අනුෂ්ක උදාන ලියනගේ

පෙබරවාරි 27, 2020
"වස්ති" යනු සමාජ මාධ්‍ය තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රොක් වී සිටින සමාජ මාධ්‍ය සන්නාමයකි. කලින් කලට සමාජයේ තරුණ පිරිස අතර මතුවන විවිධ රැලි ආදේශ කොට ගනිමින් ඊට හාත්පසින් වෙනස් රැල්ලක් තම වීඩියෝ පට තුළින් නිර්මාණය කිරීමට "වස්ති" කණ්ඩායම උත්සාහ කරයි. ප්‍රධාන චරිත දෙකක් මූලික කොට ගනිමින් ඔවුන්ගේ ප්‍රධානීත්වයෙන් ඇරඹුණු "වස්ති" කණ්ඩායම මේ වන විට විශාල පිරිසකගේ දායකත්වය සහිතව සාර්ථක ගමනක් යමින් සිටියි. එහි අධ්‍යක්ෂ අනුෂ්ක උදාන ලියනගේ සමඟ කළ කතාබහකි මේ.

 

ඉතින් අනුෂ්ක, කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. ටිකක් කාර්යබහුලයි. කාර්යබහුල වැඩියි වුණාට ගැටලුවක් නැහැ. මම ආසා කෙරුවේ මේ ජීවිතේට තමයි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල මම ගජමෑන් චිත්‍රපටයේ වැඩ ඉවර කරලා තියෙන්නේ. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම. ඒකේ අවසාන වැඩකටයුතු ටික කරගෙන යනවා. මේ දවස්වල ඒ වැඩේට තමයි මුල්තැන දීලා තියෙන්නේ.

අනුෂ්ක හිතන විදිහට දැන් "වස්ති"ලා සාර්ථකයිද?

ඔව්. අනිවාර්යයෙන්ම සාර්ථකයි. මොකද මීට කලින් සිනමාවට සහ ටෙලිනාට්‍යවලට සම්මාන දුන්නාට සමාගමක් විසින් සෝෂල් මීඩියාවලට සම්මාන දෙන මට්ටමකට රට පත් වෙනවා කියන්නේ "වස්ති"ලාටත් වැඩිය සෝෂල් මීඩියා අංග සම්පූර්ණයි කියන එක. ඒ සෝෂල් මීඩියා ඇතුළේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න අපි සාර්ථකයි කියන එක අවිවාදිතයි.

"වස්ති" පටන් අරගෙන දැන් කොච්චර කල්ද?

"වස්ති" පටන් අරගෙන මේ ගෙවෙන්නේ පස්වෙනි අවුරුද්ද.

මේ අවුරුදු පහ දිහා ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

පටන් ගත්ත ගමන සහ දැන් ඉන්න තැන ගැන කතා කළොත් ඉතාමත් ප්‍රීතිමත් කියලා කියන්න පුළුවන්. මොකද මමයි තඩියයි ( උදුල ) මේක පටන් අරගෙන දවසින් දවස ඉස්සරහට ගිහින් මේ වෙද්දි වෘත්තිය මට්ටමෙන් වැඩ කරන පිරිසක් මේ කණ්ඩායමේ ඉන්නවා. "වස්ති" නිසා ජීවත් වෙන අය ඉන්නවා. ගොඩක් අයට රැකියා අවස්ථා දීලා තියෙනවා. අපේ සන්නාමය සහිත ඇඳුම් වෙනම අලෙවි කරනවා. "වස්ති" කැප්, ටීෂර්ට් වෙනම විකුණනවා. ඉදිරියේදී තව තවත් ඇඳුම් වර්ග ඒ ගොන්නට එකතු වෙයි. එහෙම බලපුවාම වස්ති කියන්නේ වීඩියෝ හදන එකට අමතරව තවත් වැඩ ගොඩක් කරන පිරිසක්.

ගිය සතියේ වස්ති Upload කරපු වීඩියෝ එකට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ඉස්සර වගේම තමයි. ප්‍රතිචාර එන්න එන්න වැඩි වෙනවා. විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් අපි වටා ඉන්නවා. ඒ වගේම "වස්ති" කියන්නේ මොකක්ද කියලා නොදන්න, වීඩියෝ එක විතරක් බලලා තෘප්තිමත් වෙන අයත් ඉන්නවා. අපි විශ්වාස කරන්නේ බහුතර ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ අපේ මුල ඉඳලා හිටපු පිරිස. අපේ ඉතිහාසය දන්න අය කොහොමත් දන්නවා වස්ති කියන්නේ මොකක්ද කියලා. අද ඊයේ එකතු වුණු අයත් අපිව ආදරෙන් පිළිඅරගෙන ඉන්නවා.

වස්තිලාට වැඩියෙන්ම බණින්නේ කවුද?

අපේ ප්‍රේක්ෂකයන්ම තමයි. අපිට මෑතකදී සම්මානයක් ලැබුණා රයිගම් So-Me Awards "Social Media Icon" කියලා. ලංකාවේ හොඳම සෝෂල් මීඩියා සන්නාමයට සම්මාන ලැබුණු අපේ ජඩචදදඥත එකට ගිහින් බැලුවාම ඒකේ අපි ලක්ෂ ගණන් වියදම් කරලා කරපු පිං අතේ වැඩ තියෙනවා. ඒවා බලලා තියෙන්නේ හරිම සුළු පිරිසක්. මිනිස්සු බැණ බැණ හරි බලන්නේ අපි විනෝදය උදෙසා හදන වීඩියෝ විතරයි. හොඳ දේවල් මිනිස්සු බලනවා අඩුයි. ඒ නිසා අපිව බලන අය තමයි අපිට වැඩිපුර බණින්නෙත්. බණින අය තමයි වස්ති වැඩිපුරම බලන්නෙත්. වැඩිපුර බැණ බැණ බලන්නෙත් හොඳයි කියන ඒවා නෙමෙයි. අපිට බනින්නෙත් හොඳ කියන්නෙත් එකම පිරිසක් තමයි. ඒක තමයි Social Media වල ස්වභාවය. මිනිස්සුන්ට අද තියෙන දේ හෙට අමතක වෙනවා.

"වස්ති" කියන්නේ කණ්ඩායමක්. ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල විවිධ කණ්ඩායම් හැදිලා තියෙනවා. ඒ කණ්ඩායම් සාමූහිකත්වයෙන්, දක්ෂතාවලින් උපරිම තලයට ගිය පසු කැඩී විසිරී යනවා. කවදාහරි වස්තිලාත් එහෙම වෙයිද?

ටිකෙන් ටික අපේ කණ්ඩායම වැඩි වුණා හැරුණුකොට අපි කාවවත් හලන්නේ නැහැ. වස්ති කියන්නේ දෙන්නෙක්ගෙන් පටන්ගත්ත වැඩක්. නමුත් විශාල පිරිසක් අපි වටා ඉන්නවා. ඒ පිරිස ඉන්නේ විවිධාකාර හේතු මත. තව තවත් පිරිස වැඩි කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මට ඕනේ ටිකක් ලොකු ලොකු වැඩ කරන්න. ඒකට ලොකු පිරිසක් ඕනේ.

්ඩායමේ ඉස්සරහින් ඉඳලා වස්ති පවත්වාගෙන යන එක.

ඔබේ සගයා, දුලාජ්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

තඩියා, එහෙම නැතිනම් දුලාජ් ජයතිලක. එයා තමයි මගේ ප්‍රධාන සගයා. ඉස්සර මමයි තඩියයි කරපු වැඩ බෙදාගෙන කළේ. Art Director වැඩේ කෙරුවෙත් අපි, transport එකත් අපි, වතුර ඇද්දෙත් අපි. Makeup කරගත්තෙත් අපි. දැන් අපිට වැඩ කරලා දෙන අය ඉන්නවා. දැන් අපේ වැඩ අවමයි.

නිර්මානි බණ්ඩාරනායක

Add new comment