රැttaගේ මැජික්

රතිඳු සේනාරත්න
පෙබරවාරි 20, 2020

රැට්ටා කියන්නේ යූ ටියුබ් එකේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක්. රැට්ටාගෙ වීඩියෝ බලලා බොහෝ දෙනෙක් අපමණ සතුටක් ලබනවා. කවුද මේ රැට්ටා. රැට්ටාගේ ඇත්ත නම රතිඳු සේනාරත්න

රතිඳු ‘රැට්ටා’වුණේ කොහොමද?

ජොබ් එකකදී. ඒ ඔෆිස් එකේ හිටිය යාළුවෙක් තමයි මුලින්ම එහෙම කතා කළේ. ඊට අවුරුදු දෙකකට පස්සෙයි මං කධභ ඊභඡඥ එක පටන් ගත්තේ. ඒකට මට නමක් ඕන කළා. අන්තිමේදී ‘කැචී’ නිසයි මාව හුඟ දෙනෙක් දන්නෙත්. ඒ නමින්ම නිසයි රැට්ටා නම දැම්මා.

‘රැට්ටා’ වීඩියෝ බලලා හුඟ දෙනක් හිනා වෙනවා. මිනිස්සුන්ට හිනා නොවී, මිනිස්සු හිනස්සන එක ලේසි වැඩක්ද?

‘ප්‍රොඩක්ෂන්’ වැඩ එච්චර අමාරු නෑ. ඒවාට ඒ තරම් වෙලාවක් ගත වන්නේත් නැහැ. හැබැයි ‘කන්සෙප්ට්’ එක එහෙම නෙවෙයි. හුඟ වෙලාවක් කල්පනා කරන්න ඕන. සමහර විට සති ගණන් යනවා, ‘කන්සෙප්ට්’ හදා ගන්න.

දවසම ‘ඔන්ලයින්’ ඉඳිල්ලත් ලේසි නෑ නේද?

දවසම ‘කනෙක්ටඩ්’ නම් තමයි. ඒත් මම ඇක්ටිව් වෙන්නේ නම් පැය දෙකක් විතර.

තාම තනිකඩද?

අපොයි ඔව්.

වයස ඇහැව්වොත් අමනාප වෙයිද දන්නෑ?

නෑ අවුලක් නෑ. මට 31 යි.

අංගනාවන්ට හිත ගිහිල්ල නැද්ද අන්තර් ජාලෙදි එහෙම?

මොකෝ නැතිව.

මතක් කරමුද එහෙම ‘සීන්’ එකක් දෙකක්?

ඕන නෑ වගේ හිතෙනවා අනේ.

හරි හරි අවුලක් නෑ කධභ ඊභඡඥ කෙරුවාවෙදි බල්ලොත් එක්ක බැහැයි කියලා සමහරු කියනවානේ?

එහෙම අකරතැබ්බ නොවෙනවාම නෙවෙයි. සමහරුන්ට මහ රෑට අඩිපුඩි ගහද්දි බයිට් එක වෙන්නේත් රැට්ටා. ඒත් ඉතින් මාත් මනුස්සයෙක් මටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා ඒ අයට වැටහේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

කොයි ප්‍රදේසෙද වාස දේසෙ?

ජාඇල.

පවුලෙ විස්තර දැනගන්න ප්‍රේක්ෂකයො කැමති ඇති?

මමයි, අම්මයි, තාත්තයි, අයියයි, නංගියි ඉන්නේ. අයියයි, නංගියි බැඳල වෙනම ඉන්නේ. මායි අම්මයි තාත්තයි ගෙදර.

බලන්ඩකො ඇඟේ හැටි. ටිකක් ‘සයිස්’ වෙන්ඩ ආස නැද්ද?

ජිම් ගියා දවස් 5 - 6 ක්. මේ ටිකේ ඒකත් නැවතුණානේ. හැබැයි ඉතින් වයස කියන එක අතින් අල්ලලා නවත්තන්න බෑනේ. ඒක ඔහේ ගෙවිලා යනවාමයි. 

ෆීල්ඩ් එකට එන අලුත් කොල්ලෙක්, කෙල්ලක් ඇඩ්වයිස් එකක් ඉල්ලුවොත්?

එහෙමනම් මං හුඟක් සතුටු වෙනවා. ‘යූත් එක’ වැඩිපුර ඕන කරනවා මේ පැත්තට. තව හොඳ හොඳ නිර්මාණ බිහි වෙන්න ඕන. ඉතින් සල්ලි හොයන එකටම නෙවෙයි. කොයිදේටත් වගේ මේ ෆීල්ඩ් එකේ ඉහළට යන්නත් අරමුණක් තියෙන්නම ඕනෑ. එහෙම වුණාම ඉක්මනින් මේ වැඩ එපා වෙන් නෑ. දක්ෂතාව මාර්කට් කරන්න මහන්සි ගැනීමයි වැදගත්. ආත්ම ශක්තියෙන් මං මේ ගමන ආවේත් එහෙමයි.

හා පුරා කියලා කරපු වැඩේ දැන් මතකද?

අපොයි ඔව්. 2016 දී අද්භූත පුටුව කියන වීඩියෝව මං අලුතින් කැමරාවක් අරන් ඒක ටෙස්ට් කරන්න හිතාගෙන කළ වඩෙන් තමයි අහම්බෙන් වගේ මං මේ දිහෑවට හැරුණේ.

අපි දැන් හැරෙන්නේ ඔබේ ඉදිරි අනාගතයට?

ආයෝජන කිහිපයකට යොමු වෙනවා. ඉදිරියේදී විවාහය ගැනත් කල්පනා කරන්න සිදු වේවි.

සැකූසුම - ප්‍රසාද් සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.