හිමායා බණ්ඩාර

පෙබරවාරි 27, 2020
මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්නේ නැහැ. සොබා ධර්මයට මිනිස්සු ආදරය කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ. මිනිස්සු විදිහට හැමෝම හැමෝටම ආදරය කරන්න
මං ජනප්‍රිය වෙන බව කේන්දරෙත් තිබුණා

කොහොමද ඔබේ රංගන කටයුතු?

ස්වර්ණවාහිනියේ හදවත් කතාවෙ රඟපානවා දුලන්‍යා කියලා චරිතයක්.

ඒකත් ටීචර් කෙනෙක්?

ඔව්. දෙවැනි ඉනිමෙත් ටීචර්. මේක ඊට වඩා තරමක් වෙනස් චරිතයක්. 

නිවේදිකාවක් විදිහටත් ඔබ කාර්ය බහුල වෙලා?

වරණ ටීවී එකේ තමයි එනවුන්සිං කරන්නේ මේ දවස්වල.

හිමායා කේන්දර විශ්වාස කරනවාද?

කාලයක් විශ්වාස කළා. ඇත්ත දේවලුත් කියැවුණා. සමහරක් පට්ටපල් බොරු. දැන් නම් කේන්දර විශ්වාස කරන්නෙම නැති තරම්.

කේන්දරේ දේවල්වලින් මොනවද සැබෑ වුණේ?

මං කවදා හරි ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා කියලා තිබුණා.

හිමායගෙ ප්‍රථම ආදරේ ඇති වෙන්නේ වයස අවුරුදු කීයෙදි විතරද?

මතකෙ හැටියට මට දහනවයක් හෝ විස්සක් වගේ වෙද්දි.

ඒ තරුණයාට ඔබේ සිත ඇදී ගියේ ඇයි?

සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගෙන් මං දකින්න  කැමැතිම ගුණාංගය තමයි තැන්පත්කම. කෑකෝ ගහන කලබලයෙන් වැඩ කරන රැඩිකල් පිරිමින්ට මං එච්චර ප්‍රියමනාප නැහැ. ඔහු තැන්පත් තරුණයෙක්. මගේ හිත ඇදිලා ගියේ ඒ ගති ගුණයට.

එතකොට ඒ ආදරය බිඳිල ගියේ?

අනේ මන්ද, මොන මොනවා හරි හේතු තිබුණා. ඒ කාලේ මට හරියට කේන්තිත් යනව. දැන් නම් ඒ තත්ත්වය සියයට අසූවකින් විතර අඩු වෙලා තියෙන්නේ. කොහොම කොහොම  හරි ඒක බිඳිලා ගියා.

ප්‍රථම ආදරේ ගැන මතක් වෙද්දි ඔබට සතුටක් ද දුකක් ද ඇති වෙන්නේ?

මං පරණ දේවල් ගැන මතක් කරලා දුක් වෙන හා සතුටු වන කෙනෙක් නෙවෙයි. ප්‍රථම ආදරේ මතක් වෙද්දි විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නැහැ.

හිමායා අන්තිමට අඬපු දවස කවදද?

මං ෆෝන් එකෙන්  අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉද්දි වැඩිහිටි නිවාසෙක වීඩියෝ එකක් දැක්කා. ඒවායේ ඉන්නේ තනි වෙච්ච වැඩිහිටියොනෙ. මං ඔවුන්ව දැකලා දුක හිතිලා ගොඩක් ඇඬුවා. එදා දවස පුරාම මම සැරින් සැරේ ඔවුන් මතක් වුණා. මතක්වෙන සැරයක් ගානෙ ඇස්වල කඳුළු.

ඔබට ලෝකයේ යම් දෙයක් වෙනස් කරන්නට අවස්ථාවක් ලැබුණොත්?

මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්නේ නැහැ. සොබා ධර්මයට මිනිස්සු ආදරය කරන්නේ නැහැ.  ඇයි එහෙම වෙන්නේ. මිනිස්සු විදිහට හැමෝම හැමෝටම ආදරය කරන්න ඕන නේද. අන්න එහෙම තත්ත්වයක් ඇති කරන්නට උත්සාහ ගන්නවා මට අවස්ථාවක් ලැබුණොතින්.

ඔබට සැරටම කේන්ති යන්නෙ මොන වගේ අවස්ථාවලදීද?

මං අර කලින් කිව්වා වගේ් මගෙ කේන්ති යාම දැන් ගොඩක් අඩුයි. ඒකට ප්‍රධානම හේතුව පහුගිය කාලේ මං  සෑහෙන්න බෞද්ධ පොතපත කියෙව්වා. බෞද්ධ දර්ශනයට වඩාත් සමීප වුණා. කේන්ති යාම පාලනය කරගත්තා. යම් අසාධාරණයකදී යම් කිසි කේන්තියක් ආවොත් මිසක් වෙන වෙලාවල්වලදී කේන්ති යනවා අඩුයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.