීතයක් ලියන්න කැමැත්තෙන් ඉන්නවා.

 

සම්පත්ගේ වෘත්තීය ගීත රචනයද?

නැහැ. මං ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන ගමන් තමයි ගීත රචනයේ යෙදෙන්නේ.

 

සම්පත් ලියූ ගීත:

සඳලු තලේ - නලින් පෙරේරා,දිව්‍යාංගනාවි - ප්‍රසංග තිසේරා,හීනයක් ද මේ - ශෂිකා නිසංසලා ප්‍රසංග තිසේරා සමඟ,සඳ කින්නරාවි මාගේ / පුන්සඳ ද ඔබ මාගේ - නිලංග සිල්වා,ලස්සන ලස්සන / රෑ අහසේ - සංගීත් විජේසූරිය,පුංචි සමනලි - නදීර නෝනිස්,මට හීනයක් වෙලා - දමිත් අසංක,හිත වාවන්නේම නෑ / කවදා හෝ / තුරුල් වෙන්න ආසයි - භාතිය සන්තුෂ්, සුරංගනාවී මගේ - රුවන් හෙට්ටිආරච්චි,ස්විටි මැණික / වස්සාන හීනේ - ඉරාජ්,හිත හිරි වැටුණාදෝ - බාචි සුසාන් සමඟ අශාන්ති,විසේකාරි /කොහේ යන්නද - බාචි සුසාන්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.